IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘‘පාසල් විවෘත කිරීමට සෞඛ්‍ය නිර්දේශ බලධාරීනට දෙන්න‘‘

(සුජිත් හේවාජුලිගේ)

සෞඛ්‍ය අංශ විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට බාර දෙනු ලැබ ඇති පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය නිර්දේශ ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන්ට සෘජුවම යොමු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට අද උපදෙස් දුන්නේය.

මෙසේ උපදෙස් දුන්නේ කොවිඩ් කමිටු විශේෂ රැස්වීමේදීය.

මෙම රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණ.

යුනිසෙෆ් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන මෙන්ම මෙරට ළමා රෝග විශේෂඥයන්ද පාසල් විවෘත කිරීමට එන්නත්කරණය අවසන් වනතුරු සිටීම අවශ්‍ය නොවන බව පෙන්වාදී ඇතැයි විශේෂඥ වෛද්‍යවරු මෙහිදී පැවැසූහ.

දරුවන්ගේ අධ්‍යාපනය බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සඳහා කඩිනමින් පාසල් සහ පෙර පාසල් යළි විවෘත කළ යුතු බවත් නිසි සෞඛ්‍ය නිර්දේශ යටතේ ඒ සඳහා කටයුතු කළ යුතු බවත් ඔවුහු පෙන්වා දුන්හ.

මෙහිදී මවුපියන්ගේ කැපවීම සහ සැලකිලිමත් බව ඉතා වැදගත් බවද විශේෂඥ වෛද්‍යවරු ප්‍රකාශ කළහ.

පාසල් පවිත්‍රකරණය සහ විෂබීජහරණයේදී පළාත් පාලන ආයතනවල සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සෘජු දායකත්වය ලබා ගැනීමටද තීරණය කෙරිණි.

 



අදහස් (4)

‘‘පාසල් විවෘත කිරීමට සෞඛ්‍ය නිර්දේශ බලධාරීනට දෙන්න‘‘

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 25 September 2021 08:24 AM

මේ තරම් උපදේශකත්වයෙන් ඉහළ පෙළේ තීන්දු තීරණ ගන්නා මෙතුමා කෝවිඩ්, කෝවින් යනුවෙන් වෙනස් කිරීමක් ගැන දැක්වෙන වීඩියෝවක් යූටියුබ් එකේ තිබෙනවා දුටුවෙමි. කෝවිඩ් ගැන කළයුතු අත්හදා බැලීම් පිළිබඳව මෙතුමා විසින් දක්වන අදහස් එහි දැක්වේ. පුදුමය වන්නේ.., ඒ ක්‍රමවලින් රෝගය වර්ධනය වූයේ, කෙසේද යන්නයි. ඒ බව මුඛ ආවරණය හරිහැටි නොදැමීම තුළින්ද හොඳහැටි ප්‍රදර්ශනය වේ.

:       1       5

Lalith M Saturday, 25 September 2021 02:37 PM

හරිහැටි පාසල් අධ්‍යාපනයවත් හමාර නොකල ප්‍රාඥයින්... මේ තමයි නියම වියත්මග... ඉවසන්න මිත්‍රවරුනි. ලක්ෂ 69 ක අපේක්ෂාව අනාගත්ත පාලනය...

:       0       5

ගමේ එකලා Saturday, 25 September 2021 03:31 PM

මා හරි උගතා, මා හරි ජගතා කියන සින්දු කෑල්ලකුත් මතක් වුණා. හත් මොලේ කෙසේ වෙතත්, හත් පොලේ නම් ගාගෙනයි ඉන්නේ.

:       0       3

Sriland Saturday, 25 September 2021 04:08 PM

පාසල් විවෘත කිරීමත් හරියට පාස්කු ප්‍රහාරයේ වාර්තාව වගේ.. අරයා මෙයාගෙන් ඉල්ලගන්න කියනවා, එයා මෙයාට කියනවා. අනික බලයක් ජනාධිපතිට අපි අරන් දුන්නේ NGO කාරයින්ට තීරණ ගන්න නෙවෙයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 619 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 504 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 123 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1743 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site