IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පෝ දා පිංකම්වලට 50 කට වඩා එපා

(ඩයනා උදයංගනී)

වප් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අනිද්දා (30) දිනයේදී බස්නාහිර පළාතෙන් පිට විහාරස්ථානවල ද පවත්වන පිංකම් සඳහා 50 දෙනෙකුට අඩු සංඛ්‍යාවක් පමණක් සහභාගී කරවා ගන්නැයි ඉල්ලීමක් කරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා  පැවසීය.

නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල විහාරස්ථානයන්හි වෙනදා මෙන් ආගමික කටයුතු කිරීමට නොහැකි බවත්, ඇඳිරිනීතිය නොමැති බව සිතා වෙනත් පළාත්වල විහාරස්ථානයන්හි විශාල වශයෙන් පිරිස් සහභාගී කරවාගෙන ආගමික කටයුතු සිදුකළහොත් එය කොවිඞ් වයිරසය පැතිරයාමට හේතුවක් විය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

එබැවින් 50 දෙනෙකුට අඩු ඉතා සුළු සංඛ්‍යාවක සහභාගීත්වයෙන් යුතුව ආගමික කටයුතු කිරීම රෝගය පැතිරීම වළක්වා ගැනීමට වැදගත් බව ද වෛද්‍යවරයා කීවේය.

විශේෂයෙන් මෙම කාල වකවානුව තුළ කොවිඞ් වයිරසයෙන් දැඩි ජීවිත අවදානමක් මතුවන අවුරුදු 60ට වැඩි වයෝවෘද්ධ පුද්ගලයින් හා දියවැඩියා, හෘද, අධික රුධිර පීඩනය වකුගඩු රෝග ඇති අය නිසි පරිදි ඖෂධ ලබාගැනීමත්, නිවසේම රැඳී සිටීමත් අතිශය වැදගත් බව ද පාලිත කරුණාප්‍රේම මහතා පැවසීය.

වෛද්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (2)

පෝ දා පිංකම්වලට 50 කට වඩා එපා

බම්බුආරච්චි Wednesday, 28 October 2020 02:54 PM

ගෙදරට වෙලා ඉන්න.

:       1       12

Lalith M Wednesday, 28 October 2020 07:55 PM

මොන පිංකම්ද.? දැන් සෞඛ්‍ය උපදේස් පිළිපදිමු.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 68 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1008 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 292 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 152 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 102 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 769 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site