කොරෝනා ව්‍යාප්තිය පාලනය වීමත් සමඟ රට පුරා පාසල් අධ්‍යාපන කටයුතු ඇරැඹිමේ දෙවැනි අදියර හෙට ( 06) ශ්‍රේණි තුනකට අදාලව ඇරැඹිමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
ඒ අනුව 13 , 11 සහ 5 යන ශ්‍රේණි සිසුන් පමණක් හෙට පාසලට කැඳවීමට නියමිතය.
පාසල් ආරම්භයේ පළමු අදියර පසුගිය ජුනි 29 වැනිදා ඇරැඹි අතර එහිදී සිසුන්ගේ කැඳවීමක් සිදු නොකළ අතර සියලු පාසල්වල විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් සහ පාසල් කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් පමණක් කැඳවීම සිදුකර තිබිණි.
එහිදී පාසල් පරිශ්‍ර පවිත්‍ර කර ගැනීම, විෂබීජහරණය, දෑත් සේදීමේ පරිශ්‍ර සහ ගිලන් කාමර සූදානම් කිරීම ඇතුළු සෞඛ්‍යාරක්ෂක පහසුකම් සකස් කරගැනීම මෙන්ම, සිසු දරුවන් පාසලට කැඳවීමෙන් පසු ඉගෙනුම් ක්‍රියාවලිය පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් පූර්ව කටයුතු සැලසුම් කිරීම විදුහල්පතිවරුන් ප්‍රමුඛ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සූදානම් විය යුතු ආකාරය පිළිබඳව ජූලි 05 වැනිදා තෙක් උපදේශන පුහුණු ලබා දීම සිදු කෙරිණි.
එමෙන්ම පාසල් ආරම්භයේ තෙවැනි අදියර ජුලි මස 20 වැනිදායින් ආරම්භ කෙරෙන අතර, 12 සහ 10 වැනි ශ්‍රේණි දරුවන් එහිදී පාසල් වෙත කැඳවනු ලබයි. ජූලි 27 වැනිදා සිට හතරවැනි අදියරේ පාසල් කටයුතු ආරම්භ කෙරෙන අතර එහිදී 3, 4, 6, 7, 8, 9 ශ්‍රේණි සිසුන් කැඳවීමට නියමිතය.
1, 2 ශ්‍රේණි සිසුන්ට පාසල් නැවත ආරම්භ කරන දිනය ඉදිරියේදී දැනුම් දැනුම්දීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි .
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වනවිටත් සියලු පළාත් සහ කලාප බලධාරීන් මෙන් ම පාසල් ප්‍රධානීන් මේ සම්බන්ධ සියලු කාරණා පිළිබඳව දැනුම්වත් කර ඇත.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා චක්‍රෙල්ඛයක් නිකුත් කර තිබෙන අතර සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශද සැළකිල්ලට ගනිමින් සිසුන්ගේ සෞඛ ආරක්ෂාව තහවුරුවන පරිදි පාසල් පවත්වාගෙන යාම සඳහා සියලු කටයුතු සිදු කිරීමට පාසල් ප්‍රධානීන් කටයුතු කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
එමෙන්ම පාසල් විවෘත කිරීම සම්බන්ධ ව යෝජිත ව ඇති විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන මෙම කාලය තුළ පාසලට ගුරුවරුන් පැමිණීමේ දී තමන්ට නියමිත කාලසටහන් අනුව අදාළ කාලපරිච්චේද තුළ ඉගැන්වීමට පමණක් පාසල තුළ රැඳීම ප්‍රමාණවත් වන බවත්, විදුහල්පතිවරයා විසින් අතිරේක කාර්යයන් පවරා ඇති අවස්ථාවක හැර, සියලු ගුරුවරුන් පාසල් තුළ පස්වරු 3.30 දක්වා රැඳී සිටීම අත්‍යවශ්‍ය නොවන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
පාසල් ආරම්භය උදෑසන 7.30 ට සිදු වන අතර විදුහල්පතිවරයා විසින් සකස්කරන ලද කාල සටහනට අනුව දහවල් 1.30 ට හෝ 3.30 ට පාසල් කාලය නිමා කළ හැකි බවද අමාත්‍යංශය කියයි.
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මූතූර් තාහා නගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා මරා දමා දැරියකට තුවාල කර ඇතැයි මූතූර් පොලිසිය කියයි .
බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
ප්‍රසිද්ධ රැප් ගායකයකු වන බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ අද (14) දින අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පාසල් හෙට සිට ඇරැඹෙයි