(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි. ඒ. එස්. වීරවංශ)
මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රොගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් හිසකෙස් සහ ලේ දන්දීමේත් ශරීර අවයව දන්දීමට පොරොන්දු පත්‍ර අත්සන් කිරීමේත් වැඩසටහනක් බළන්ගොඩ ශාන්ත ඇග්නස් බාලිකා විද්‍යාලයේ දී පැවැත්විණි.
බාලිකා බාලදක්‍ෂිකාවෝ, ආදිශිෂ්‍යාවෝ ඇතුලු වැඩිහිටි කාන්තාවෝ 600ක් පමණ පිරිසක් මෙහිදී සිය හිසකෙස් දන්දුන්හ.
රත්නපුර දිසා බාලදක්‍ෂ කොමසාරිස් එම්. කේ. සිරිවර්ධන මහතා ප්‍රමුඛ නියෝජ්‍ය සහ සහකාර බාලදක්‍ෂ දිසා කොමසාරිස්වරු ඇතුලු ආරාධිතයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.
ශාන්ත ඇග්නස් බාලිකා බාලදක්‍ෂ සමූහය සහ ආදි ශිෂ්‍යා සංගමය මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා
ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පිළිකා රෝගීන් වෙනුවෙන් වරලස දන්දෙති
Mohan Wednesday, 23 January 2019 09:10 AM
ඔබ සියලුදෙනාටම පින්
Raveendra Wednesday, 23 January 2019 09:21 AM
බොහොම පිං ලැබෙන සත් ක්‍රියාවක්. සහභාගිවු සියල්ලෝටම තම තමන්ගේ ප්‍රාර්ථනාවන් සපලවේවා!
ravi Wednesday, 23 January 2019 09:38 AM
ඇත්තටම මොනවටද මේ විකාර ..? යම්කිසි යහපතක් සිද්ද වෙන අර්ථවත් දෙයක් ගැන කතාකරමුද ?
Sanath Kandy Wednesday, 23 January 2019 10:14 AM
නිකන් රැල්ලට කරන කිසි තේරුමක් නැති වැඩක්. මේ අසරණ රෝගීන්ට පෝෂ්‍යදායක ආහාර වේලක් දුන්නානම් මිට වඩා වටිනවා.
kasuri Wednesday, 23 January 2019 10:51 AM
සැමට යහපතක් වේවා
Raveendra Wednesday, 23 January 2019 11:52 AM
රවී මයා වෙත, දුන් දේ සුවදයි කෑ දෙය ගදයි යන්න සිහිගන්වමින් අප ඔබගේ අදහස් පිලිබදව අවංකවම කණගාටු වන්නෙමු. මෙම පිරිස තමන්ගේ කේශ දන්දෙන්නේ කුමකටද යන්න ඔබ විසින්ම අවංකව සොයා බැලුවොත් ඔබටම ඔබ පිලිබදව දුකක් කණගාටුවක් ඇතිවේ යයි අප විස්වාස කරන්නෙමු. උත්සහ කරන්න ඇයි මෙසේ කෙස් දැන් දෙන්නේ යන්න සොයා බැලීමට. ඔබට යතාර්ථය දැකීමට හැකිවේවා !!!
raviWednesday, 23 January 2019 01:05 PM
විසි එක්වෙනි ශතවර්ෂයේ වුනත් ඔයාලා තාම ජීවත්වෙන්නේ මිත්‍යාවෙන් සහ හණමිටි අදහස්වලින් පිරුණු සමාජයක. ඔය වගේ බොරු වැඩ නැති සමාජයකට කියන්නේ දියුණු සමාජයක් කියල .
SamWednesday, 23 January 2019 11:39 PM
ඔබ මෙය "බොරු වැඩ නැති සමාජයක" ලක්ෂණයක් ලෙස හැදින්වීම කණගාටුයි. බටහිර රටවල් පිළිකා රෝගීන් සඳහා මෙවැනි නොයෙකුත් වැඩ කරනවා.
RaveendraThursday, 24 January 2019 07:08 AM
ravi මය ඔබට හැකිනම් wasana මහත්මියගේ අදහස් කියවබලා යතාර්ථය සහ "බොරු වැඩ නැති සමාජයක් " නමැත්ත ද තේරුම් ගැනීමට උත්සහ කරන්න
RaveendraWednesday, 23 January 2019 01:27 PM
රවී මයා වෙත, මොන දෙයකින් දියුණු වුනත් හිත දියුණු නැති මිනිසුන් ඉන්න සමාජයක් කෙසේ දියුණු සමාජයක් වන්නේද? කෙසේ වෙතත් ඔබ sandy123 මගේ අදහස් කියවා යතාර්ථය තේරුම් ගන්න උත්සහ කරන්න ඔබට ඔබ පතනා "බොරු වැඩ නැති සමාජයක් " ඉක්මනින්ම ලැබේවා අප ප්‍රාර්ථනා කරන්නෙමු. ඔබට ජය !!!
sandy123 Wednesday, 23 January 2019 12:48 PM
බොහොම පින් අතේ වැඩක්. පිළිකා රෝගීන්ගේ මානසික මට්ටම ගැන කියන්න මම තරම් කෙනෙක් නැතුව ඇති. දැනටමත් මගේ සහෝදරියෝ, සහෝදරයෝ සහ සහෝදරියකගේ දරුවන් දෙදෙනෙක් මිය ගියා මේ පිළිකා රෝගය නිසා.
RaveendraWednesday, 23 January 2019 01:09 PM
sandy123 මයා වෙත අප අවංකවම ඔබගේ ඥාතීන් පිලිබදව කනගාටු වන්නෙමු.
wasana Thursday, 24 January 2019 04:59 AM
හිසකෙස් යන එක පිළීක රෝගියෙක්ට මානසිකව ලොකු පීඩනයක් ගෙනදෙනවා. පිලික රෝගියෙක්ට දෙන්න පුළුවන් හොඳම දැ මානසිකව වැටෙන්න නොදී බලාගන්න එක , මේ වගේ දේවල් කරන එක රෝගියාට ලොකු ශක්තියක් , මානසිකව ශක්තිමත් වෙන එක ඒ අයගේ සුවයට ගොඩක් බලපානවා .වෙන රටවල අය තමන්ගේ රෝගීන්ගේ කොන්ඩේ ගිහිල්ල තට්ටය පැදෙනකොට යහළුවෝ පවුලේ අය තව ඇතුළුව තමනුත් කොන්ඩේ තට්ටේ ගානවා. මගේ අක්ක වෙන කෙනෙක් හිටියා එයාගේ කොන්ඩේ ගැලවී යනකොට පුදුම විදිහට මානසිකව වැටුන එයා ලස්සනට ඉන්න අසා කෙනෙක් . මේ තත්වයට මුණ දුන්න අය විතරෛ ඒ ගැන දැනෙන්නේ . මිනිස්සු මීට වඩා අනෙක් අය ගැන සංවේදී වෙන්න ඕන රොබෝ ල වගේ ජීවත් වෙන අයට ඒ දුක දැන්නෙන්නේ නැහැ . ගොඩක් අය සල්ලිවිසිකරලා කරන දේවල් කරනවා හැබය් අනෙක් කෙනා වෙනුවෙන් වැයවෙන්න කැමති නැහැ. තමන්ගේ කොන්ඩේ ගැහැණු ළමයෙක් කපල දන් දෙන්න පුළුවන් එක ලොකු දෙයක් මොකද ගැහැණු ළමයෙක්ට තියෙන වටිනාම දෙයක් තමන්ගේ කොන්ඩේ , මේවා මහලොකු දාර්ශනිකයන්ට තේරෙන්නේ නැහැ .
GNGA Thursday, 24 January 2019 08:22 AM
මේවට විරුධව කතා කරන්නේ ආත්මාර්ථකාමී කුහකයින් කෙනෙකුගේ දුක නොදන්නා මිනිස්සු