(යොහාන් භාසුර)
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහත වැටීමට සමගාමීව ඉන්ධන මිල අඩු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ලිපියක් මගින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි.
ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 62.14 ක් දක්වා ඊයේ (20) වන විට පහත බැස තිබූ බවත් කී රංජිත් විතානගේ මහතා මෙරට අවසාන ඉන්ධන මිල සංශෝධනය කරනු ලැබූ පසුගිය ජූනි 11 වැනි දින බොරතෙල් බැරලයක මිල සහ අද වන විට බොරතෙල් බැරලයක මිල සංසන්දනය කිරීමේදී ඇමරිකානු ඩොලර් 8.77 ක් අඩුවී එය ප්‍රතිශතයක් සියයට 12 ක් බවත් සඳහන් කරයි.
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළයාම හේතුවෙන් වර්තමාන මුදල් අමාත්‍යවරයා පත්වීමට පෙර මෙරට ඉන්ධන මිල ඉහළ දැමූ බවත් ඒ වන විට ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 70.91 ක් වූ අතර පසුගිය ජූලි මස 30 වන දින විට බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 73.95 ක් දක්වා ඉහළ ගියද ඉන්පසු බොරතෙල් බැරලයක මිල සීඝ්‍රයෙන් පහත වැටුණු බවත් ඒ මහතා පෙන්වා කියයි.
මෙරට ඉන්ධන පාරිභෝගිකියින්ට දැනෙන ඉන්ධන සහනයක් ලබාදීම සදහා මෙරට ඉන්ධන මිල අඩුකළ හැකි බව පෙනී යන බවත් ලෝක වෙළදපොලේ බොරතෙල් මිල අඩුවීමේ වාසිය ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ලබා ගැනීම නිසා එම සමාගම අධික ලෙස ලාභ ලැබීමෙන් මෙරට මුදල් විදේශ රටවලට ඇදීයාම සිදුවන බවත් විතානගේ මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි.
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘‘පහත වැටුණු ඉන්ධන මිලේ සහනය පාරිභෝගිකයාටත් දෙන්න‘‘
Rohana Saturday, 21 August 2021 09:36 PM
මේ ආණ්ඩුව යටතේ ලෝකතෙල් මිල බින්දුවට බැස්සත් දේශීය වෙළඳ පලේ සතයක්වත් අඩු නොකරන බව ස්ථිරයි. මිල සූත්‍රයට මොවුන් විරුද්ධ වුණෙත් අඩුවනවිට අඩු නොකර සිටීමටයි...
gagana Saturday, 21 August 2021 10:23 PM
වැටෙන වැටෙන වෙලාවට පාරිභෝගිකයාට අඩුකරන්න පුළුවන් ඔහෙලා දේශීය ආදායම් බදු ගෙවනවනම්. කොරෝන නෙමෙයි රටේ හුලන් ගියත් රජයේ සේවකයෝ කියල ගෙවල්වල ඉඳගෙන පඩි ගන්නවා මදිවට ආදායම් බදු ගෙවන්නෙත් නෑ , නිකම් අධ්‍යාපනය ඉල්ලනවා, පෞද්ගලික අංශ ඉදිකරන්න දෙන්නෙත් නැහැ, ( අඩුගනනේ රටට පෞද්ගලික අංශවලින් ආදායමක් ලබා දෙනවා ), ඔක්කොම තමාගේ වාසියට ඉල්ලනවා. මේ රටට කෙලවෙලා තියෙන්නෙත් ඔය ආකල්ප නිසාම තමයි. දැන් දස අතට ණයවෙලා නය ගෙව්වා කියල කියා කියා ඩොලර් හිදවාගෙන හුලන් ගිහින් කරකියාගන්න දෙයක් නැතුව ඉන්න වෙලාවේ, මෙයට හේතුපාදක වූ මහා පරිමාන මුදල් වංචා සහ හොරකම් කරපු පාපතරයින් අල්ලලා හිරේ දැම්මනම් අපිට මේ රට ගොඩ ගන්න උත්සාහ කරන්න පුළුවන්. හොරකම සඳහා මහජන සේවය කිරීමට කියාගෙන එන එවුන්ට නිසි දඬුවම් කිරීමට කොන්ද පන තියෙන කෙනෙක් මෙරටට පහලවෙනකන්, අපි හැමදාම වල පල්ලේ තමයි.
සිල්වා Sunday, 22 August 2021 12:05 PM
මීට වඩා කොන්ද පණ තියන කෙනෙක් මේ රටේ සොයා ගන්නත් බෑ.. පවතින රජයට වඩා උගත්, බුද්ධිමත් කාර්යශූර රජයක් තවත් මේ රටට නැහැ. මේ පාලකයින්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමයි ඇත්තේ...
පුරවැසිය Saturday, 21 August 2021 11:00 PM
පිස්සු වැඩක්...
මුණසිංහ Sunday, 22 August 2021 07:42 AM
ඒ වාසිය ජනතාවට දිය යුතු වගෙම තවත් දේ තිබෙනවා . තෙල් මිල වැඩි කරනකොට දැන් ඔය කියන 73 කතාව කිව්වේ නැත්තෙ ඇයි ? එහෙනම් අපිට තෙරෙන්නේ මිල වැඩි කිරීම හරි කියල . අනෙක මම නම් IOC තෙල් ගහන්නේ නැහැ. තියෙන තැනකින් කල් ඇතිව සිපෙට්කෝ තමා ගහන්නේ . ඉතිං හැමෝම එහෙම කරමු .
kamal Sunday, 22 August 2021 09:24 AM
මේ නන්දසේනට කඩේ යනවා නෙමෙයි.. ඉන්ධන මිල පහත දැමීමෙන් මේ රටේ වැඩිවුණු බඩුමිල අඩුවුණේ නැහැ. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ උගතුන්ට නොතේරෙන්නේ ඉන්ධන මිල අඩු කිරීමෙන් ඉන්ධන පරිභෝජනය ඉහළ යනවා. ඒකෙන් ලංකාවේ මුදල් පිටරටට ඇරියාම වේගවත් වෙනවා. මේවගේ කාබාසිනියාකාර යෝජනා කරන්නේ මොලේ වැඩිවෙලාද?
anura Sunday, 22 August 2021 09:35 AM
තෙල් නොමිලේ දෙන්න බැරිද? අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ පක්ෂ දෙක කරපු වංචා මුදල් එළියට දැම්මොත් ලංකාවේම ඉන්න ජනතාවට කෝවිඩ් එන්නත් 03 ම දෙන්න පුළුවන්.. මාස 02ක් කන්න දෙන්නත් පුළුවන්...
kamalSunday, 22 August 2021 10:54 AM
''සිංහලයා උපතින්ම කම්මැලි ජාතියක්'' 1660 දී රොබට් නොක්ස් කිව්වා දේ 2021 දීත් සත්‍ය වේ.
SLSunday, 22 August 2021 11:18 AM
ඔක්කොම නිකන් දෙන්න කැට හොල්ලලා වෙන්න මයේ හිතේ ,
Gunda Sunday, 22 August 2021 10:47 AM
කළින් සැරයක් කියලා තියෙනවා ඉන්ධන මිල අඩුවුණාට ඒකේ වාසිය වහන අයිතිකාරයින්ට විතරක් දෙන්න බැහැ. දෙන්නේ සියලු ජනතාවට... සෞඛ්‍යය, අධ්‍යාපනය වගේ ඒවාට දීපුවාම සියලු රට වැසියන්ට වාසියි. මේක තේරෙන්නේ නැති මිනිස්සු ඩොලර් 10 කින් තෙල් බැරලය බැස්සාහම් ඉන්ධන සහනයක් ඉල්ලනවා. මෝඩ මිනිස්සු මොකක් හරි එකක් අටවාගෙන මහජනතාවමයි පෙළන්න හදන්නේ...
සිල්වා Sunday, 22 August 2021 12:19 PM
ඕං කිව්වා මසුරං කීම. උදාහරණයකට අධ්‍යාපනය දැන් වහලා හින්දා තෙල් මිල අඩු කලාම අධ්‍යාපනයට ලැබෙන වාසිය මොනවද.
Bamunuarachchi Sunday, 22 August 2021 07:56 PM
කොරෝනා නිසා රජයට ඇතිවූ අතිරේක වියදම ඔබ බාර ගන්නවාද. බැසිල් මහත්තයෝ මේ හාදයාගේ කන අතගාලා ඔය ටික අහන්න. මෙහෙමත් මැට්ටෝ ඉන්න රටකට හරියාවිද?