(සුජිත් හේවාජුලිගේ )
පළාතකින් පළාතකට යද්දි එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බව සහතික කෙරෙන එන්නත් කාඩ් පත ළඟ තබාගැනීම ජනතාවට අනිවාර්ය කරන්නැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා රජයට යෝජනා කරයි.
එසේම හෝටල් සහ ජනතාව විශාල වශයෙන් ගැවසෙන ස්ථානවලට ගමන් ගන්නා පුද්ගලයන්ගේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බව සහතික කෙරෙන එන්නත් කාඩ්පත පරීක්ෂා කිරීමද අනිවාර්ය කළ යුතු බව පැවසූ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා අද ලෝකයේ බොහෝ රටවල් මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කර සාර්ථක ප්‍රතිඵල ළඟා කරගෙන ඇතැයිද සඳහන් කළේය.
මෙවැනි වැඩපිළිවෙළක් අනුගමනය කිරීමෙන් කොවිඩ් පළාතකින් පළාතකට ගමන් කිරීම සැලකිය යුතු ලෙස පාලනය කරගත හැකිවන බවත් විශේෂයෙන් තරුණ පරපුර එන්නත්කරණයට යොමුවීමටද මෙමගින් කිසියම් පෙළඹවීමක් ඇති කෙරෙන බවත් අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
විශේෂයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසුවේය.
මේ අතර රටට කොවිඩ් වයිරස නව ප්‍රභේද ඉදිරියටත් පැමිණෙනු ඇති බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා එන්නත්කරණයට යොමුවීම සහ මූලික සෞඛ්‍යය නීති දිගටම අනුගමනය කිරීම නව වයිරසවලින් ගැලවීමට තිබෙන එකම මාර්ගය බවද සඳහන් කළේය.
මුව ආවරණ අනිවාර්ය කිරීමේ නීතිය රටේ තදින් ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත නව සෞඛ්‍ය මාර්ගෝපදේශ වරින් වර හඳුන්වා දීම වැදගත් බවත් මෙම සෞඛ්‍යය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි නිරන්තරව පසු විපරම් කිරීම රජයේ වගකීම බවත් අර්ජුන ද සිල්වා මහතා පැවසුවේය.
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
“පළාත් පනින්න එන්නත් කාඩ්පත අනිවාර්ය කරන්න’’
රුවන් Tuesday, 02 November 2021 01:11 PM
මහාචාර්යතුමණි මෙය දුම්රියට හා බස්රියට අදාලද? නීති මොකටද, ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්.
Rohan Tuesday, 02 November 2021 02:10 PM
මහාචාර්ය තුමා ඕක පෙන්නුවොත් සේරම හරියනවද. සමහර එන්නත් වල ශක්තිය මාස හතරකින් අඩුවෙනවනම් මොකටද ඕවා. පොදු ප්‍රවාහන සේවය දිහා ඉස්සරවෙලා බලලා ඒකට විසදුමක් දීල ඉවරවෙලා ඔය නීති රීති ගෙනවානම් තමයි හොද මහාචාර්ය තුමා.
Sriland Tuesday, 02 November 2021 03:41 PM
එන්නත් කියන්නේ තනිකරම බොරුවක්.
SURAJ Tuesday, 02 November 2021 04:04 PM
වැක්සින් ගහපු අයට මොකද වෙන්නේ කියලා බලන්න පුළුවන් පෙබරවාරි වෙද්දී.
Chal Tuesday, 02 November 2021 05:27 PM
එන්නත් ගතිපු අයටත් බෝවෙනවා නම්, ඔව්නුත් මාස්ක් දාන්න ඕන නම්, පලාත් අතර බැලීමේ විහිලුව කුමක්ද? කොච්චර හම්බ වෙනවද?
gamaathhi Tuesday, 02 November 2021 05:54 PM
ඔය එන්නත විතරද කෝවිඩ් වලට එකම විසදුම? හෙල වෙදකම නරකද? එන්නත් කරන ලද අයට රෝගය බෝ වෙනවා පමණක් නොව දැනට මරණද පවා සිදුවේ . කෝවිඩ් මරන වලින් කීදෙනෙක් එන්න්ත විදගත් අයද කියා ප්‍රසිද්ද කරන්න.
මසිරිපාල Tuesday, 02 November 2021 05:57 PM
ඒ ගමන්ම පළාතට ඇතුළු වීමට ගාස්තුවක් අය කොරන්න කියන්න.ඇත්තටම පළාත් ක්‍රමයට ගමනාගමනය තීරණය හරිද මහාචාර්ය තුමා.උදා දකුණු පළාතට කලුතර සිට තිස්සමහාරාමය පසුකර තවත් දුරක් තියෙනවා සබරගමුවට තංගල්ල ආසන්නයේ සිට මාවනැල්ල පසුකර පේරාදෙණිය ආසන්න දක්වා පවතිනවා නැගෙනහිර පළාතට කොපමණ ප්‍රදේශයක් තියෙනවාද එපමණ ප්‍රදේශයක් දුර යාහැකිව තිබියදී කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ලේ කෙනෙකුට කි.මී.13 ක් දුර පළාත් අනුව ඇහැලියගොඩට එන්න නීත්‍යානුකූලව අවසර නැහැ එකම රටක් එකම නීතියක් ජයවේවා
Saman Tuesday, 02 November 2021 07:28 PM
එන්නත් ගහලා මිනිස්සු කීදෙනෙක් දුක් විදිනවද. අනික ඉස්සරහට එන හැම වෛයිරස හැම එකටම එන්නත් ගැහුවොත් හොදට තියෙයි. අපේ අගේ තියන ප්‍රතිශක්තිය වර්දනය කරන්න ඕනතරන් සොබාවික ක්‍රම තියෙද්දී මෙයාට පුදුම අමාරුවක්නේ තියෙන්නේ අපිට එන්නත් ගහන්න. මෙයා කොහොමද අපිට එන්නත්වලට සහතිකයක් දෙන්නේ?