IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


බැචලගේ වාර්තාවට ජනපති අනුමැතියෙන් තොරව ප්‍රතිචාර

හර්ෂණ තුෂාර සිල්වා
 
 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්ෂිකව වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතියකින් තොරව පිළිගෙන ඊට ප්‍රතිචාර දක්වා තිබූ බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා කොළඹ දී අද (25) පැවැසීය.
 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් නොකර තනි තීරණ ගනිමින් එසේ කළේ කවුරුන් ද යන්න සොයා බැලිය යුතු බව ද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කීවේය.
 
බත්තරමුල්ල පළාත් ආණ්ඩුකාරවරයාගේ නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා එම කරුණු සඳහන් කළේය.
 
මහ කොමසාරිස්වරියාගේ වාර්ෂිකව වාර්තාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පෙර ශ්‍රී ලංකාවට එවා තිබූ බවත් එම වාර්තාව පිළිගෙන සම අනුග්‍රහය දැක්වීම සඳහා එකඟත්වය පළ කරමින් ඊට ප්‍රතිචාර දක්වා තිබූ බවත් ආණ්ඩුකාරවරයා කීවේය. 
 
අග්‍රාමාත්‍ය කාර්යාලයේ තනි පුද්ගලයකුගේ වුවමනාවකට ඒ සියල්ල සිදුවී තිබූ බවත් හෙතෙම කීය.
 
අදාළ වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැරදි කරුණු සහ අඩුපාඩු රැසක් තිබූ බව කී උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ජීනිවා නුවරදී එම අඩුපාඩු සහ වැරැදි මහ කොමසාරිස්වරියට පෙන්වා දීමට හැකි වු බව ද පැවැසුවේය.
 
පිළිගත නොහැකි මූලාශ්‍ර රැසක් පදනම් කරගනිමින් මහ කොමසාරිස්වරියගේ නිල වාර්තාව සකසා තිබූ බවත් ඒ බව ද එහි දි පෙන්වා දුන් බව ආචාර්ය සුරේන් රාඝවන් මහතා කීවේය. මහ කොමසාරිස්වරිය ඒ බව පිළිගත් බව ද හෙතෙම කීය. 
 
පසුගිය වසර හතරක කාලයේදී ශ්‍රී ලංකා යුද හමුදාව විනය විරෝධී හෝ නීති විරෝධී හෝ මානව හිමිකම්වලට විරුද්ධ ක්‍රියා කිසිවක් කර නැති බව ජීනිවා නුවරදී මානව හිමිකම් කවුන්සිලයට පෙන්වා දුන් බවත් ඒ බව මෙරට සිටින තානාපතිවරුන්, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සංවිධාන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යවන විස්තරවලින් ද තහවුරු වූ බවත් ඔහු කීය.
 
ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගැනීමට හැකි වූ බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා වැඩිදුරටත් කීවේය.  
 
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (1)

බැචලගේ වාර්තාවට ජනපති අනුමැතියෙන් තොරව ප්‍රතිචාර

Rasika Tuesday, 26 March 2019 03:19 AM

ඉතිං අගමැති කාර්යාලයෙන් යවපු විදේශ ඇමැති ජිනීවා සමුළුවේදී කිව්වේ ඔය ටිකම තමා.

:       6       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 137 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1251 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 346 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 181 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 106 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 807 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site