(ඩයනා උදයංගනී)
සඳුන් ගස් දහසකින් සමන්විත ශ්‍රී ලංකාවේ පළමු 'සඳුන් උයන' බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර අපේ ගම පරිශ්‍රයට යාබදව පාර්ලිමේන්තු සංකීර්ණය අසල අක්කර 9ක භූමියක ඉදිකෙරෙන අතර එය නුදුරේදීම විවෘත කිරීමට නියමිතය.
සඳුන් ඉහළ ආර්ථික වටිනාකමක් සහ දිව්‍යමය ගුණ සහිත ශාකයක් ලෙස සැලකේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ අධීක්ෂණය යටතේ මෙම ජාතික සදුන් උයනේ ඉදිකිරීමේ කටයුතු සිදුකෙරේ.
මෙහි ඉදිකිරීම්වලින් සියයට 98ක් මේ වන විට අවසන්ව ඇති අතර මෙම මස අග වනවිට ඉදිකිරීම් කටයුතු නිමකිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ජාතික සදුන් උයන වෙනස්ම ආකාරයේ පරිසර හිත මිතුරු ව්‍යාපෘතියක් බවත් එහි සදුන් ශාකවලට අමතරව විවිධ පැහැයන්ගෙන් යුත් විසිතුරු මල් පැල රැසක් ද මෙහි රෝපණය කර ඇති බවත් එම අධිකාරිය සඳහන් කරයි.
උද්‍යානයට ඇතුළුවන ස්ථානයේ ජල පොකුණු දෙකක් ඉදිකර ඇති අතර ප්‍රවේශ මාර්ගය දෙපස බිත්ති දිය ඇල්ලක් මෙන් නිරන්තරයෙන් ඇද හැලෙන සිහින් ජල ධාරාවලින් යුතු වේ.
වර්ණවත් මල් ගොමු, වතුර මල්, කුඩා පොකුණු 12 ක්, එළිමහන් රංග පීඨයක් ආදී අංගවලින් ද මෙම සඳුන් උයන සමන්විතය.
ජාතික සදුන් උයන ගොඩනැගීම අදියර දෙකක් යටතේ සිදුවන අතර නාගරික සංවර්ධන අධිකාරිය මගින් මෙහි පළමු අදියර වෙනුවෙන් රුපියල් කෝටි 13 ක් ද, දෙවන අදියර සදහා රුපියල් කෝටි 16 ක් ද වැයකර ඇත.
නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරන බව ද එම අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසීය.
නිදහස, විවේකය, හුදෙකලාව, විනෝදය වෙනුවෙන් නිර්මාණය කෙරෙන මෙහි, ව්‍යායාම කිරීම, විවිධ භාවනා වැඩසටහන් කිරීම ආදිය වෙනුවෙන් ද සුදුසු පරිසරයක් පවතී.
ජාතික සදුන් උයනට පැමිණෙන්නන්ට ස්වභාවික ආහාර පාන ලබාගැනීමේ අවස්ථාවද හිමිවන අතර එය වාහන 60 ක් නවතාලිය හැකි විවෘත රථගාලකින් ද සමන්විතය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බත්තරමුල්ලට සඳුන් උයනක්