IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


පළාත් මැතිවරණය ගැන තීන්දුවක් ගන්න පක්ෂ නායක රැස්වීමක්

(අජන්ත කුමාර අගලකඩ)

සියලු පළාත් සභාවල මැතිවරණය ලබන මැයි මස 31 වැනිදාට පෙර පැවැත්වීම සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පවත්වා තීන්දුවක් ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (12) පැවැති කැබිනට් රැසවීමේදී මෙම තීරණය ගෙන තිබේ.

සියලු පළාත් සභාවල මැතිවරණය ලබන මැයි මස 31 වැනිදාට පෙර මනාප ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වීය යුතු බවට යෝජනා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට සති දෙකකට පමණ ඉහතදී විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් පළාත් පාලන හා පළාත් සභා විෂය භාර ඇමැති වජිර අබේවර්ධන මහතා සිය නිරීක්ෂණය කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබිණි.

වජිර අබේවර්ධන මහතා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ තාක්ෂණික කරුණු රැසක් සිය නිරීක්ෂණය මගින් ඉදිරිපත් කර තිබූ බව රජයේ ආරංචි මාර්ග කියයි.

පළාත් සභා සියල්ලේම මැතිවරණ එකම දිනයකදී පවත්වන්නේ නම් දැනට නිල කාලය අවසන්වී නොමැති පළාත් සභා කලික් විසුරුවා හැරීමට මහ ඇමැතිවරුන්ගේ කැමැත්ත ගැනීමට ලිපි ලබා ගත යුතු බවත් පැවැති ක්‍රමයට මැතිවරණය පැවැත්වීම සඳහා පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කළයුතු බවත් ඇමැති අබේවර්ධන මහතා සිය නිරීක්ෂණ මගින් පෙන්වා දී ඇත.

කැබිනට් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළාත් සභා මැතිවරණය ලබන මැයි 31 වැනිදාට පෙර පැවැත්වී සම්බන්ධයෙන් ඉදිරි සති දෙක ඇතුළත කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීරණයක් ගන්නැවි දැනුම් දී ඇත.



අදහස් (2)

පළාත් මැතිවරණය ගැන තීන්දුවක් ගන්න පක්ෂ නායක රැස්වීමක්

අනුර Wednesday, 13 February 2019 02:10 AM

නිකං ශ්‍රේෂ්ඨාධිකරනයේ නඩු වැටෙන්නෙ නැති විධියට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ඇතුව ඡංදය පිළිවෙලට තියන්න. ඡංද කොට්ඨාශවලට ඒ් ඒ් පක්ෂ ඉදිරිපත් කරන නියෝජිතයන් තෝරා ගැනීමේදී ඒ් ඒ් පක්ෂ ලබාගන්නා ඡංද ප්‍රතිශත ටේඨාශ අනුව වෙන් වෙන් වශයෙන් ගණනය කර තරාකරණය කිරීමෙන් අපේක්ෂක නාම ලේඛනය ප්‍රමුඛතා අනුපිළිවෙල සකසා ගැනීමෙන් මනාප පොරය ඉවත් කර අපේක්ෂකයන් තෝරා ගැනීම වඩාත් සුදුසු වේ.

:       0       4

smn Wednesday, 13 February 2019 04:33 AM

පළාත් සභා නඩත්තු කිරීම සුදු අලි සිය ගාණක් නඩත්තු කරනවා වගෙයි. රටේ දැන් පවතින තත්ත්වය තුළ කෝටි ගණන් අපේ සල්ලි වියදම් කරලා තවත් කුඩුකාරයෝයි මිනීමරුවොයි ඉහළට ඔසවන්නට තියෙන තකහණිය මොකක්ද?

:       0       95

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 249 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 188 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 836 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 231 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 714 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 154 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site