(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව මෝරා වතු යායේ ජාතික වැවිලි කලමණාකරණ ආයතනයේ පවත්වාගෙන ගිය සියළුම පහසුකම් සහිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද සිට වසා දැමිමට නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පියවර ගෙන ඇත.
2021 ජනවාරි මස සිට එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට කොවිඩ් අසාදිතයන් ප්‍රතිකාර සදහා ඇතුළත් කළ අතර එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොවිඩ් අසාදිතයන් 140 දෙනකු සදහා පහසුකම් ඇත.
දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු සහ කාර්ය මණ්ඩලයේ පස් දෙනකු බගවන්තලාව මෝරා වතු යායේ පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට අනුයුක්ත කර තිබු අතර , එහි ආරක්ෂාව සදහා යුද හමුදා භට පිරිසක්ද රාජකාරි කළහ.
එම මධ්‍යස්ථානයේ සේවය කළ වෛද්‍යවරුන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් දික්ඔය මුලික රෝහලට යලිත් සේවයට වාර්තා කර ඇති අතර , එහි ආරක්ෂාවට සිටි යුද හමුදා භට පිරිස්ද මේ වන විට ඉවත් කරගෙන ඇත.
අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වන රෝගින්ට ඉතා ආසන්නම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වශයෙන් බගවන්තලාව මෝරා වතු යායේ පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපනය කරනු ලැබුහ.
අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය කඩිනමින් ඉවත් කිරිම සම්බන්ධයෙන් මධ්‍යම පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නිහාල් විරසුරිය මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දැමිම සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බවත්,දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම රෝහලේ පවතින කාර්ය මණ්ඩල හිඟය මත මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දමන්නට ඇති බවට තමන් විශ්වාස කරන බවයි.
මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ මහල් දෙකක් ඇදන් 150 කින් සමන්විත අංග සම්පුර්ණ කොවිඩ් 19 ප්‍රතිකාර රෝහලක් වශයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති බවත්, එම ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසන් අදිරයේ පවතින බවද මධ්‍යම පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසිය.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බගවන්තලාව කොරෝනා අතරමැදි මධ්‍යස්ථාන වසා දමයි