IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


පළමුවැන්නට පළමුව සේවය

(තිළිණි ද සිල්වා)

කිසිදු මූල්‍යමය බරක් නොමැතිව ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය අඛණ්ඩව පහසුකම් සලසන බව විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා අද (08) පැවසීය.

තානාපති කාර්යාලවල ලියාපදිංචි වී ඇති විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ලැයිස්තුවෙන් ඔවුන් පත්ව සිටින අවදානම් මට්ටම් අනුව ප්‍රමඛතාව ලබා දී “පළමුව පැමිණෙන්නන්ට පළමුව සේවාව සැපයීමේ පදනම” මත ලාංකිකයින් ආපසු ගෙන්වා ගන්නා බවද විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටී.

කොවිඩ් වසංගත තත්ත්වය නිසා මව්රටට පැමිණීමට නොහැකි ලාංකිකයින් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන අසත්‍ය තොරතුරුවලට ප්‍රතිචාර දක්වමින් විදේශ ලේකම්වරයා මේ බව අවධාරණය කර සිටී.

විදේශයන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල කාර්යභාරය නැවත පැමිණෙන්නන් මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සංවිධානය කිරීම සඳහා පමණක්ම සීමා වී ඇති බවත් කී විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා , ඔවුන් පැමිණීමේ දී පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව නොමිලයේ රජයේ පහසුකම් මත නිරෝධායනය ද කරනු ලබන බව ද කීවේය.

විදේශගත ශ්‍රමිකයින් ආරක්ෂිතව නැවත මෙරටට පැමිණීම සම්බන්ධයෙන් අදාළ ගුවන් ගමන් ලබා ගැනීමේ හැකියාව සහ ගුවන් තොටුපොළ බලධාරීන්ගේ අනුමැතිය මත තානාපති කාර්යාලයන් ,විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ එහි නියෝජිතයන් ද සමඟ එක්ව කටයුතු කරන බවද ජයනාත් කොළඹගේ මහතා කියා සිටී.



අදහස් (7)

පළමුවැන්නට පළමුව සේවය

Saman Jayanatha Friday, 08 January 2021 02:26 PM

මහ බොරු කියන්නේ. ඔය කියන විදිහට ගේන්නේ නෑ... වැඩිය සල්ලි තියෙන අය විතරයි එයා ගේන්නේ...

:       0       21

Kasun Friday, 08 January 2021 03:14 PM

ගල් පැලෙන බොරු. සමන්ගේ කතාව හරි. සමාජ මාධ්‍ය බොරු කියන්නේ මොන අමාරුවකටද? ඒවයේ තමයි ඇත්ත කියන්නේ. මොකද සමාජ ජාලා පරිහරණය කරන්නේ සාමාන්‍ය මිනිස්සු නිසා. කුඩු කාරයෝ ආණ්ඩුවට කඩේ යන අය නොවේ.

:       0       18

Binkunndaa Friday, 08 January 2021 05:56 PM

තානාපති සේවාව සහ විදේශ සේවාව... යන දෙකම රටවිරුවන්ට ඵලක් නැති මාෆියාවල්..

:       0       13

Duminda Saturday, 09 January 2021 03:47 AM

එන්න කලින් අපි ඇග්‍රිමන්ට් එකක් අත්සන් කරනවා. ගෙවලා නිරෝධායනය වෙනවා කියලා.. ඒකට අත්සන් කලේ නැත්නම් ට්කට් එක ලැබෙන්නේ නැහැ. මම ආපු ෆ්ලයිට් එකේ හිටිය සමහරු ලෝන් දාලා රුපියල් 168000ක් හෝටලයට ගෙවලා තියන්නේ.. ඕකයි ඇත්ත තත්වේ... දුප්පත් මිනිස්සු ඇත්තටම පව්.. ඒ මිනිස්සුන්ට මේවා කියන්න කවුරුත් නැහැ. හූල්ලනවා හැරෙන්නට...

:       0       0

සජි Saturday, 09 January 2021 05:28 AM

පට්ටපල් බොරු. කොරියන් තානාපති කාර්යාලයෙන් කතාකරලා මට කිව්වේ 14 වෙනිදා තියෙන ප්ලේන් එකට නම තියෙනවා කියලා. ඒත් නිරෝධායනය සල්ලිවලට හෝටල්වල... මගේ යහළුවෙක් 19 වෙනිදා ප්ලේන් එකෙන් එනවා. එයාටත් සල්ලි ගෙවනවා නිරෝධායනය.

:       0       3

de silva Saturday, 09 January 2021 09:53 AM

පට්ටපල් බොරු.. දැන් මාස 9ක් තිස්සේ බොරු කියනවා. ශ්‍රී ලංකා පුරවැසියන් සඳහා ගුවන් තොටුපළ විවෘත කරන්න.

:       0       0

Qatar sita Sunday, 10 January 2021 08:44 AM

මොන බොරුද. මෙයාලා වීදුරු කුඩුවල ඉදන් කටට එන දේ දොඩවනවා. ඇවිත් බලන්න ඕන මෙහෙ එම්බසිවල තත්වේ කොහොමද කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 543 0

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


‘‘ලෙඩ සතුන් මසට විකුණනවාලු‘‘
2025 මාර්තු මස 14 207 0

හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප


බටලන්ද අද පාර්ලිමේන්තුවට
2025 මාර්තු මස 14 458 5

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


මූතූර් ද්විත්ව ඝාතනයක්
2025 මාර්තු මස 14 176 0

මූතූර් තාහා නගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා මරා දමා දැරියකට තුවාල කර ඇතැයි මූතූර් පොලිසිය කියයි .


තැනින් තැනට අදත් වැස්ස
2025 මාර්තු මස 14 95 0

බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


ප්‍රසිද්ද රැප් ගායකයෙක් ගිනි අවියක් සමග මාට්ටු
2025 මාර්තු මස 14 1679 4

ප්‍රසිද්ධ රැප් ගායකයකු වන බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ අද (14) දින අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 214 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 506 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site