IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පොළඟෙකු ලවා කවා බිරිඳ මරන්න හදලා

(ගම්පහ තිලකරත්න දිසානායක)

නයි පනික්කියෙකු ලවා පොළඟකු දෂ්ට කිරීමට සලස්වා සිය බිරිඳ මරා දැමීමට සැලසුම්කර දෙවරක් බිරිඳගේ ඇඟට
පොළඟා දැමීමට සැලැස්වූ සැමියෙකු අත්අඩංගුවට ගැනීමට ගම්පහ පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

අද (30) පෙරවරුවේ තම නිවසේ සිටියදී මෙම සිදුවීමට මුහුණපා ඇත්තේ ගම්පහ නගරයට නුදුරින් පිහිටි ප්‍රදේශයක පදිංචි 52 හැවිරිදි එක් දරු මවකි.

ඊයේ පෙරවරුවේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු ඇමතුමකින් දැනුම්දී ඇත්තේ තම සැමියා විසින් සර්පයෙකු ඇඟට දමා තමාව මරා දැමීමට තැත් කළ බවයි.

මෙම ඇමතුමට අනුව ගම්පහ පොලිසිය දැනුවත්කර ඇති අතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රංගන මහතා නිලධාරීන් කිහිපදෙනෙකු සමග වහාම අදාළ නිවස වෙත ළඟාවී ඇත.

මෙහිදී සිද්ධියට මුහුණ පෑ එක් දරු මව පොලිස් පරීක්ෂකවරයා හමුවේ සිදුවීම පැවසීමෙන් පසුව පොලිස් නිලධාරීන් විසින් නිවස පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී නිවසෙහි කාමරයක් තුල සැඟව සිටි නයි පනික්කියා අල්ලා ගැනීමට හැකිව ඇත.

මේ අනුව පනික්කියාගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණයවී ඇත්තේ තමාට රුපියල් 25,000ක මුදලක් ලබාදීමට පොරොන්දු වීම මත නිවසේ හිමිකරු සමග පැමිණ තමා විසින් රැගෙන ආ පොළඟා ඇඟට දෙවරක් දැමුවද ඌ දෂ්ට නොකළ බවයි.

අනතුරුව ඇය කෑගැසීම නිසා ගෙහිමියා කාරයේ නැගී යනු දුටු බවත් පසුව පොළගා අල්ලා පෙට්ටියට දමාගෙන තම නිවසෙහි කාමරයක් තුළ සැඟවුණු බවත් පනික්කියා පොලීසියට පවසා ඇත.

බිරිඳ පොලීසියට පැමිණිලිකර ඇත්තේ මීට පෙරද නිවසේදී තමන්ට සර්පයෙකු දෂ්ට කිරීම මත තවමත් ප්‍රතිකාර කරන බවයි.

වැඩි දුරටත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාවගේ සැමියා මීට සතියකට පමණ පෙර තමන්ට හමුවී රුපියල් 25,000 ක මුදලක් ලබාදීමට පොරොන්දු වීම මත පොතුහැර ප්‍රදේශයෙන්  පොළඟෙකු අල්ලාගෙන විත් ඊයේ උදෑසන ගම්පහ දුම්රිය ස්ථානය අසළදී හමුවී නිවසට ගොස් මෙලෙස කටයුතු කළ බවය.

52 හැවිරිදි සැමියා මේ වනවිට පළා ගොස් ඇති අතර ඔහුගේ මෝටර්රථය අසළ නිවසක දමා ගොස් තිබියදී පොලීසිය සොයා ගෙන ඇති අතර ඒ තුළ පනික්කියාගේ නයෙකු සහිත නයි පෙට්ටියක්ද තිබී ඇත.



අදහස් (12)

පොළඟෙකු ලවා කවා බිරිඳ මරන්න හදලා

Jehaan Sunday, 30 June 2019 08:01 PM

හරියට කරුණු නොදන්නා නමුත් මෙතන තෙවන පාර්ශවයක සම්බන්ධයක් තිබිය හැක. අනාදිමත් කලක පටන් අපේ රටේ සිදුවෙන්නේ විවාහ ගැටළු වලට පිළියම් ලෙස අනෙකාව මරා දැමීමයි. කුලරත්න නඩුව, සතාසිවම් නඩුව සහ මැතිව් පීරිස් නඩුව, මුහුණු පොතේ පෙම්වතිය නිසා සිදුවූ මොරටුවේ මිනීමැරුම ඊට නිදසුන්ය. අපි මහා ලොකු සංස්කෘතියක් ගැන තෙපර බාමින් කරන්නේ ගල් යුගයේ වැඩ. අනෙක් රටවල මිනිසුන් නොගැලපේ නම් වෙන කරන්නම දෙයක් නැතිනම් වෙන් වී, දරුවන් සිටී නම් ඔවුන්ද අමතක නොකර කෙසේ හෝ ජීවත් වෙති.

:       0       6

අප්පුහාමි Sunday, 30 June 2019 11:35 PM

අපි නම් අහලා තියෙන්නේ පනික්කියා කියන්නේ බෙර වාදනය කරන අයව අතීතයේ හැඳින්වූ නම කියලයි. නයි නටවන්නන් හැඳින්වුනේ අහිකුණ්ඨිකයන් කියලයි.

:       0       4

Sameera melbourne Monday, 01 July 2019 01:14 AM

හයියෝ දෙයියනේ මෙහෙමත් මිනිස්සු.......

:       0       1

ස්නේහා Monday, 01 July 2019 02:32 AM

මට තියෙන්නෙ එක ප්‍රස්නයයි. රුපියල් 25000 කට. රුපියල් 25000 කට.

:       0       3

Nuwan Monday, 01 July 2019 02:37 AM

මොකක්ද මේ ශ්‍රී ලංකාවේ මිනිසුන්ට වෙලා තියෙන්නේ...

:       0       0

Jaya Monday, 01 July 2019 03:31 AM

මේවා අහුවම මොළෙත් නිකන් කොලොප්පන් වෙනවා වගේ,

:       0       14

අශේන් Monday, 01 July 2019 05:14 AM

මේවගේ ප්‍රවෘත්ති ප්‍රසිද්ධ කිරීමෙන්, තව තව අය මෙවැනි උපක්‍රම භාවිතා කරන්න පෙලඹෙනවා කියන එකයි මගේ මතය...

:       0       103

පුෂ්පා Monday, 01 July 2019 05:21 AM

මේ මිනිහ නම් යකාගෙ යකෙක්. ⁣නීති පොතේ ⁣මොන වගන්තිය යටතෙද මේ පෝරිසාදයාට නඩු දාන්න යන්නෙ?

:       0       10

SL Monday, 01 July 2019 05:39 AM

52 හැවිරිදි එක් දරු මවකි.???? දොස්තර සාෆිද සිසරියන් කරේ

:       104       112

ravi Monday, 01 July 2019 07:55 AM

මේ වගේ මිනිස්සුන්ටත් ගැහැණු දෙනවනේ .. ! මේ වගේ අයනම් " විදුලි පුටුවෙම " ඉන්දවන්න ඕනේ ..!

:       0       131

Bamunuarachchi Monday, 01 July 2019 11:44 AM

"රුපියල් 25000 කට. රුපියල් 25000 කට." නයි පනික්කියාට රු 25000 ස්වීප් එකක් තමයි. හැබැයි නයිපනික්කියෝ පොළඟත් මේ උන්දැට බයයි වගේ. එහෙනම් අර අහිංසක මිනිහා ගැන කියනුම කවරේද? සමහර ගැහැණුන්ට සැපින්න වගේ කියන්නේ කටකසනවට නොවෙයි නේද?

:       1       0

nawa Wednesday, 03 July 2019 02:51 PM

ලංකාවේ මිනිස්සු හරි වෙනස් දැන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 153 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 632 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 179 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 188 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 735 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 247 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site