IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


පාහියන්ගල ලෙනට සමාන ​ඓතිහාසික ගල්ලෙනක් වලල්ලාවිට කඳු මුදුනක

(*** මතුගම බන්දු තඹවිට)

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් පාහියන් ලෙනට සමාන ඓතිහාසික පසුබිමක් ඇති තවත් සුවිශේෂී ගල්ලෙනක් කළුතර වළල්ලාවිට, ගුලවිට ප්‍රදේශයේ කඳු මුදුනකින් හමුවී තිබේ.

මෙය නූතන මානවයා මීට අවුරුදු 48,000කට පෙර ජීවත්වූ බවට සාක්ෂි හමුවී ඇති පාහියන් ලෙන තරම්ම පැරණි එකක් බවත්, එහිදී සිදුකළ මූලික පරීක්ෂණයේදී ප්‍රාග් ඓතිහාසික යුගයේදී මානවයන් පදිංචිවී සිටි බවට තොරතුරු සහ සාක්ෂි හමුවූ බවත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (කැනීම්), මධ්‍යම සංස්කෘතික අරමුදලේ දකුණු පළාත් භාර ව්‍යාපෘති අධ්‍යක්‍ෂ සහ ඕට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ආචාර්ය නිමල් පෙරේරා මහතා පැවසීය.

එහි මතුපිට පරීක්ෂාකිරීමේදී ශිලා මෙවලම්, ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ ආහාර කොටස්වල අවශේෂ, ගල් ආයුධ පාශාණභූතවූ ද්‍රව්‍ය ආදී සාධක හමුවූ බවද ඔහු සඳහන් කළේය.

වලල්ලාවිට, ගුලවිට ප්‍රදේශයේ කළු ගල් කොරියක් සඳහා බලපත්‍ර  ලබාදීම පිළිබඳව කරුණු සොයාබැලීමට ගිය පුරාවිද්‍යා නිලධාරීන් දෙදෙනකු එම ගල් කොරිය ආසන්නයේ පිහිටි මෙම ගල් පර්වතය දෙසට ගොස්  නිරීක්ෂණයකදී මෙම ගල්ලෙන සම්බන්ධයෙන් වාර්තා කර තිබේ.

ඔවුන් තමන්ට ලැබුණු තොරතුරු බස්නාහිර පළාත් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ එම්.පී.එන්. ද සිල්වා මහත්මිය වෙත යොමුකිරීමෙන් අනතුරුව අධ්‍යක්‍ෂවරිය හා පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා ස්ථානයට ගොස් මූලික පරීක්ෂණයක් කරන ලෙස කළ ආචාර්ය නිමල් පෙරේරා මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව ආචාර්ය නිමල් පෙරේරා මහතා එහි ගොස් මූලික පරීක්‍ෂාවක් සිදුකර මෙම තොරතුරු අනාවරණය කළේය.

එම ස්ථානයේ ඉතා වැදගත් ගල් ආවරණයක්, ගල් ඇන්දක් ඇති බව ද නිමල් පෙරේරා මහතා කීවේය.

එම ගල් ඇන්දෙහි පස් තට්ටුවල ප්‍රාග් ඓතිහාසික සාධක පවතින බැවින් එය ද වසර 48000 ක කාලසීමාවකට පෙර ප්‍රාග් ඓතිහාසික මානවයන් ජීවත්වූ නවාතැනක් බවට පෙනී යන බව ආචාර්ය නිමල් පෙරේරා සඳහන් කළේය.

දේශපාලන විප්ලවවලට සම්බන්ධවූවන් එම ගල්ලෙනෙහි සැඟවී සිටි බව ප්‍රදේශවාසීන් පවසන්නේ යැයි කී නිමල් පෙරේරා මහතා එසේම ප්‍රාග් ඉතිහාසයේද මෙහි මානවයන් පදිංචිවී සිටි බවට එම ස්ථානයෙන් තොරතුරු සහ සාක්ෂි ලැබෙන්නේ යැයි බව පැවසීය.

විශේෂයෙන්ම මෙහි මතුපිට පරීක්ෂා කිරීමේදී ගල් ආයුධ, ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ ආහාර කොටස්වල අවශේෂ ලෙස කැකුණ ආදීය හමුවූ බව ද ඔහු පෙන්වා දුන්නේය.

මෙම ස්ථානය අවට ගල් කැඩීමෙන් රටට තිබෙන ප්‍රාග් ඓතිහාසික උරුමය අහිමිවිය හැකි බවත්, ගල් කැඩීමට සිදුකරන පිපිරීම්වලින් මෙහි පාෂාණ තට්ටුවලට හානි සිදුවිය හැකි බවත් ඔහු කීවේය.

ගල් පිපිරීම නිසා කිසියම් කම්පනයක් ඇතිවුවහොත් එම පස් තට්ටුවලින් ප්‍රයෝජනයක් නොමැති බවත්, නියම තොරතුරු ලබාගත හැක්කේ නිරවුල් පස් තට්ටු අතරින් පොළොව දක්වා කැනීම් සිදුකිරීමෙන් බවත් ආචාර්යවරයා ප්‍රකාශ කළේය.

රටේ ඉදිරි පරපුර වෙනුවෙන් මෙවැනි ගල්ලෙන් ආරක්ෂා කළ යුතු බව කී ආචාර්යවරයා මෙම ස්ථානය අවට ගල්කැඩීම වහාම නැවැත්වීමට බලධාරීන් පියවර ගතයුතු බවද කීවේය.

පහත රට තෙත් කලාපයේ කෑගල්ල, රත්නපුර, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල ගල් ලෙන් ගණනාවක් පිහිටා ඇති බවත්, ඒ අතරින් කළුතර දිස්ත්‍රික්යේ ගල් ලෙන් විශාල සංඛ්‍යාවක් තිබෙන බවද ඔහු කීවේය.

දැනට හඳුනාගත් ප්‍රධාන ගල්ලෙනක් වන පාහියන් ලෙන දකුණු ආසියාවේ පැරණිම ජනාවාසය ලෙස හඳුනාගෙන තිබෙන බවද ආචාර්ය නිමල් පෙරේරා මහතා සඳහන් කළේය.

එහි වසර 48000 කට පෙර පැරණිම ජනාවාස තිබූ බවටත්, එහි ජීවත්වී ඇත්තේ හෝමෝ සේපියන් නම් නූතන මානවයා බවටත් හඳුනාගත් පාහියන් ලෙනේ ද සාධක බොහොමයක් හමුවූයේ එම ලෙනට යාබදව පිහිටි ගල් ඇන්දක් අසලින් බව හෙතෙම කියාසිටියේය.

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් රන්ජන් පී. පෙරේරා මහතා පැවසුවේ, මෙම ගල්ලෙන පිළිබඳව ආචාර්ය නිමල් පෙරේරා මහතා දැනුම් දුන් අවස්ථාවේදීම එම ස්ථානය අසල පවත්වාගෙන ගිය ගල් කොරියේ කටයුතු තාවකාලිකව අත්හිටවූ බවයි.

පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරී ඒ.ඩී.සී.මාලනී මහත්මිය සහ සංවර්ධන සම්බන්ධීකාරක එම්.ඒ.බී. ප්‍රසන්න මහතා සමග එම ගල් ලෙන පරීක්ෂා කිරීමට එම ස්ථානයට ගිය බවත්, එම ස්ථානය පැරණි මානවයා භාවිතා කළ ගල්ලෙනක් බවට සාක්ෂි‍ තිබෙන බවත් හෙතෙම කීවේය.

පුරාවිද්‍යා නිලධාරීන් සහ ඒ පිළිබඳ විශේෂඥයින් කරන පරීක්ෂණවලට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව කී ප්‍රාදේශීය ලේකම්වරයා මේ පිළිබඳව බස්නාහිර පළාත් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරියගෙන් වාර්තාවක් ඉල්ලා තිබෙන බවත්, ඉදිරියේදී එම වාර්තාව අනුව ගතයුතු පියවරගන්නා බවත් සඳහන් කළේය.



අදහස් (5)

පාහියන්ගල ලෙනට සමාන ​ඓතිහාසික ගල්ලෙනක් වලල්ලාවිට කඳු මුදුනක

කෝලිත Wednesday, 09 September 2020 08:01 AM

ඔයාලා පැනික් වෙන්න එපා. ටූල්ස් ටිකක් හොයාගෙන ඕක හාරන්න. මෙච්චර කල් පොල්ගෑවද ඔයාලා.. අපේ සර් එහෙම කියනවා වගේ ඇහෙනවා.

:       265       3

වීරවිජේ Wednesday, 09 September 2020 08:05 AM

වඩේ තිබ්බද, පොසිල වඩේ?

:       1630       15

විජේ Wednesday, 09 September 2020 09:44 AM

වලල්ලාවිට කියන නමට හොඳ කාලයක් උදාවෙලා තියෙන්නේ. මෙහෙන් මේක, අරහෙ වලල්ලාවිට කෙනෙක් එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් පිටියේ. ආඩම්බර වෙයල්ලා වලල්ලාවිටලා...

:       1       14

Champa Wednesday, 09 September 2020 10:37 AM

මේ ස්ථානය පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක් විදිහට නම්කරලා වෙන්කරලා ඉන්න ඕනේ ඉස්සෙල්ලාම. ගල් කොරියට අවසර දීම නතර කළා කියලා හිතනවා.

:       0       6

බණ්ඩාර Wednesday, 09 September 2020 01:53 PM

ගල්කොරියා දේශපාලුවෙකුට අයිති නම් ඔය කියන ගල් ලෙනත් කාලා තමයි නවතින්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ ’’ආරච්චි’’ අයිස් සමඟ මාට්ටු
2025 ජනවාරි මස 15 339 0

බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් ජාවාරමේ යෙදුණු අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ ‘ආරච්චි‘ ව


මාඕ සේතුං ස්මාරකයට ජනපති ආචාර දක්වයි
2025 ජනවාරි මස 15 392 0

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉ


ආණ්ඩුව රටේ ප්‍රශ්න පැත්තකට දාලා රනිල්ට බනිනවා
2025 ජනවාරි මස 15 313 0

ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට කරන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරමින් සිටීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ම


බාල බෙහෙත් 300 ක් ගැන සී.අයි.ඩී.ය පරීක්ෂණයක් ඉල්ලයි
2025 ජනවාරි මස 15 209 0

මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපර


කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක් ජලය අත්හිටුවයි
2025 ජනවාරි මස 15 329 0

කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කිහිපයකට හෙට (16) පස්වරු 6.00 සිට අනිද්දා (17) පෙරවරු 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැ


මත්පැන් -මධ්‍යසාර සඳහා නව ගැසට්ටුවක්
2025 ජනවාරි මස 15 1193 1

මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි අයවිය යුතු සු


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 223 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 554 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 305 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site