(ඩයනා උදයංගනී)
ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා සංචරණ සීමා ලිහිල් කළ අද (25) උදෑසන සිට විශාල ජනතාවක් නගරවලට පැමිණ සිටියහ.
මේ වෙනුවෙන් අද (25) උදෑසන 04.00 සිට රාත්‍රී 11.00 දක්වා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදීගැනීමට නිවසකින් එක් අයෙකුට පමණක් ළඟම පිහිටි වෙළෙඳසැලට පා ගමනින් යෑමේ අවස්ථාව පවතින බව රජය නිවේදනය කර තිබුණත් ජනතාව පෞද්ගලික වාහනවලින් පැමිණ සුපිරි වෙළඳසැල්, සතොස අලෙවිසැල් හා මග දෙපස භාණ්ඩ අලෙවිසැල් අසල පෝලිම් ගැසී භාණ්ඩ මිලදී ගනිමින් සිටිනු දක්නට ලැබිණි.
ඇතැම් ස්ථානවල ජනතාව දුරස්ථභාවය ගැන පවා අවදානය යොමු නොකරමින් කටයුතු කරනු ද දක්නට ලැබිණි.
මේ හේතුවෙන් නගරවල රථ වාහන තදබදයක් ද පැවතිණි.
එහෙත් මේ වනවිට ප්‍රධාන නගරවලට ජනතාව විශාල වශයෙන් එක්රැස්වෙමින් පවතින බවත් එය බරපතළ ගැටලුවක් බවත් පොලිසිය සඳහන් කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
(ඡායාරූප: ජයමල් චන්ද්‍රසිරි)
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බඩු ගන්න මහ පෝලිම්
Nuwan Tuesday, 25 May 2021 09:51 AM
තුන්වන රැල්ල යන්නත් කළින්, 4 වැනි රැල්ලේ ඉඟි බිඟි තමයි මේ පේන්නේ..
දොලේවත්තTuesday, 25 May 2021 11:04 AM
ප්‍රායෝගික නොවන නීති පැනවීමෙන් පමණක් කොරෝනා මැඩලිය නොහැක. දිනෙන් දින තම භාණ්ඩ මිලදී ගන්නා මේ රටේ ජනතාවට සති ගාණකට සෑහෙන භාණ්ඩ ගබඩා කර ගැනීමේ වත්කමක් නැත. සියලු මහජනතාවගේ නිවෙස් අසල තම අවශ්‍යතා සියල්ල සපයා ගැනීමට තරම් භාණ්ඩ සුලබ අලෙවිසැල් නැත. කිලෝමීටර් හත අටක් දුර ආසන්නම නගරයට පැමිණෙන ජනයාට තම භාණ්ඩ රැගෙන එතරම් දුරක් පයින් යා නොහැක.
සෙනෙවිරත්න Tuesday, 25 May 2021 10:19 AM
මාර කොමඩි අපේ රටේ, ගාල්ලේ සුපිරි වෙළෙඳ සැලක පාකිං ඒරියා එක වහලා, ඒකට ආපු වාහන ප්‍රධාන පාරෙ දිගටම පාකිං, මිනිස්සු වෙළඳ සැලේ. ලෙඩා මලත් බඩ සුද්දයි. කොහොමද ටිකිරි මොලේ?
Demuni Uduwara Tuesday, 25 May 2021 11:38 AM
විපාකය ආසන්නයි.
Demuni Uduwara Tuesday, 25 May 2021 11:41 AM
ගෝඨාභය අසමත් බව නැවත ඔප්පු කළා.. !!!
fairoos Tuesday, 25 May 2021 01:39 PM
අපි තමයි හොඳට කළේ.. ඒක කියන්නේ නැහැ කවුරුත්.. අයියෝ නන්දසේන.
dhamneth Wednesday, 26 May 2021 03:15 AM
දින ගණනක් සංචරණ සිමා පනවා වසාතබා කඩ විවෘත කළාම ජනයා රැස්වන එක පුදුමයක් නොවේ. මෙයට හොඳම විසඳුම තමයි ජංගම වෙළෙඳසැල් ආරම්භ කිරීම..