IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණ‘ ප‍්‍රදානය අගමැතිගේ ප‍්‍රධානත්වයෙන්

(නිමල කොඩිතුවක්කු)
 
භික්ෂූන් වහන්සේ රක්ෂණය කිරීමේ ‘බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණ‘ හිමිකම්පත් ප‍්‍රදානය කිරීමේ ජාතික වැඩසටහන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද (26) සිදුකෙරිණ.

 
භික්ෂු රක්ෂණය ලබාදීම  සංකේතවත් කරමින් දෙදහසක් භික්ෂූන් වහන්සේ සඳහා රක්ෂණාවරණ පිරිනැමුනු අතර මේ සඳහා මහානායක හිමිවරු, අනුනායක හිමිවරු ඇතුළු මහා සංඝ රත්නය වැඩම කර සිටියහ.
 
‘බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණය‘ අදියර තුනක් යටතේ ක‍්‍රියාත්මක බවත් එහි පළමු අදියර ලෙස සියලුම භික්ෂූන් වහන්සේලා රක්ෂණය කරන බවත් බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා පැවැසීය.
 
‘බුදුපුත් සුරක්ෂා රක්ෂණය‘ මගින් භික්ෂූන් වහන්සේ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලැබීමේදී රුපියල් ලක්ෂ දෙකක උපරිමයකුත්, රජයේ රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලැබීමේදී දිනකට රුපියල් තුන්දහසකුත්, හදවත් සැත්කම් සඳහා උපරිමය ලක්ෂ දහයක මුදලකුත්, පිළිකා රෝග  සඳහා උපරිමය ලක්ෂ පහක මුදලකුත්, වකුගඩු  රෝග  සහ මොළයේ සැත්කම්  සඳහා උපරිමය ලක්ෂ දොළහක මුදලකුත් ඇතුළු රක්ෂණ ප‍්‍රතිලාභ හිමිවේ.
 
මෙම අවස්ථාව සඳහා කතානායක කරු ජයසූරිය, අභ්‍යන්තර  හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වූහ.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)

 



අදහස් (5)

‘බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණ‘ ප‍්‍රදානය අගමැතිගේ ප‍්‍රධානත්වයෙන්

Mahee Wednesday, 26 June 2019 08:57 PM

මේ රක්ෂණයේ නම වෙනස් වුනා නම් හොඳයි කියලයි මට නම් හිතෙන්නේ.

:       0       1

Keppetipola Wednesday, 26 June 2019 11:59 PM

හාමුදුරුවරු සුරැකීමට වෙනත් ක්‍රම ඕනෑතරම් තිබියදී කෝටි ගණන් ණය අරගෙන මහජන මුදල් මෙලෙස වියදම් කරන්නේ ජනතාව රවටා ඡන්ද කඩා ගැනීමට නොවන්නේද? රට සුරකින්න බැරි අගමැති පිටරටට අපේ මව්බිම ටිකින් ටික විකුණමින් රට විනාශ මුඛයට ගෙනියනකොට හාමුදුරුවරුන්ගේ සුරක්ෂාව ගැන තවත් මොන විහිළු කතාද?

:       0       0

sisira Thursday, 27 June 2019 12:39 AM

ඡන්දය ලං වෙනකොටද බුද්ධ පුත්‍ර ආරක්ෂාව ගැන හිතිලා තියෙන්නේ? ඡන්දයෙන් දිනපු අලුත මේවා මතක් වුනේ නැද්ද?

:       0       0

MP Thursday, 27 June 2019 01:25 AM

බෞද්ධ අපට ඇති එකම රක්ෂණය ධර්මාණුකූලව ජීවත්වීම බව බුදුපියාණන් වහන්සේ වදාළහ.

:       0       0

indika Thursday, 27 June 2019 04:44 AM

තෙරුවන් සරණ තමයි හොඳම රක්ෂණය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 347 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 245 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 147 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 165 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 336 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 2034 2

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site