(ඩී.කේ.රත්න)
කිතල්ඇල්ල සහ බොරලන්ද ප්‍රදේශයේ ගම්වැසියෝ පිරිසක් අද (31) බණ්ඩාරවෙල හීල්ඔය ප්‍රධාන මාර්ගය අම්පිටිය මංසන්ධියෙන් අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.
පෞද්ගලික බස් රථයක දී 14 හැවිරිදි පාසල් සිසුවියක් කොන්දොස්තරවරයකු අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් මොවුහු මෙලෙස විරෝධතාවයේ නිරත වෙති.
බණ්ඩාරවෙල සිට කිතල්ඇල්ල දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථයක වීදුරු සම්පූර්ණයෙන්ම අදුරු ආලේප කර ඇති අතර මෙම පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා සිසුවිය බස් රථය තුළදී අපයෝජනයට ලක් කර ඇතයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මේ සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය විසින් කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
නමුත් මෙම මාර්ගයේ ධාවනය වන මෙම බස්රථ පිටතට නොපෙනෙන පරිදි වීදුරුවල අදුරු ආලේප කර ඇති බැවින් මෙම බස්රථවල ගමන් කිරීම කාන්තාවන්ට හා සිසුවියන්ට නොකළ හැකි බවත් එම නිසා මෙම බස්රථ දෙක ධාවනයෙන් ඉවත් කර විසඳුමක් ලබා දෙන ලෙසත් ගම්වැසියෝ ඉල්ලති.
බණ්ඩාරවෙල සහ ඇල්ල පොලීසිය ඒකාබද්ධව ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පාසල් සිසුවිය අපයෝජනය කළාට කිතල්ඇල්ලේ උද්ඝෝෂණ
janabala asamagi Monday, 31 August 2020 08:12 AM
බෝර්ඩ් ලෑලි අල්ලන් ඉන්නේ.. ඔය ගමේ කොන්ද තියෙන පිරිමි නැතිද? බැරිම නම් වහාම ජනාධිපති කාර්යාලය හරහා හෝ දන්වා පියවර ගන්න. දරුවන්ට මෙසේ අපයෝජනය කිරීමට ඉඩ නොතැබිය යුතුය.
sk Monday, 31 August 2020 09:26 AM
කෝ මේ ගැමුණු මාවතේ... සද්දයක්වත් නෑ..
gayan Monday, 31 August 2020 09:32 AM
අඳුරු වීදුරු බස්රථ ඉවත් කරන්නත් ජනතාව පාරට බහින්න ඕනෙද? ඔය පළාත් වල පොලිසිය බම්බු ගැහුවද මෙච්චර කල්...?
Champa Monday, 31 August 2020 10:51 AM
බොහොම හොඳයි. ඔය තියෙන්නේ. ඔන්න ඔහොම පටන් ගන්න. කාන්තාවන්ට සහ දරුවන්ටත් මානව හිමිකම් තියෙන බව මේ රටේ උඩ ඉඳන් පහළට ඉන්න ගෝත්‍රික පිරිමි දැනගන්න ඕනේ. දරුවන්ගේ ළමා කාලය අමානුෂික, නින්දිත, පිළිකුල් විදිහට උදුරා ගන්න කිසිම පිරිමියෙක්ට අයිතියක් නැහැ. ඒ වගේම කාන්තාවන් සහ දරුවන් අපයෝජනය කරන නරුමයන්ට විවිධ උසාවි වල විවිධ දඬුවම් දෙන එකත් නතර වෙන්න ඕනේ. හැම අපරාධකාරයෙක්ටම එකම ඉහළම දඬුවම දෙන්න ඕනේ...