IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


පළාත් සංචරණ සීමා තවත් දිගු වෙයි

(සුජිත් හේවාජුලිගේ)

 

පළාත් අතර ක්‍රියාත්මක සංචාරණ සීමා  මෙම මස  31 වැනිදා  දක්වා අඛණ්ඩව  පවත්වාගෙන යන ලෙස  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල්  ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

මුලින් තීරණය කරගත් පරිදි  පළාත් අතර සංචාරණ  සීමා අවසන්වීමට නියමිතව තිබුණේ හෙට (21)  දිනයේය.

කොවිඩ්  පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස  මෙම තීරණය ගත් බවද  යුද  හමුදාපතිවරයා සඳහන් කළේය.

ඇතැම් පිරිස් සංචරණ සීමා කඩ කරමින් පිට පළාත්වලට යන බවට  තොරතුරු ලැබී ඇතැයි ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (19) අනාවරණය කළේය.

මේ අතර  සංචරණ නීති කඩ  කරමින් පිට පළාත්වලට යෑමට උත්සහ දැරූ  දහසකට ආසන්න පිරිසක් ආරක්ෂක අංශ විසින්  පසුගිය (16 ) වැනිදා ආපසු හරවා එවනු ලැබූහ. 



අදහස් (28)

පළාත් සංචරණ සීමා තවත් දිගු වෙයි

කිරි පුතා Wednesday, 20 October 2021 01:07 PM

දැන්නම් හොඳටම ඇති. සාමාන්‍ය ජනතාව පරිස්සමෙන් හැසිරෙන්න දැනගන්න ඕන. නැත්නම් මේ සංචරණ සීමා විකාරයක් වගේ.

:       2       40

චන්දන Wednesday, 20 October 2021 01:21 PM

අපේ මිනිස්සු බුද්ධිමත්ව හැසිරෙනව නම් මේ නීති අවශ්‍ය නැහැ. දැනටමත් රෝගින්ගේ නැවත ඉහළ යාමක් රෝහල් ආරංචි මාර්ග දක්වනවා .

:       1       22

Sir Wednesday, 20 October 2021 01:27 PM

මල විකාර

:       5       17

hesa Wednesday, 20 October 2021 01:49 PM

විකාරයක් වෙන්නෙ, සංචරණ සීමා පිලි පදින්නැතිව පොඩ්ඩක් රට ඇරිය ගමන් රට වටේ යන්න හදන එකට..ඔය සීමාව මාස 3 ක් වත් අඛන්ඩව තියෙන්න ඕන..

:       7       16

Kumara Wednesday, 20 October 2021 01:59 PM

අනේ මහත්වරුනි දැන්වත් විහිළු සැපයීමෙන් වළකින්න. කොහෙ තියෙන සංචරන සීමාවන් ගැනද මේ කතා කරන්නෙ?

:       5       27

මහසෙන් Wednesday, 20 October 2021 02:22 PM

නීතිය යන ප්‍රබල වදන ජනතාව අතර විහිලුවක් වුනාම මෙහෙම වෙන එක නවත් වන්න බෑ.ජනතාවටත් වගකීමෙන් මිදෙන්නත් බෑ.නමුත් අතිශයෝක්තියෙන් යුතුව රෝග පාලනය ගැන කියමින් සංචරන සීමා කියා ප්‍රහසන ඉදිරිපත් කරමින් ඇදිරි නීති කාලය තුල බාර් විවෘත කරමින් අදටත් ඒ ගැන වගකීමක් ගන්න ගත් අයෙක් නැති මොහොතක මේ සංචරන සීමා කියන වචනේ නිකම්ම හිස් වචනයක්.

:       3       24

amila Wednesday, 20 October 2021 02:34 PM

රටට මේ වෙලා තියෙන දේට රජය මෙන්ම ජනතාවත් සමානව වග කියන්න ඕනේ.මේගොල්ලෝ එපා කියන දේමයි කරන්නේ .රට දැකලා නෑ වගේ පොඩ්ඩක් නිදහස දුන්න ගමන් වටේම දුවන්නේ .පුදුම මිනිස්සු

:       0       14

පැරකුම් Wednesday, 20 October 2021 02:35 PM

සංචරන සීමා නමට පමනයි නීති කැඩුවට දඩුවම් නැහැ නේ. බොරු වැඩක්…!

:       1       16

Nimal nanayakkara Wednesday, 20 October 2021 02:37 PM

ඉතා හොඳයි. අපේ මිනිස්සු විනය ගරුක නැහැ.

:       8       7

Hafeel Wednesday, 20 October 2021 02:55 PM

තෙල් එන තුරු මේ සංචරණ දිගු වෙයි.

:       1       18

Sujeewa Wednesday, 20 October 2021 03:07 PM

අපේ රටේ නීතිය ඉස්සෙල්ලාම කඩන්නෙ නීතිය හදන්න ඉන්න ආන්ඩුවෙ දේශපාලකයොම තමයි.උඩම ඉදලා පහලටම එහෙම වෙන බව ප්‍රවෘත්ති බැලුවහම තේරෙනවා. එහෙම රටක ජනතාව විතරක් නීතිය පිලිපදින්නෙ මොකටද?

:       1       17

Prasanna Wednesday, 20 October 2021 03:10 PM

මේක බොරු වැඩක් නිවාඩු දවස්වල මිනිසු ට්‍රිප් යනවා දෙක් කරන්නේ නැ ලොකු වාහන යන නිසා හෝටල් පිරිල සෞඛ්‍ය මාර්ගෝපදේශ අතින් පිලිපිනය වෙලා

:       0       10

සමන්ත Wednesday, 20 October 2021 03:21 PM

සංචරණ සීමා යනු එක් බසයක ගොස් පයින් පලාත් අතර ගොස් නැවත බස් රථයකට ගොඩ වීම. හෙට දන ප්‍රශ්න පත්තරයක පිලිතුරක් ඇ දිරි නීතිය යනු පොදු ප්‍රවාහන සේවා භාවිතා නොකර තමන්ගේ වාහනයකින් ගමන් බිමන් යාම.

:       0       11

ගමේ එකාලා Wednesday, 20 October 2021 03:50 PM

තනතුර නම් සුපිරියි. කෙරුවාවල් කෙසේ වෙතත්..? මුල ඉඳලා හරියට නිසි කළමනාකරණයක් නැතුව වැඩ නොකිරීමෙන් මිනිස් ජීවිත කීයක් නැති වුණාද?

:       1       8

Suba Wednesday, 20 October 2021 04:31 PM

මේ ඊනියා පළාත් සංචරණ සීමා නම් අමුම අමු විහිළුවක් වෙලා තියෙන්නේ. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වගේ සෝෂල් මීඩියාවල පළ වෙන දේවල් බැලුවාම පේනවා, කොච්චර ප්‍රමාණයක් දීර්ඝ නිවාඩුවට කොළඹින් පිටට ගිහින් තියෙනවද කියලා. ප්‍රවෘත්තිවලටත් කිව්වා නුවර එළිය, ඇල්ල වගේ පැතිවල හෝටල් සම්පූර්ණයෙන්ම බුක් වෙලා කියලා. ඒ පැතිවලට මිනිස්සු අහසින් වෙන්න ඇති යන්න ඇත්තේ.

:       0       0

perrwrw Wednesday, 20 October 2021 04:33 PM

තෙල් අර්බුදය කළමනාකරණය කරන අපුරැව.

:       0       0

Wishwa Wednesday, 20 October 2021 04:54 PM

රජයත්, මිනිස්සුත් තේරුම් ගන්න ඕනෑ ඉදිරිය කියන්නේ කෝවිඩ් සමග ජීවත් වීම කියලා. නිව් නෝමල්, නිව් නෝමල් කියලා මාධ්‍ය සාකච්ඡාවල කියෙව්වාට වැඩක් නෑ.. ඊට අනුව දේවල් වෙන්නේ නැත්තම්... මෙහෙම වහගෙන, නීතිරීති දාගෙන තව කොච්චර කාලයක් ජීවත් වෙන්නද? ලෝක මට්ටමේ පරීක්ෂකයින්, ආයතන පවා කියනවා.. කෝවිඩ් සම්පූර්ණයෙන්ම බල රහිත වෙන්න අඩුම තව අවුරුද්දක්වත් යාවි කියලා.

:       0       5

Shan Wednesday, 20 October 2021 05:45 PM

ජනාධිපති කොහොමද කියන්නේ...? එයා දොස්තරද? විකාර තමයි.

:       2       7

hesaFriday, 22 October 2021 03:38 AM

ප්‍රවෘත්තියෙදි කියන්නෑ දොස්තර මහත්මයා කිව්වාය කියලා.. ලෝකෙ කොහෙත් රටේ නායකයා තමයි පනිවිඩයක් රටට කියන්නෙ..

:       0       0

Manoj Wednesday, 20 October 2021 06:27 PM

ඩීසල් නැති නිසා මෙහෙම කරන්නේ කියලා හිතෙන්නේ මට විතරද?

:       1       12

සදිසාThursday, 21 October 2021 09:22 AM

ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. ලෙඩ්ඩු 200 ගණන් මැරෙද්දි නොතිබ්බ හදවතේ තෙතමනය 10-12 මැරෙනකොට දෝරෙගලන්න හේතුවක් නෑනේ. නැත්නම් අවිස්සාවේල්ල කොළඹ, ගම්පහ කොළඹ කෝච්චි දුවන්න බැරි මොකෝ.

:       0       2

Ranjan Wednesday, 20 October 2021 06:48 PM

සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකන අය අල්ලුවානම් මීට වඩා හොඳ නැද්ද

:       0       2

Charith Wednesday, 20 October 2021 08:54 PM

රට පුරාම තියෙන තරු හෝටල්, තරු නැති හෝටල් මිනිසුන්ගෙන් පිරී ගොස් ඇත. එහෙත් තවමත් බලධාරීන් දින, වකවානු සටහන් කරමින් සංචරණ සීමා පනවමින් සිටිති. ඇස් නොපෙනෙන්නේ අපටද? නැත්නම් නීති හදන අයටදැයි සිතාගැනීමට නොහැකිය. නැත්නම් සංචරණ සීමා සීමාවී ඇත්තේ ප්‍රවෘත්තිවලද?

:       0       8

සිරි Wednesday, 20 October 2021 10:14 PM

මෙම දික් කිරීමේ යටි අදහස ගුරුවරුන් සහ ගොවියන් කොළඹට එන්න තියෙන අවස්තාව වැලක්වීම කියලයි මටනම් හිතෙන්නෙ.

:       0       6

Perera Thursday, 21 October 2021 12:31 AM

සංචරණ සීමා ලු .ඒ උනාට මිනිස්සු රට වටේම සංචාරයේ

:       0       0

Demuni Uduwara Thursday, 21 October 2021 04:21 AM

රජයේ සැඟවුනු අදහස වෙනත් දෙයකි!

:       0       0

Bandara Thursday, 21 October 2021 10:13 AM

ගත වෙච්ච දවස් 5ට මොන සංචරණ සීමා දාල තිබ්බත්, සෑහෙන්න මිනිස්සු ප්‍රමාණයක් හිතේ හැටියට රට පුරා ඇවිද්දා. නොවැම්බර් මාසෙ මැද වගේ වෙද්දී ඔය ඇවිදපු ඒවයෙ ප්‍රතිඵල එන්න පටන් ගනීවි. සංචරණ සීමා ඇවිල්ලත් දැන් මේ ආණ්ඩුව වගේම අමු ජෝක් එකක්.

:       0       2

fairoos Thursday, 21 October 2021 01:14 PM

සංචරණ සීමා දැම්මනම් ඒක කඩන නිසි දඬුවම් දෙන්න ඕනේ .මේක නිකන් වැඩකට නැති නීතියක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 282 0

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 999 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 226 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1699 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2085 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 263 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 203 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site