IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


පිළිස්සි මිය ගිය දැරියගේ අත්අකුරු ගැන වාර්තාවක් ඉල්ලයි

(නිමන්ති රණසිංහ)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මිය ගිය බව කියන ඉශාලිනි දැරිය එම නිවසේ නවාතැන් ගෙන සිටි කාමරයේ බිත්තියක ලියා තිබූ වැකියේ අත් අකුරු එම දැරියගේම දැයි පරීක්ෂාකර අධිකරණයට වාර්තාවක් ලබාදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය රජයේ අත්අකුරු පරීක්ෂකවරයාට අද (04) නියෝග කළාය.

දැරියගේ පාසල් පොත්පත්වල ඇති අත්අකුරු සහ දැරිය නවාතැන්ගෙන සිටි කාමරයේ බිත්තියක ලියා තිබූ වැකියයේ අත් අකුරු එකිනෙක සසඳා බිත්තියේ ඇති අත් අකුරු දැරියගේමදැයි යන්න සම්බන්ධයෙන් පරික්ෂා කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය  මෙම නියෝගය නිකුත් කළාය.

"මගේ මරණයට හේතුව" යනුවෙන් සඳහන් වැකියක් දැරිය නවාතැන්ගෙන සිටි කාමරයේ බිත්තියක සටහන් වී තිබූ බවත්, ඉංග්‍රීසි භාෂාවෙ අක්ෂරවලින්  දෙමළ අර්ථයක් දැක්වෙන ආකාරයෙන් එම වැකිය කළු පැහැති තීන්ත වලින් ලියා ඇති බවට නිරීක්ෂණය වූ බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

"එන් සාඋ කාරනම්"  යනුවෙන් අදාළ වැකිය සහිත බිත්තියේ ඡායාරූප සොකෝ නිලධාරීන් සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ලබා ගනු ලැබූ බවත් කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය අධිකරණයට ප්‍රකාශක කළේය .

දැරියගේ කාමරයේ තිබී සොයා ගත් රෙදි කැබලි කීපයක් දැරියගේම රෙදි දැයි විමර්ශනය කර එහි වාර්තාව ද අධිකරණයට යොමු කරන ලෙසද  මහේස්ත්‍රාත්වරිය රජයේ රසපරික්ෂකවරයා වෙත  නියෝග කළාය .

කොළඹ දකුණු අපරාධ කොට්ඨාශය අද (04) අධිකරණයට මෝසමක් ගොනු කරමින් මියගිය දැරියගේ පොත්පත්, රෙදි කැබලි අධිකරණයට ඉදිරිපත් කරමින් ඒවා පරීක්ෂාකර බලා වාර්තා කැඳවීම සඳහා නියෝග ඉල්ලූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විය .

දැරියගේ කාමරය පරික්ෂා  කිරීමේ දී කාමරයේ තිබී හමුවූ රෙදි කොටස් එම දැරියගේම රෙදි දැයි විමර්ශනය කිරීමට අවශ්‍ය වන බැවින් ඒ සඳහා ඒවා  රජයේ රසපරික්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝග ලබා දෙන ලෙස කොළඹ දකුණ අපරාධ කොට්ටාශය  අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු වන අතර දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ වාර්තාව ත්‍රිපුද්ගල අධිකරණ විශේෂඥ මණ්ඩලය විසින් ඉදිරියේදී ලබාදීමට නියමිතව ඇතැයිද පොලිසිය සදහන් කළේය.

එමෙන්ම හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතාගේ නිවසේ මින් ඉහතදී සේවයක් කළ කාන්තාවන් කිහිපදෙනකුගේ ද ප්‍රකාශ සටහන් කරගෙනඅතර ඒ සම්බන්ධයෙන් ද වැඩිදුරටත් විමර්ශන කරමින් පවතින බවද කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය අධිකරණයට පැවසීය.

මෙම සිද්ධියට අදාල ඉදිරි විමර්ශන සඳහා තවත් කිහිප දෙනෙකුගේ දුරකථන වාර්තා ලබා ගැනීමට අවශ්‍යව ඇති බැවින් දුරකථන සමාගම් කිහිපයකට නියෝග ලබා දෙන ලෙස ද පොලිසිය මෙහිදී  අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරිය සියලු නියෝග නිකුත් කර සිද්ධියේ සියලු සියලු විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට වාර්තාවක් ලබා දෙන ලෙස  කොළඹ දකුණ අපරාධ කොට්ටාශයට එහෙම කළාය .

 



අදහස් (1)

පිළිස්සි මිය ගිය දැරියගේ අත්අකුරු ගැන වාර්තාවක් ඉල්ලයි

sg Thursday, 05 August 2021 12:06 AM

නීතියෙන් සාධාරණය ඉටු නොඋනත් ස්වාභාව ධර්මයෙන් ඇයට අසාධාරණය කලවුන්ට දඬුවම් ලැබේවි .ඒ ගැනත් හිතුවොත් හොදයි

:       0       34

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යතුරුපැදි අනතුරෙන් පාසල් සිසුවෙකු මරුට
2024 ඔක්තෝබර් මස 18 234 0

යතුරුපැදියක ගමන්ගත් පාසල් සිසුවෙකු ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් තුවාල ලබා ඊයේ(17) වැනි දා නාලන්ද රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි නාඋල ප


අඟුණකොලපැළැස්ස බන්ධනාගාර වාට්ටුවේ බිත්තියක දුරකතන-සිම්පත්
2024 ඔක්තෝබර් මස 18 242 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වාට්ටුවක බිත්තියක් මත තිබී ජංගම දුරකථන තුනක් සහ සිම්පතක් බන්ධනාගාර නිළධාරින් විසින් සොයාගනු ලැබූහ .


නිධන්හෑරූ 4 ක් කොටුවෙයි
2024 ඔක්තෝබර් මස 18 146 0

මහියංගණය දිවුලපැලැස්ස ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් වස්තු ලබාගැනීමේ අරමුණින් කිනිම් කරමින් සිටි පුද්ගලයන් 4 දෙනෙක් ඒ සදහා යොදාගත් බැකෝ යන්ත්‍රියක්


චීන දුම්වැටි සමඟ චීන ජාතිකයා අල්ලයි
2024 ඔක්තෝබර් මස 18 306 0

කොල්ලුපිටිය සමගි මාවතේ චීන භාණ්ඩ අලෙවි සැලක තොග ගබඩාවේ සගවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා චීන දුම්වැටි දස දහසක තොගයක් අද (18) දින සිය භාරයට ගත් බව ශ්‍


මුහුදේ නාන්න ගිය තරුණයා ගිලී මරුට
2024 ඔක්තෝබර් මස 18 195 0

කළුතර උතුර කුඩාවස්කඩුව ප්‍රදේශයේ මුහුදේ විනෝදයට දිය නෑමට ගිය තරුණයෙකු මුහුදෙ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.


සාදයේ කතා බහ මරණයෙන් අවසන් වෙයි
2024 ඔක්තෝබර් මස 18 391 0

කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 626 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 498 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1558 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site