IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පාසල් සිසුවාට රජකාලේ දඬුවමක් දුන් ගුරා පැන යයි

(ආනන්ද ඉ ජයකොඩි)

වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලීය ජාතික පාසලේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවකුට එම පාසල තුලදී   ඉතා අමානුෂික ලෙස  එස්ලෝන් බටයකින්  පහරදී තුවාල සිදු කොට සැඟව ඇතැයි වේයන්ගොඩ පොලීසිය පවසයි.

පහර කෑමෙන් තුවාල සිදු වී ඇති දරුවා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත්කර සිටින බවද පොලීසිය කීය. එසේ රෝහල් ගත කොට ඇත්තේ එම පාසලේ 13 වසර ඉගෙනුම ලබන වේයන්ගොඩ ප්‍රදේශයේම පදිංචි දරුවෙකි.

එම දරුවා ඉකුත් 10 වැනිදා අධ්‍යාපන කටයුතුවලට සහභාගී නොවූ බව කියමින් සැකකාර ගුරුවරයකු ඉතා අමානුෂික ලෙස එස්ලෝන් බටයකින් පහරදී තුවාල සිදු කොට ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇති බව වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතා පැවසීය.

නිට්ටඹුව හුඹුටියාව ප්‍රදේශයේ පදිංචි එම සැකකාර ගුරුවරයා මේ වන විට පදිංචි නිවසින් පැන ගොස් ඇති බවද පොලිස් ස්ථානාධිපතිවරයා කීය.

 

 

 



අදහස් (11)

පාසල් සිසුවාට රජකාලේ දඬුවමක් දුන් ගුරා පැන යයි

Raveen Sunday, 12 December 2021 12:48 PM

රජකාලේත් එස්ලෝන් බට තිබ්බද ?

:       1       23

ලලිත් අම්බලන්ගොඩ Sunday, 12 December 2021 12:54 PM

කථා දෙකක් නැහැ.. මෙයා නම් ටියුෂන් කාරයෙක් වෙන්න ඇති...

:       2       10

kamalSunday, 12 December 2021 01:10 PM

පුද්ගලික අධ්‍යාපන කඩේකින් උපාධියක් ගත්ත කෙනෙක් වෙන්න ඕනෑ. රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගත්ත කෙනෙක් මෙහෙම හැසිරෙන්නේ නැහැ. ඒ ගොල්ලන්ව මනුස්සයින් කරලයි එළියට දාන්නේ...

:       8       6

සුරංගි Sunday, 12 December 2021 01:42 PM

කමල් දන්න ඉටිගෙඩිය. උන්දැගේ කාලේ පුද්ගලික ආයතන වලින් උපාධි දුන්නේ නැහැ. මම දන්නා විදියට එයත් ඔයාගේ විශ්ව විද්‍යාලයේ අයියා කෙනෙක්...!

:       4       9

kapilaSunday, 12 December 2021 05:29 PM

මොහු අනිවාර්යයෙන්ම හිස මතට ටයර් පෙරලීමෙන්, කුණුහරුපයෙන් බැනීමෙන්, ඇඳන් යට රිංගවීමෙන් පන්නරය ලත්, රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගත්ත කෙනෙක් විය යුතුයි...

:       0       6

rocky Sunday, 12 December 2021 02:00 PM

ගුරා දේශපාලුවන්ගේ හෙංචයියෙක් වෙන්න ඇති. එයාට විදුහල්පති හැටියට උසස්වීමක් ලැබේවි... වෙන ඉස්කෝලෙකට...!!!

:       0       6

චන්දන Sunday, 12 December 2021 02:10 PM

එස්ලෝන් බටයකින් ගැහුවාම ඒක කැඩෙනවා මිසක් තුවාල වෙනවද?.

:       10       2

සමන් සිල්වා Sunday, 12 December 2021 04:41 PM

වරදකට දඬුවම් කිරිම වරදක් නෙමේ. අනාගතයේ හැංගෙන්න වෙන්නේ ගුරුවරුන්ට නෙමේ... මහජනයාටයි. දැන් ගොඩක් පාසල්වල ගුරුවරු දඬුවම් කරන්නේ නෑ. ඒවායේ ප්‍රතිවිපාක තමයි තැනතැන සිදුවන මිනීමැරුම්...

:       5       3

මොට්ටපාල Monday, 13 December 2021 06:07 AM

ජාතක කතාවක තියෙනවා රජ කුමරෙකු තල හොරෙන් කාලා දිසාපාමොක් ඇදුරුතුමා දඩුවම් කිරීමක් ගැන .ජාත්‍යන්තර නීති නිසා දරුවන්ට දඩුවම් නොදුන්නොත් වෙන්නෙ ඔක්කොටම සැඟවී සිටීමටයි

:       0       0

Soma dubayi Sunday, 12 December 2021 05:59 PM

මොකක්ද මේකේ වැරැද්ද? අපේ කාලේ මීට වඩා දඬුවම් දුන්නු ගුරුවරු හිටියා..

:       3       5

c Sunday, 12 December 2021 10:40 PM

1980 ගණන් වලත් ඔහොම අය හිටිය

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 2 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
2025 පෙබරවාරි මස 05 26 0

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.


විටමින් පෙත්ත සිසුන් 18 රෝහලට යවයි
2025 පෙබරවාරි මස 05 91 0

පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා


රටේ හැමෝම නීතියට යටයි
2025 පෙබරවාරි මස 05 350 0

ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.


මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි
2025 පෙබරවාරි මස 05 516 2

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


විපක්ෂයේ හැමෝම සජිත්ගේ නිවෙසට
2025 පෙබරවාරි මස 05 607 3

පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 771 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 739 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site