(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර ශික්‍ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබාමින් සිටිය දී මියගිය කුරුවිට පාතගම ප‍්‍රදේශයේ කාන්තාවකගේ සිරුර නිවසට රැගෙනවිත් පැය කිහිපයකට පසු පොලිසියේ සහ සෞඛ්‍ය අංශ නිලධාරීන් මැදිහත්ව එම සිරුර රාත්‍රියේම සැල්ල ආදාහනාගාරයේ දී ආදාහනය කළ බව පොලිසිය කුරුවිට කියයි.
මෙම මව කිසියම් වෙනත් අසනීප තත්ත්වයකට රෝහලට ඇතුළත් කිරීමේ දී කළ රැපිඞ් ඇන්ටින් වාර්තාවෙන් කෝවිඩ් 19 ආසාදිත නොවන බවට තහවුරු වී ඇත. එම වාර්තාව අනුව ඇය ඇය වාට්ටුවකට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබාදී තිබේ.
ඒ අතර තුර ඇය මියගොස් ඇත. මළ සිරුර ද පීසීආර් පරික්‍ෂණයකට යොමු කර ඇති අතර එම වාර්තාවේ ප්‍රතිඵල නිකුත් වන්නට පෙර හදිසි මරණ පරීක්‍ෂණයක් ද පවත්වා සිරුර අයිතිකරුවන්ට බාරදී ඇති බව ද පොලීසිය කියයි.
පසුව මල්ශාලාවකට සිරුර බාරදී එහි කටයුතු අවසන් කටයුතු කර සිරුර පාතගම, දුම්මලේගොඩ නිවසට රැගෙන යන අතර තුර ලැබුණු පී.සී.ආර් වාර්තාවට අනුව ඇයට කෝවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
වහාම ක්‍රියාත්මක වූ පොලිසිය මියගිය තැනැත්තියගේ ඥාතීන් දැනුවත් කර රාත‍්‍රීයේම සිරුර ආදාහනය කිරිමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබුණි.
මියගිය කාන්තාව රෝහල්ගතවීමට පෙර කුරුවිට නගරයේ පදිංචි රත්නපුර මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරියකගේ නිවසේ නැවතී සිටි බවට තොරතුරු ලැබි මෙන් පසු එම වෛද්‍යවරිය ඇතුලූ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර ඇත.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පී.සී.ආර් වාර්තාව එන්නත් පෙර මළ සිරුර බාරදීලා
සිරිබිරිස් Sunday, 09 May 2021 11:00 AM
පුදුම වීදියේ මෝඩ වැඩක් නේද කරල තියෙන්නෙ . එම්බාම් කරපු මිනිස්සුන්ට සහ ඊට පස්සෙ වෙච්ච දේවල් වලට කවුද වග කියන්නේ ?