(මහේෂ් කීර්තිරත්න)
මාතලේ සහ උකුවෙල නගර අවට ප්‍රදේශවල පාසල් සිසුන්ට බාබුල් සහ මාවා පුවක් විකුණු වෙළඳසැල් රාශියක් වටලා සැකකරුවන් අටදෙනෙකු අද(01) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ පහක පමණ මත්පුවක් කිලෝ 27කට අධික ප්‍රමාණයක් සැකකරුවන් සමඟ පොලිසිය බාරයට ගෙන ඇත.
මත්පුවක් විකිණූ වෙළඳසැල් හිමිකරුවන් සහ ඒවායේ සේවය කරන්නන් අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව පොලිසිය පවසයි.
මාතලේ මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගන්නා ලදී.
මාතලේ නගරයේ අඹගහ බස්නැවතුම්පොළ අසළ, නුගගහ බස්නැවතුම්පොළ අසළ, රෝස වීදිය, ගොංගාවල බස්නැවතුම්පොළ, ධර්මපාල මාවත යන ස්ථානවල කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මත් පුවක් වෙළඳසැල් කිහිපය වටලා ඇති බව පොලිසිය කියයි.
මෙම මත් පුවක් විකුණන බවත් මෙය මර්දනය කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් උසස් පොලිස් නිලධාරීයෙක් කියයි.
සැකකරුවන් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පාසල් සිසුන්ට මත්පුවක් විකිණූ 8ක් අත්අඩංගුවට
රවින් Tuesday, 01 October 2019 11:05 AM
මොන අධිකරණද? මත් වෙලා මැරෙනකම් කැව්වනම් ආයේ කවුරුත් පාසල් දරුවන්ට මත් ද්‍රව්‍ය විකුණන එකක් නැහැ. ආපහු එළියට ඇවිත් කරන්නෙත් මත් ද්‍රව්‍ය විකුණන එක තමා.