IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


පාසල් ළමුන් ප්‍රවාහන සේවා වලින් රියැදුරෝ ඉවත්වෙති

(එම්.සුසිල් ප්‍රියන්ත)

 

පාසල් හෙට (6) පටන් ගත්තද  පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමෙන් තමන්  ඉවත්වන බව සමස්ත ලංකා අන්තර් පලාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා  අද (5) පැවසීය.

සිය සංගමය ගත් වෘත්තීය ක්‍රියා මාර්ගය පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීම නිමිත්තෙන් අම්බලන්ගොඩදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රසාද් මහතා එසේ කීවේය .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ කීය.

පාසල් හෙට (6 ) පටන් ගත්තත් පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමට සිය සංගමයේ කිසිදු බස් රථයක් ධාවනයට එක් කරන්නේ නැහැ. එහේම බස් රථ ධාවනය කලොත් අපිට ලොකු පාඩුවක් කරන්න වෙනවා. හෙට (6) පාසල්  පටන් ගන්නේ ශ්‍රේණි තුනක  දරුවන් වෙනුවෙනුයි.  පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් , අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින හා  උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් විතරයි.

ඒ දරුවන් වෙනුවෙනුත් වෙලාවල් දෙකක දී පාසල පටන් ගන්නෙත් ඇරෙනෙත් . එතකොට  අපේ බස් රථවල යන්නේ ඉතාමත් අඩු ළමුන් සංඛ්‍යාවකුයි. ඒ ළමයි ටික විතරක් ප්‍රවාහනය කරලා අපිට යන පිරිවැය දරන්න බැහැ. ඒ නිසයි අකමැත්තෙන් හරි මේ තීරණය ගත්තේ.

මේ ළමයි ටික අපේ බස් රථවලින් ප්‍රවාහනය කරන්න සිදු වෙනවා නම් ඒ ක්‍රම දෙකක් අනුගමනය කරන්න අපිට සිද්ධ වෙනවා. එක ක්‍රමයක් තමයි පාසලට නාවත් අපේ බස් රථවලින් කලින් පාසල් ගිය සියලුම ලමුන්ගෙන් ගාස්තු අය කිරීම දෙවැනි එක තමයි යන සීමිත ළමුන්ගෙන  අපිට වැයවෙන පිරිවැය සදහා වෙනදා අය කරන ගාස්තුවට වැඩියෙන්  මුදල් අය කිරීම .

මේ ක්‍රම  දෙකම අසාධාරණ නිසා අපේ සංගමය තීරණය කළා සියලුම ළමුන් සදහා පාසල විවෘත කරන තෙක් සිය බස් රථවලින් පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමෙන් වළකින බවද  ඔහු කීවේය.

සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සංවිධායක රුවන් ප්‍රීති කුමාර මහතාද මෙහිදි අදහස් දැක්වීය.



අදහස් (13)

පාසල් ළමුන් ප්‍රවාහන සේවා වලින් රියැදුරෝ ඉවත්වෙති

මුණසිංහ Sunday, 05 July 2020 12:30 PM

මෙන්න රටට ආදරේ තියෙන දරුවන් කෙරෙහි මානව දයාවෙන් බලන අය... අපිට පේනවා මෙයාලා ළමයින් පටවගෙන වාහන වල යන හැටි. ඇතුලේ ඉන්නේ පොඩිවුන් කියල හිතන්නෙත් නෑ. පිම්මේ යන්නේ පාරවල්වල. දෙමාපියන් මේවා දන්නේ නැතුව ඇති. මේ වාහන වල සිදුවන අපචාර අනන්තයි. මෙවැනි අය ඉන්නකම් රටක් ඉදිරියට යන්නේ කොහොමද?

:       746       1534

vinividaSunday, 05 July 2020 03:17 PM

ඔබ කියා ඇති සියලුදේට පසුගිය රජය මගින් විසඳුම් ඉදිරිපත් කර තිබිණි. ළඟම පාසල, හොඳම පාසල සංකල්පය නිසි ආකාරයට ක්‍රියාත්මක කිරීම සිදුවූයේ නම් ඔබගේ අදහසේ ගැබ්ව ඇති සියලු දෝෂාරෝපණ වලට පිළිතුරු ඇත. පාසල් සිසුන්ට පාසල් නිලඇඳුම ලබාදීමේදී තිබූ සියලු දූෂණ නවතා දෙමාපියන් කැමති ආකාරයට රෙදි ලබාගැනීමට මුදල් කළහැකි කූපනයක් ලබාදීම සහ සුරක්ෂා insurance ක්‍රමය පාසල් සිසුන්ට ලබාදීම වැනි ක්‍රියාවන් පසුගිය රජයේ අධ්‍යාපන ඇමතිවරයා ක්‍රියාවට නැංවූයේ මක්නිසාද කියා අද ඔබම තේරුම් ගන්න. බොහෝදේවල වටිනාකම දැනෙන්නේ එම දේවල් ඔබට නැතිව යන අවස්ථාවන්හිදී බවත් අමතක නොකරන්න...

:       2       20

චින්තක Monday, 06 July 2020 05:05 PM

මොට්ට කතා කියන්න එපා... ඒ ළඟම පාසලට හරි ළමයි යන්නේ ඔහේගේ කරත්තේ නැගලාද?

:       0       0

RaveendraMonday, 06 July 2020 02:59 AM

ඔබගේ අදහස් අප අගයන්නෙමු. මේ අයත් වැඩි දෙනෙකු තොත්ත බබාලා. ඒ කෙසේවෙතත් අපරාදේ කියන්න බැහැ මේ අය හොඳට සංවිධානය වෙලා තියෙනවා... එකම විදියේ T- Shirt ඇඳගෙන ලස්සනට "කාට හරි කෙනෙකුට"කඩේ යන බවක් නම් ඉතාමත් හොඳින් පැහැදිලි වෙනවා..

:       0       50

theshan Sunday, 05 July 2020 04:22 PM

මොනවා නැතත් ලංකාවේ හතු පිපෙන්නා වගේ සංගම් නම් තියෙනවා...

:       0       1

Rohana Sunday, 05 July 2020 04:22 PM

ප්‍රවාහන සේවය පුද්ගලික ව්‍යාපාරයක් වීමේ අවාසිය මෙයින් පැහැදිලිව පෙන්නුම් කරයි. පාඩුවට ප්‍රවාහන සේවය ලබාදීමට කිසිම රථවාහන හිමියෙක් කැමති නැත. කොරෝනා වසංගතය සම්පූර්ණයෙන් පහවනතුරු මෙවැනි ප්‍රශ්නවලට විසඳුම් සෙවීම ඉතා අසීරුයි.

:       1       1

දිලාන් Sunday, 05 July 2020 08:01 PM

ඉතින් ඉවත්වෙන්න කියමු. ඉවත්වෙලා ගෙදරම ඉන්න කියමු. මේ දිනවල රස්සා නැතුව ඉන්න සුදුසු රියදුරන් පිරිසකට රජය මූලිකව යම් වාහන ණයක් ලබාදීලා ඔවුන්ව මේ වෘත්තියට යොමුකරමු. මේ වගේ වෙලාවකවත් තමන්ගේ සාක්කුවම නොබලා රට ගැන බලන්න බැරි කුහක මිනිස්සු ගෙදරම තියමු...

:       0       2

lion Monday, 06 July 2020 12:13 AM

මේ තමයි CTB එක නැතිකරලා හැම දෙයක්ම පුද්ගලිකකරණය කිරීමේ විපාකය... බොහෝ රටවල ගමනාගමන සේවය කරන්නේ රජයෙන්.. එය අත්‍යාවශ්‍ය කාරණයක් නිසා. මේ මිනිස්සුන්ට බනින්න බැහැ. අපි දුවනවද අපේ වාහනයක් පාඩුපිට...? ජේ.ආර්. ලා දුරදිග නොබැලූ එකේ විපාක තමයි මේ...

:       10       1

කමනි Monday, 06 July 2020 01:04 AM

හරියට හරි. මේ අය ළමයි අරන් යන්නේ බ්‍රොයිලර් කුකුල් පැටව් අරන් යනවා වගේ. දරුවන්ගේ ආරක්ෂාව ගැන තැකීම බිංදුවයි. මේ අබලන් වාහනවල සිදුවෙච්ච අනතුරුවලින් දරුවෝ කී දෙනෙක් මැරුණද? ප්‍රයිවට් බස් ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා. මේ අය දරුවන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා. දරුවන්ගේ ජීවිත ගැන වගකියන දියුණු රටවල පාලකයින් මෙහෙම හරක් පට්ටි වගේ දරුවන් ප්‍රවාහනය කරන්න ඉඩදීලා නැහැ. කිසිම රජයකට මේවා විධිමත් කරලා දරුවන් ආරක්ෂා කරන්න බැරි වුනේ ඇයි?

:       0       54

Denin Monday, 06 July 2020 01:17 AM

මෙයින් පෙනෙන්නේ ළඟම පාසල හොඳම පාසල බවයි.

:       0       49

සමන්ත Monday, 06 July 2020 01:54 AM

දෙමව්පියන් වශයෙන් පාසැල් සියල්ල ආරම්භ වූූූ පසුව මේ බස්රථ ප්‍රතික්ෂේප කළ යුතුයි. ස්වයං රැකියාවක් කරන මේ පිරිස මාසේ පඩි ගන්න අය වගේනේ හැසිරෙන්නේ. දෙමව්පියන් වශයෙන් මේ අයගේ බස්රථ ප්‍රතික්ෂේප කර ඔබටත් යමක් කළ හැකි බව පෙන්වා දෙන්න. එය තමයි කළයුතු හොඳම දේ...

:       0       1

jayath Monday, 06 July 2020 03:30 AM

මේ " ඊනියා ස්කූල් වෑන් " කාරයින් තරම් හිතක්, පපුවක් නැති ජාතියක් තවත් නැහැ. ඕක හින්දමද කොහෙද මේ අයගෙන් කවුරුවත් නැහැ නොවැ හොඳට ජීවත්වෙන කෙනෙක්... කිසිම හිතක් පපුවක් නැති විදියට මුළු නිවාඩු මාසයටම සල්ලි ගන්නවා. අරගෙන ඒ කාලේ ‘‘ට්‍රිප් හයර්" දුවලා හම්බකරනවා...! ශුද්ධ ලාභයි ඇහුවොත් කියාවි ෆිනෑන්ස් තියනවා කියලා ඒවා තියෙන්නේ මේ අයට විතරද? මේ වගේ ඒවාට තමයි කැලෑ නීතිය හරි ඕන වෙන්නේ... නැත්නම් ජේ.ආර්. වගේ කොන්දක් තියන කෙනෙක්...

:       0       36

Pfas e Monday, 06 July 2020 03:56 AM

මේ සේවාව අපිට අවශ නැහැ.... ස්තුතියි..!! 

:       0       35

ඔබේ අදහස් එවන්න

 

දියත

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 261 0

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 994 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 226 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1693 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2082 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 203 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site