IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බුදුන්ගේ දකුණු දළදාව ඇත්තේ විල්ගම් වෙහෙරේ

දාගැබ සංරක්ෂණයට පෙර...


ගෞතම බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව නිදන්කොට සෝමනම් නුවර කරවන ලදැයි කියන දාගැබ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවිල පුද බිමට කි.මී. 4ක් පමණ උතුරු දෙසින් තිබෙන විල්ගම් වෙහෙර දාගැබ බවට පිළිගත හැකි සාධක අනුව නිගමනය කළ හැකි බව ත්‍රිකුණාමලය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය අර්ජුන තන්ත්‍රිගේ මහතා පවසයි. උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමේ මධ්‍යස්ථානය සේරුවිල විල්ගම් වෙහෙර රජ මහ විහාර පරිශ්‍රයේදී පසුගියදා ආරම්භ කෙරුණු  අවස්ථාවට සහභාගි වූ තන්ත්‍රිගේ මහතා එසේ ප්‍රකාශ කළේය.

එම අවස්ථාවට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය සෙනරත් දිසානායක, මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩ බලන අධ්‍යක්ෂ මහාචාර්ය ගාමිණී අධිකාරි, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකරු පුරාවිද්‍යාඥ ටී.ඩී.සී. පුෂ්ප කුමාර මහතා ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.
මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය අර්ජුන තන්ත්‍රිගේ මහතා මෙසේ පැවසීය.

 පුරාණයේ විල්ගම් වෙහෙර පිහිටි ප්‍රදේශය සෝමනුවර විය හැකියි. කාවන්තිස්ස මහ රජුගේ සහෝදරිය වන සෝමාවතියත් ඇය විවාහ කරගත් ගිරි අබා නම් ප්‍රාදේශීය රජුත් දකුණු දළදාව තැන්පත් කර දාගැබක් ඉදිකළ බවට ධාතුවංශයේ සඳහන් වෙනවා. එම ධාතුවංශයේ විස්තරයේම සේරු නම් විල  කෙළවර ගිරි අබා නම් රජු විසින් කළ දාගැබ පිහිටි ස්ථානය බවට සඳහන් වෙනවා.

 වර්තමානයේ සේරුවිල තිබෙන්නා වූ  විල කෙළවර මෙන්ම සේරුවිල පුද බිමට උතුරු දෙසින් ඇති පෞරාණික එකම දාගැබ  මෙම දාගැබ නිසාවෙන්, නිගමනය කළ හැකි වන්නේ එම දළදා වහන්සේ තැන්පත් දාගැබ මෙම විල්ගම්වෙහෙර දාගැබ වන්නට පිළිවන් බවයි.
ධාතුවංශයේ සඳහන් පරිදි සේරුවිල දාගැබ නිමවා සඟසතුකොට පූජා කිරීමේ උත්සවයට  කාවන්තිස්ස රජු ඇතුළු පිරිස පිටත් වූයේ සෝමනුවර සිට බව සඳහන් වෙනවා. එහි මෙසේ ද සඳහන් වෙනවා.  

“ඉරු අවරට ගිය සැන්දෑ කාලයේ රජු ඇතුපිට නැගි ඇත්පෙරහරින් සේරුවිලට යන්න පිටත් වුණා. රජු ඇතුළු පිරිස සේරුවිලට ළඟා වන විට සේරුවිල සිටි පිරිස පහන් ආලෝක දල්වමින්  සිටි බවට තොරතුරු සඳහන් වෙනවා.  ඒ අනුව අපට සිතිය හැක්කේ මෙම විල්ගම් වෙහෙර පුරාණයේ සෝමනුවර නම් වූ මෙම නගරයෙන් සවස හතරට පමණ ඇත් ගමනින් රජු පිටත්වන්නට ඇති බවයි. සේරුවිල පුදබිමට සවස 6 ට පමණ  පැමිණෙන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.  ධාතුවංශයේ තොරතුරු අනුව සේරුවිල හා ගිරි අභා රජුගේ ගිරිනුවර අතර දුර ඇතෙකුගේ ගමනින් පැය දෙකකින් පමණ  යා හැකි වන්නට පුළුවන්  ප්‍රදේශ දෙකකි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරි මහතා :- වත්මන් ජනාධිපති දිවයින පුරා විද්‍යාත්මක සිද්ධස්ථාන සංරක්ෂණය කිරීමෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා. එය සතියෙන් සතිය රැස්ව තීන්දු තීරණ ගන්නවා පමණක් නොව, සක්‍රීයව ක්‍රියාත්මක කරනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත මෙම සේරුවිල විල්ගම්  වෙහෙර දාගැබ කැණිම් කටයුතු කරගෙන යනවා. මෙම දාගැබ අවධි 3 ක් යටතේ ඉදිකෙරුණු බවට සාක්ෂි තිබෙනවා. ක්‍රි:පූ : 1, 2, ශතවර්ෂවල මෙන්ම අනුරාධපුර මැදභාගයේ සහ පොළොන්නරු යුගයේ සහස්සමල්ල රජුගේ කාලයේ කාසි හමු වීම තුළින් ද පොළොන්නරු යුගයේ අගභාගයේ මෙහි ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු කර ඇති බවට නිගමනය කර හැකිය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකරු පුරාවිද්‍යාඥ ටී.ඩී.සී. පුෂ්ප කුමාර මහතා එහිදී මෙසේ පැවසීය.

මෙම දාගැබ් මළුව ගඩොල් ස්ථර 16 කින් සමන්විත වනවා. මෙහි කැණිම්වලින් පැරණි ඇත් පවුරක් හමු වී තිබෙනවා. එය දාගැබේ පළමු අවධියේ කර වූ අංගයක්. දෙවැනි අදියරේ විශාල කිරීම් නිසා එම ඇත් පවුර විනාශ වී තිබෙනවා. මහා වංශයේ 33 පරිච්ඡේදයේ සද්ධාතිස්ස රජු රුවන්වැලි සෑයට ඇත්පවුරක් එකතු කළ බව සඳහන් වෙනවා. ඉතා පැරණි දාගැබ්වල තිබුණු අංගයක් වශයෙන් ඇත් පවුර හඳුන්වන්න පුළුවන්. මෙහි කැණීම්වලින් ඡත්‍ර හතරක් හා ඡත්‍ර දණ්ඩක් හමුවී තිබෙනවා. පැරණි දාගැබ්වල කොත වෙනුවට ඡත්‍ර දණ්ඩ මත ඡත්‍රය තබා දාගැබ සකස් කර තිබෙනවා. වර්ග කි:මී: 400 පුරා මෙම චෛත්‍ය මළුව පිහිටා තිබෙනවා. ඉතා දියුණු වාස්තුවිද්‍යාත්මක තාක්ෂණයක් අනුව මෙහි ඉදිකිරීම් කර ඇති  බව පෙනෙනවා. මෙහි කැණීම්වලින් දුර්ලභ පුන්කළස සහිත සිරිපතුල් ගලක් හමු වී තිබෙනවා. ගඩොලින් නිමවන ලද චෛත්‍ය මළුවක් ඇති මෙම දාගැබ සේරුවිල ස්තූපයටත් වඩා පැරැණි දාගැබක් වශයෙන් සිතන්න පුළුවන්.

පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා:- පුරාණයේ මෙරටට තම්බපණ්ණි යනුවෙන් හඳුවන්නට ඇත්තේ තඹ ලෝහවලට ප්‍රසිද්ධ නිසාය. මූලාශ්‍රවල  අතීතයේ තඹ අපනයනය කළ බවට තොරතුරු සඳහන් වෙනවා. ආසියාවේ දැවැන්තම තඹ නිධිය තිබෙන්නේ සේරුවිල ප්‍රදේශයේ. මෙම විල්ගම් වෙහෙර දාගැබේ නම  කුමක් දැයි ස්ථීර වශයෙන් ම ප්‍රකාශ කිරීමට තවම සාධක හමුවෙලා නෑ. නමුත් ක්‍රි:පූ: 1, 2 සියවස්වල ඉදිකරන ලද බවට නම් පැහැදිලිව කිව හැකියි.

මෙම පුරාවිද්‍යාත්මක  භූමිය පිළිබඳව පුරාවිද්‍යා  දෙපාර්තමේන්තුවට කරුණු වාර්තා කළ කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේ මෙන්ම අළුදෙනියේ සුබෝධි ස්වාමින් වහන්සේ ද මෙම විල්ගම් වෙහෙර පූජා භූමියේ වතාවත් කරමින් ආරක්ෂා කරගෙන සිටින මොරටුවේ සමින්දි ස්වාමින් වහන්සේ ඇතුළු සෙසු ස්වාමින් වහන්සේලා මෙහිදී ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා

අප දෙපාර්තමේන්තුවේ කටයුතු කර ගෙන යාමට ප්‍රමාණවත් පුරා විදාඥයින්ගේ හිඟයක් තියෙනවා. පුරාවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරීන් දෙපාර්තමේන්තුවටම සිටින්නේ  20යි. පුරාවිද්‍යා ආචාර්ය උපාධිය හැදෑරීමට මිලියන 5 පමණ මුදලක් වැය වෙනවා. කෙසේ නමුත් පවත්නා සම්පත් උපරිම යොදාගෙන අප රටේ උරුමය ආරක්ෂා කිරීමට හා සංරක්ෂණය කිරීමට අපි කටයුතු කරනවා යැයි ද ඔහු පැවසීය.

ආචාර්ය අර්ජුන තන්ත්‍රිගේ මහතා නටබුන් පරීක්ෂා කරමින්...

 

මහාචාර්ය සෙනරත් දිසානායක මහතා අදහස් දක්වමින්...

 

(*** සේරුවිල සුගත් බද්දේගෙදර)



අදහස් (9)

බුදුන්ගේ දකුණු දළදාව ඇත්තේ විල්ගම් වෙහෙරේ

Pathum Tuesday, 04 August 2020 10:01 AM

ඒ අයට මොනවා කියන්න බැරිද? අපි දන්නේ නැති නිසා...

:       539       32

සේන Tuesday, 04 August 2020 10:08 AM

අපේ ඉතිහාසය මකා දමමින් ආක්‍රමණිකයන්, අන්තවාදීන්, ත්‍රස්තවාදීන් මහා විනාශයක් කර තිබෙනවා. මේ නිලධාරීන් කොහේ හිටියද දන්නේ නෑ. දැන්වත් අදාල ස්ථානවලටම ගිහින් වැඩක් කරාවියැයි සිතනවා. සීත කාමරවල ටයි එල්ලගෙන ලොකු පඩියක් සාක්කුවට දාගත්තට රටේ දේවල් සුරැකෙන්නේ නෑ...

:       44       229

සුමනදාස Tuesday, 04 August 2020 11:37 AM

තව ටික කාලෙකින් මැදමූලන කියලා කියන්නත් බැරි නෑ.

:       875       286

rupaWednesday, 05 August 2020 03:45 AM

බොරු කතා නොකියා ඉමු නේද.?

:       0       0

jambu64 Tuesday, 04 August 2020 11:42 AM

අවුරුදු 2564ක බෞද්ධ ඉතිහාසය... දැන් මොකක්ද මේ වෙන්න යන්නේ?

:       200       2

siri Tuesday, 04 August 2020 02:41 PM

මෙදාපාර අගනුවර හම්බන්තොටට ගියාට පස්සේ දැන් නුවර තියන දළදා මාලිගාවත් ඇත්තටම ගෙනයනවා සහතිකයි.

:       60       211

Perera Tuesday, 04 August 2020 07:19 PM

ඔතන හෝටලයක් හදාවි තව නොබෝ දිනකින්.

:       0       0

damith Wednesday, 05 August 2020 12:23 AM

වර්තමානය නරක් වුනාට අතීතය පලිද ?

:       0       0

rupa Wednesday, 05 August 2020 03:44 AM

එතකොට සොමවතියේ තිබෙන්නේ මොකක්ද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 600 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 168 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 488 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 120 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1712 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 182 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site