IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


බෑග් මිලියන 40 ක් මාස්පතා මහපොළොවට

(විනීතා එම් ගමගේ)
 
සුපිරි වෙළෙඳසැල් ඇතුළු වෙළඳ  සැල්වලින් මසකට කෝටි හතරකට අධික පොලිතින් බෑග් ප‍්‍රමාණයක් නොමිලේ නිකුත් කෙරෙන බව හෙළිවී තිබේ.
 
මෙම පොලිතින්  බෑග් දිරා යන ඒවා බව පවසන නමුත් එයින් අති  බහුතරයක් දිරා නොයන සාමාන්‍ය පොලිතින් බව පරිසරවේදීහු පවසති. 
 
මේවා බොහොමයක් එක් වතාවක් පමණක් භාවිතා කර ඉවත ලන ඒවා බැවින් එයින් අඩකටත් වැඩි ප‍්‍රමාණයක් එක් වරක් භාවිතා කර ඉවතලන බව ද ඔවුහු කියති.  
 
මෙසේ නොමිලේ බෙදා හැරෙන පොලිතින් බෑග් නිෂ්පාදන දිරා යන්නට වසර 500 කට අධික කාලයක් ගත වන බැවින් සුපිරි වෙළඳසැල්වලින් නොමිලේ ලබා දෙන පොලිතින් කවර ප‍්‍රතික්ෂේප කරන ලෙසත් වෙළඳපොලට යනවිට නැවත භාවිතා කළ හැකි මල්ලක් රැගෙන යන ලෙසත් පරිසරවේදීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
 
එමෙන්ම දැනට තහනමට ලක්ව ඇති පොලිතින් වර්ග නිපදවන අමු ද්‍රව්‍ය තහනම් කර නැති නිසා එම පොලිතින්  නිපදවීම වැළැක්වීම අසීරු වී ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති. 
 
දිරා නොයන පොලිතින් අති විශාල තොගයක් නිරන්තර පරිසරයට එක් වීම ගැන වහා බලධාරින් පියවර ගත යුතු බව ද පරිසරවේදීහු තව දුරටත් පෙන්වා දෙති. 



අදහස් (5)

බෑග් මිලියන 40 ක් මාස්පතා මහපොළොවට

Roshan Friday, 19 October 2018 12:19 PM

හැම දේකටම බදු ගහන එකේ ඇයි මේකට විතරක් බදු අඩු... ගාන වැඩිනම් ඉබේම පාවිච්චිය අඩුවෙනවා. හැබැයි සම්පූර්ණයෙන් තහනම් කරන එක ප්‍රායෝගික නෑ.

:       0       15

sarath Friday, 19 October 2018 01:11 PM

නොමිලේ පාරට දානවා කොකාකෝලා, පෙප්සි, වතුර බෝතල්.... ලංකාව ලෝකේ අංක පහට ඉන්න ප්ලාස්ටික් පරිසර දුෂකයෙක්... රට කරවන අයට වගේවගක් නැහැ. සුපිරි වෙළඳසල් සුපිරියට පරිසරය විනාශ කරන්න අතදෙනවා.

:       1       9

senevi Saturday, 20 October 2018 02:32 AM

මෙම උවදුර වහාම තහනම් කල යුතුය. එවිට ජනතාව විකල්ප තෝරාගනු ඇත. තැන තැන බීම පැකට්, කිරී පැකට්, බිස්කට් දවටන දමන්නන්ට දඩ නියම කල යුතුය. මගතොටේදී ඒවා භාවිතා කරනවුන් ඒවා තම නිවසට ගෙනගොස් සෞඛ්‍ය ආරක්ෂිතව පරිසර හිතකාමිව පිලිස්සීමට උදුන් හඳුන්වාදීය යුතුය.

:       0       32

rocky Saturday, 20 October 2018 12:56 PM

ඒවාගෙන් කොත්තු රොටි නිෂ්පාදනය කිරීමට පුළුවන් දැයි සොයා බැලීම සඳහා විදේශ සමාගමකින් විශේෂඥයින් ගෙන්වා, ඔවුන්ගෙන් සක්‍යතා වාර්තාවක් ලබා ගමු. එවැනි ව්‍යාපෘතියක් ආරම්භ කළොත් විරැකියාවට සහනයක් ලැබෙන්නත් පුළුවනි.

:       0       1

OMG Saturday, 20 October 2018 03:01 PM

මේවා ප්‍රතිචක්තිකරණය කිරීමට දැන්වත් ඉක්මන් තීරණ ගත යුතුයි. සමහර රටවල අසුචි පවා ගෑස් වලට පරිවර්තනය කර වාහන දුවනවා....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 16 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 41 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 257 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 115 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 341 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 542 2

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site