IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පිළිගන්න පුළුවන් කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ලංකාවේ නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාවෙි පිළිගත හැකි කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් නැතැයි කෝපා කාරක සභාවෙි පිළිගැනීම බව පත් කළ මන්ත්‍රී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

එමගින් අස්වනු හානි, රජයට හානි මෙන්ම ගොවීන්ද අපහසුතාවයට පත් වෙන බවද තිස්ස විතාරණ මහතා කීය. 

එමෙන්ම නිසි විධිමත් වගා සැලැස්මක් නැති බව කෝපා කාරක සභාව පිළිගෙන තිබෙන බවද 2021 ජූලි 20 සහ 2021 ඔක්තෝබර් 06 හා 07 යන දිනයන්හි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද වාර්තා ත්‍රිත්වයට අදාළ කල්තැබීමේ විවාදය ඇරඹමින් තිස්ස විතාරණ මහතා පැවසීය.



අදහස් (8)

පිළිගන්න පුළුවන් කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ලංකාවේ නෑ

AJITH Tuesday, 09 November 2021 08:10 PM

පිළිගන්න පුළුවන් කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ලංකාවේ නෑ ඒ බව තේරුනේ වසර 50 ක් විතර පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු නියෝජනය කර සියලු වරප්‍රසාධ ලබා දේශපාලනයේ යන එන මන් නැති වෙන විටද ?

:       0       4

ගමරාල Tuesday, 09 November 2021 11:13 PM

අනේ මන්දා. උගත් නූගත් කියල වෙනසක් අපේ රටේ ඇමතිගොල්ලන්ට නැති ගානයි. චන්දෙට කොහෙන් හරි සල්ලි හොයාගෙන නිකං දෙන පත් එකයි මත් වතුරයි බස් ගමනටයි කැමති සෙනග ටිකක් මීටිං වලට දක්කාගෙන විත් ඡන්දෙ දිනුවට පස්සෙ රට වෙනුවෙන් සැලසුම් ඇත්තෙම නෑ. මෝඩ ජනතාවත් කැමති මලගෙදර මගුල් ගෙදර ඇවිත් පීත්ත පටි කපල කිරිබත් කන්න එන කට්ටියට නම් මීට වඩා වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ. පෞද්ගලික අංශයෙ රැකියා කරන අය නම් දන්නවා වසර මුලදි ආයතනයක් පළමුව කළ යුත්තේ එන්නට ඉඩ තියන ගැටළු හදුනාගෙන ඉලක්ක තබා ගැනීමයි කියල. රාජ්‍ය අංශයෙ මේ අය පළමුව හැදෙන්න ඕනෙ.

:       0       5

Asela Tuesday, 09 November 2021 11:33 PM

කව්ද ඒක හදන්නේ ?කවුද දැන් හදන්න යන්නේ? එහෙම නැත්තම් මේ දේවල් හොයාගෙන කාලය නාස්ති කරන්න එපා.

:       0       3

Royfedricks Wednesday, 10 November 2021 06:35 AM

විශය දත් උගතුන් කුමක් කීවද ක්‍රියාවට නැගෙන්නෙ නූගතුන්ගේ මෝඩ අදහස්මය. මන්දයත් බලයේ සිටින්නේ අහන්කාර නූගතුන් බැවිනි. කොරෝනා සුවයට ගගට මුට්ටි දැම්මේ එහෙයිනි. දෛවයේ සරදම කොතරම් කුරිරුද යත් මුට්ටි කෙලියේ නිර්මාර්තු අභාවයට පත්වූයේ කොරෝනා වැලදීමෙනි.

:       0       4

Lalith M Wednesday, 10 November 2021 06:46 AM

බොහොම කාලෙකට පසුව ඇත්තක් කිව්වා. ස්තුති කරන්න ඕනෑ. ඒත් අර කටහැකර කෘෂිකර්ම ඇමති ඕක බොරුකර ජනපතිගෙන් ලකුණු ගනියි. එපමණයි.

:       0       4

chandima Wednesday, 10 November 2021 07:27 AM

ඔව්වා අපිට කියන්නේ, පසුගිය දවස්වල ආණ්ඩු කෙරුවෙත් ඔබතුමාලම නේද?

:       0       1

kamal Wednesday, 10 November 2021 10:18 AM

ඉතින් දෙයියනේ මේ රටේ උගත්තු මෙච්චර කලක් මොකද්ද කලේ?

:       0       5

ගොවිරාළ Wednesday, 10 November 2021 11:46 AM

ඇයි ඔබතුමාගේ මාමණ්ඩිය ගල් ඔය ව්‍යාපාරය කරලා ජනාවාස හදනවිට මැලේරියාව හදලා ජනතාව මරනවා කිව්වා අමතකද? ඒ කාලේ අගමැතිවරයා එම බාධා කිරීම් නිසා ව්‍යාපෘතිය නොකළා නම් ඒ පළාත කොහොම තියේද? ඔබේ මාමණ්ඩියවත් ප්‍රතිපත්ති හදනවා තියා කරන වැඩක්වත් හරියට කරන්න දුන්නද මහාචාර්යතුමා...?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

දියත

එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 2 0

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 1149 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 425 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 234 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 215 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 382 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site