IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බෞද්ධයනට පන්සල් යාම අනිවාර්ය කළ යුතුයි-අගමැති

(ඩයනා උදයංගනී)

බෞද්ධයන්ට සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකටවත් පන්සල් යෑම අනිවාර්ය කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියයි.

එමෙන්ම දරුවන් දහම් පාසල් යැවීමත් අනිවාර්ය කළයුතු යැයි ද අගමැතිවරයා පවසයි.

අනෙකුත් ආගම්වල ඒ කටයුතු නිසිපරිදි සිදුවන බවත්, වෙනත් ආගමිකයින් නියමිත දිනයකදී පල්ලි ගියත් බෞද්ධයන් පන්සල් නොයන තැනකට පත්ව ඇතැයි ද අගමැතිවරයා සඳහන් කරයි.

තරුණ දූ දරුවන් ආගමික කටයුතුවලට දායක කරගනිමින් නොමග නොයන ලෙස වගබලා නොගතහොත් සිදුවන්නේ විශාල විනාශයක් බව ද අගමැතිවරයා කීවේය.

අගමැතිවරයා මේ බව පැවසුවේ පුත්තලම, මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක් උසැති චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට අද(14)  එක්වෙමිනි.



අදහස් (42)

බෞද්ධයනට පන්සල් යාම අනිවාර්ය කළ යුතුයි-අගමැති

Kasun Sunday, 14 March 2021 12:32 PM

පන්සල් ගියාම හරිද? එතකොට දවස් 365ම බණ අහන ජාතිය අන්තිමටම පිරිහිලා තියෙන එකට මොකද කියන්නේ..?

:       0       0

මැක්ස් Sunday, 14 March 2021 12:41 PM

ඕං බලන්න දැන් නිරාගමිකයින්, ඇන්ජීඕකාරයින් මේ යෝජනාවට ගරහන්න පටන් ගන්න හැටි...

:       0       0

දිමුත් Sunday, 14 March 2021 12:42 PM

ඉදල ඉදල ඔය වගේ කතාවක් තමයි ඉතින් කියන්න දන්නේ...

:       0       0

පිටිගල මිලානෝ Sunday, 14 March 2021 12:45 PM

අගමැතිතුමනි.... පන්සලේ ඉන්න හාමුදුරුවෝ ලෑන්ඩ් කෲසරයෙන් වැඩලා භවභෝග තනතුරු රැස්කරගෙන ඉවරවෙලා අපිට කියනවා සියල්ල අතහරින්න කියලා. ඉතින් මේක අපි ජීවිත කාලයක් පන්සල් ගිහින් අත්විඳිනවා. නමුත් අපේ ළමයි අහන ප්‍රශ්නවලට තමයි උත්තර නැත්තේ...

:       0       0

ajantha herath Sunday, 14 March 2021 12:46 PM

පන්සල් යන්න අවුලක් නැහැ.. හොරාකන එක තමයි වැඩේ..

:       0       0

lanka Sunday, 14 March 2021 12:46 PM

අනේ මන්දා... අපි දැකලා තියෙන සමහර දේශපාලකයින් හැම වෙලේම පන්සල්වල... එ්ත් ඒ අය හොරකම් කිරීම, බොරු කීම කරනවනේ.....

:       0       0

මහින්ද Sunday, 14 March 2021 12:53 PM

පන්සල් යන එකේ අගය මේ මහත්තයා තරම් දන්නා කෙනෙක් මුළු ලෝකයේම නැතුව ඇති. අවුල තියෙන්නේ මොන කාරණාවක් ඉෂ්ඨ කර ගන්නද පන්සල් යන්නේ කියන එකයි.

:       0       0

Almeida Sunday, 14 March 2021 12:58 PM

ගොන් පාර්ට් තමයි.

:       0       0

Ruhunu Sunday, 14 March 2021 12:59 PM

බෞද්ධ රටක ගව ඝාතනය නතර කරන්න බැරිචෙච්ච එකේ ... බෞද්ධයින් පන්සල් යන එක අනිවාර්ය කරන්න හදනවා.

:       0       0

banda Sunday, 14 March 2021 01:16 PM

හාමුදුරුවෝ දේශපාලනය කරන නිසා මිනිස්සු පන්සලෙන් ඈත් වෙනවා. ගම දෙකට බෙදිලා... මිනිස්සු පන්සල් ගේන්න කළින් හාමුදුරුවරුන්ව දේශපාලන වේදිකාවෙන් බස්සන්න අගමැතිතුමෝ...!!! 

:       0       0

banda Sunday, 14 March 2021 01:18 PM

බුදු දහමේ අනිවාර්ය නීතියක් කොහේවත් නැත. කැමැති කෙනෙකුට පන්සල් එන්නත්.., අනෙක් අයට ගෙදර ඉන්නත් පුළුවනි.

:       0       0

විපරමා Sunday, 14 March 2021 01:29 PM

දියවන්නාවේ ඉන්න කට්ටියත් ඔය දේවල් මීට කලින් පිළිපැද්දේ නැති එකෙන් රටට වෙලා තියෙන හරිය පේනවනේ...!!! 

:       0       0

පිටරැටියා Sunday, 14 March 2021 01:58 PM

මට මතක් වෙනවා... ඉස්කෝලේ යන කාලේ ඉගෙනගත්තු කවියක්. "ඔවා දෙනු පරහට, තමා සම්මතෙහි පිහිටා සිට. තමුන්ගේ අයම කරලා තියෙන හරිය ගැන අමුතුවෙන් නොකීවට ලෝකෙම දන්නවා.

:       0       0

Lanka Sunday, 14 March 2021 02:00 PM

ඔව් දැන් මට පේනවා, ජිම් පප්පලා මොනවටද ලෑස්ති වෙනවා. ඡන්දයක් අතළඟ වගේ...

:       0       0

Raveendra Sunday, 14 March 2021 02:25 PM

අහවල් අක්කලාගේ පස්සේ දුවමින් තිරුපති වඳිමින් රතු නූල් ගැට ගසමින් වශී බෝල තදකරමින් මිථ්‍යාදෘෂ්ඨියේ ගැලී ඉඳිමින් රටේ මිනිස්සුන්ට පන්සල් යන්න අනිවාර්ය කරන ජාතියේ අප්පච්චි...

:       0       0

Puppa Sunday, 14 March 2021 02:38 PM

පවුකාරයින් ඉවත්වෙලා යන්න.

:       0       0

janabala Sunday, 14 March 2021 02:39 PM

පාර්ලිමේන්තුවේ බෞද්ධයින්ට පන්සල් යාම අනිවාර්ය කළ යුතුයි. ඔවුන්ගේ ආගම, දහමට එරෙහි බාර්, මත්ද්‍රව්‍ය වෙළඳාම, ව්‍යාපාර තහනම් කර මරණ දඬුවම දුන්නොත් රට හැදේවි..

:       0       0

සිල්වා Sunday, 14 March 2021 02:59 PM

එතකොට අපේ දේශීය දෙවිවරු කල්ලතෝනිද? අපේ දේ, අපේකම, දේශීය දෙවිවරු අපේ දේශීය දෙවිවරුන්ට රටේ මුල් තැන දෙනතුරු රටේ දියුණුවක් නැත.

:       0       0

නිමල් Sunday, 14 March 2021 03:03 PM

මට මේවට කියන්න වචන එන්නේ නෑ. දැන් එ්කයි අඩුවෙලා තියෙන්නේ. රටම විනාශකර ආයේ පටන්ගත්තා මාර්කටින්.

:       0       0

රමල් Sunday, 14 March 2021 03:11 PM

බෞද්ධයකු යනු කවුරුන්ද යන්න නිර්වචනය කරන්නේ කෙසේද? ඔබ ශික්ෂා පද පහ පිළිපදිනවාද?

:       0       1

කමල් Sunday, 14 March 2021 03:41 PM

බුද්ධ ශාසනය පිළිබඳ මෙතුමාගේ වැටහීම බොහෝම දුර්වලයි. මුලින්ම මෙතුමා පන්සල් ගිහිල්ලා ඔය කියලා තියෙන්නේ විහිළු සහගත ප්‍රකාශයක් බව වටහා ගත්තොත් වටිනවා.

:       0       1

බණ්ඩා Sunday, 14 March 2021 05:34 PM

පිස්සුද නැත්නම් වයසේ වැරද්දද? ඒ කාලේ ඉඳලා පන්සල් ගියා නම් අද කී දෙනෙක් ජීවතුන් අතරද​?

:       0       1

dhamneth Sunday, 14 March 2021 11:24 PM

බෞද්ධයන් පන්සල් යාම අඩුවීමට ප්‍රධාන හේතුවක් තමයි කොතරම් සිල්වත් වූවත්, සැදැහැවත් වුවත් මුදල් නැති බෞද්ධයින්ට සමහර පන්සල්වල තැනක් නැහැ.

:       0       1

ලුම්බිණි Sunday, 14 March 2021 11:39 PM

අගමැතිතුමා, බලයෙන් හෝ නීතියෙන් මිනිසුන් නිවන් මගට යොමු කරන්න බැහැ.

:       0       0

Prasad Sunday, 14 March 2021 11:53 PM

අපි නොගියට ඔයාල වගේ අය යන එක හොදයි

:       0       1

මෝ Sunday, 14 March 2021 11:55 PM

හැමදේටම කලින් දරුවන්ට දහම් අධ්‍යාපනය අනිවාර්ය කරන්න

:       0       1

Ranjith Monday, 15 March 2021 12:00 AM

ගව ඝාතනය නැවැත්තුවා වගේද සර්....?

:       0       1

rocky Monday, 15 March 2021 12:38 AM

එහෙම කොහොමද අනිවාර්ය කරන්නේ..? හොඳයි නොගියොත් දෙන දඬුවම කුමක්ද? අගමැතිතුමෝ, ගැලරිය පිනවන මෝඩ කතා කියන්න එපා. මම හොඳ බෞද්ධයෙක්... ඒ වුණාට මම නම් පන්සල පළාතේවත් යන්නේ නැහැ. ඔහොම ගියොත් කියාවි පෝයට සිල් නොගන්න අයට මරණ දඬුවම දෙනවා කියලා..

:       0       0

කසුන් සොයියා - අම්බලන්ගොඩ Monday, 15 March 2021 12:38 AM

මේ පෙනෙන්නේ ආගමික වශයෙන් අපේ රටේ පිරිහීම නොවෙයිද... කියන කථාවෙන් නොකියන දේ හෙළිදරව් වෙනවා. අද බොහෝ පන්සල්වල ව්‍යාපාර කටයුතු සිදු කෙරෙනවා. ආගමට සැබෑ ලැදියාවක් ඇති හොඳ මිනිසුන් පන්සලෙන් නොව ස්වාමීන් වහන්සේලාගෙන් ඈත් වෙනවා. හිස මුඩුගා ගත් පමණින් සිවුරක් දා ගත්තු පමණින් ස්වාමින් වහන්ස කෙනෙක් වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලාට අයිති පාත්තරයයි. සිවුරයි විතරයි. නමුත් අද මේ අය කොතරම් සුඛෝපභෝගී ජීවිත ගෙවනවද? අත්හරිනවා වෙනුවට පුලුවන් තරම් එකතු කර ගන්නවා. බැංකු පොත්වල ගිණුම් අරන් බලන්න... කෝ්ටි ප්‍රකෝටිපතියෝ. මේක පටන් ගන්න ඕන අපේ පාසල් පන්ති පොතෙන්. නැවතත් අපාය පෙන්නන්න වෙනවා. අපේ ගමේ එක පන්සලක් හරියට ගරාජයක් වගේ. හාමුදුරුවො වාහන ගේනවා. අලුත්වැඩියා කරනවා. වැඩි ගාණට විකුණනවා. ධර්ම ශාලාව ටියුෂන් පන්තිවලට බද්ධට දෙනවා. මේවා තමයි අද පන්සල් වලින් කරන ශාසනික සේවය. මම කියන්නම් ඕන තරම්. කොසොල් රජු දුටු සිහින දහසය සැබෑ වන කාලය තමයි මේ...

:       0       1

Makola Mangala Himi Monday, 15 March 2021 01:07 AM

ඒකනම් හොඳයි.. එසේම කැලණිය පැත්තේ ඉන්න රාජ්‍ය ඇමැතිවරුන් පස්වරු 2 සිට මත්වතුර පානය කරන එකත් නතර කළොත් හොඳයි.

:       0       1

Bamunuarachchi Monday, 15 March 2021 03:00 AM

මුස්ලිම්, හින්දු, ක්‍රිස්තියානි ආගමිකයින් ආගමට ලැදිව ක්‍රියා කරන ආකාරය දුටුවාම බෞද්ධයින් තමන් ගැනම ලැජ්ජා වෙන්න ඕනේ... අසාද් සාලි වැන්නවුන් ඔවැනි කතා කියන්නේ බෞද්ධයින්ව තේරුම් අරගෙන තිබෙන නිසා.

:       0       1

Bamunuarachchi Monday, 15 March 2021 03:05 AM

බෞද්ධයින් පන්සල් නොයාමට එක හේතුවක් වී තිබෙන්නේ පන්සල් වල සිටින භික්ෂූන්ය. භික්ෂූන් එවැනි තත්වයකට පත්වීමට හේතුව හැම දේකටම භික්ෂූන් සම්බන්ධ කරගන්න කපටි දේශපාලුවන්ය. එමනිසා බෞද්ධයින් පන්සල් නොයාමට එක හේතුවක් වන්නේ කපටි දේශපාලුවන්ය...

:       0       1

sharm warn Monday, 15 March 2021 03:16 AM

අභයාරාමයටද?

:       0       1

සිසිල් සුදේශ් Monday, 15 March 2021 04:07 AM

ඉහළ ඉඳන් හැදෙන්න ඕනෑ. "රජුන් අදමිටවත්, වෙති මැතිඳෝද එපවත්, දැක උන්ගේ පවත්, බමුණු ගහපතියෝද එගනිත්" කිව්වෙ කට කහනවට නෙවෙයිනේ...

:       0       1

rathgama Monday, 15 March 2021 04:08 AM

දැන් කොහේද ඔය කියන බෞද්ධයින් ඉන්නේ... ලංකාවේ නම් තාම මම බෞද්ධයින් දැකලා නැහැ.

:       0       1

samira Monday, 15 March 2021 05:15 AM

නිවහල් මනසකින් තම ජීවිත ජය ගැනීමට බුදුන් වහන්සේ දෙසු දහමේ තිබූ වැදගත්ම දෙය නම් නිදහසයි.

:       0       1

Rohana Monday, 15 March 2021 08:20 AM

තමන්ගේ සිතට එකඟ නම් පමණක් මගේ දහම් කරුණු පිළිපදින ලෙස බුදුරදුන් වදාළහ. එවන් නිදහස් දහමක් තවත් ගිහියකු විසින් අනිවාර්ය කරන්නේ කෙසේද? බුදුදහම නිදහස් මනසකට අවකාශ ලබාදී ඇති ලෝකයේ පවතින එකම දහමයි.

:       0       2

Ranjith Monday, 15 March 2021 09:36 AM

මෙතුමා තරම් නැතිබැරි වෙලාවට පන්සල් වලට යන එකේ ප්‍රයෝජන දන්නා කෙනෙක් නැතුව ඇති...

:       0       2

Rohana Monday, 15 March 2021 04:49 PM

බුදුරජාණන් වහන්සේවත් අනිවාර්ය නොකළ දෙයක්... මෙයා අනිවාර්ය කරන්නේ කොහොමද?

:       0       3

BamunuarachchiTuesday, 16 March 2021 09:17 AM

අපේ ආගමේ තිබෙන ඔය නිදහස නිසා තමයි කිසිම විනයක් නැති නන්නත්තාර වෙච්ච බෞද්ධ ජනතාවක් බිහිවෙලා තිබෙන්නේ.

:       3       0

NirmalaTuesday, 16 March 2021 09:27 PM

බමුණෝ කියන්නේ ගෝත්‍රීකරණය වෙන්න බලාගෙන ඉන්න අය කියලා මම අහලා තියෙනවා.

:       0       0

L.G.P.Jathunarachchi Wednesday, 17 March 2021 03:30 AM

ගරු අගමැතිතුමනි, අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාෙව් ඒ් සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වී නැහැ..!!!

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 648 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 179 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 540 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 136 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1805 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site