IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බදියුදීන්ගේ අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පාස්කු  ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ කුමන හෝ කරුණක් මත  හා වෙනත් ත්‍රස්තවාදි ක්‍රියාවක් සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා ඉදිරිපත් කොට තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති  බැවින් එය වලක්වාලන අතුරු  නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතා විසින්  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයෙන් ඉවත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා  අද ( 27 ) තීරණය කළේය.

ඒ අනුව විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා නොමැති වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම අගෝස්තු 07 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) නියම කළේය.
 මෙම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන , එල්.ටී.බී.දෙහිදෙණිය සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් යුතු ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ කැදවිණි.
 මෙම පෙත්සම කැදවූ අවස්ථාවවේ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ පෞද්ගලික හේතූන් මත තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බවය. 
 එබැවින් , තමන් නොමැති වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ  මෙම පෙත්සම් සලකා බලන්නැයි ද විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා දැනුම් දුන්නේය.

 
කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම සලකා බැලීම ලබන අගෝස්තු 07 කල් තැබිණි.

තමන් එලෙස අත්අඩංගුවට  ගැනීමේ අවධානම මගින්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති ආසන්නතම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීරණය කරන ලෙසත් , ඒ වෙනුවෙන් රුපියල් කෝටි පහක වන්දි මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු  අමාත්‍ය හා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාද් බදියුදීන් මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පරීක්ෂණ ඒකකයේ ස්ථානාධිපති රවින්ද්‍ර විමලසිරි , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක , නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ , වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රම⁣රත්න , නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මිය මාර්ගයෙන් හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සදහන් වේ.

පෙත්සම්කරු ලාංකිකයෙකි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.හිටපු අමාත්‍යවරයෙකි.මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධිත තාක්ෂණවේදය ජාතික ඩිප්ලෝමාව හැදැරූ අයෙකුද වේ.උසස් අධ්‍යාපන කටයුතු වලින් පසුව 2000 වසරේදි පූර්ණ කාලීන ලෙස දේශපාලනයට පිවිසි අතර එම වසරේදී වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන්ද , ඉන්පසුව පිළිවෙලින් 2001 , 2004 ,2010 සහ 2015 වසර වලදී පැවති පාර්ලිමේන්තු මහමැතිවරණය වලදී එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස යළි යළිත් තේරී පත් වූයේය.එසේම පෙත්සම්කරු ඉකුත් දශක දෙකකට ආසන්න කාලයක් තුල පිහිටවූ ආණ්ඩු වල අමාත්‍ය ධූර ගණනාවක් හෙබවූ අයෙකු වේ.

 2015 වසරේ පැවති මහමැතිවරණයෙන් පසුව පිහිටවූ රජයේ  කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය.
 
තමා අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ පසුගිය රජය සමයේ මෙරට සිදු වූ පාස්තු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කෙරිණි.පෙත්සම්කරුද එම තේරීම් කාරක සභාව හමුවේ කරුණු ඉදිරිපත් කල අතර ඒ ගැන එම කාරක සභාව තමන් ගෙන් ප්‍රශ්න කෙරිණි.ඉන්පසුව එම කාරක සභාව නිකුත් කළ වාර්තාව අනුව පෙත්සම්කරු එම ප්‍රහාරයට හෝ වෙනත් ත්‍රස්ත ක්‍රියාවන්ට හවුල් නැති බව කරුණු තහවුරු විණි.
 තත්ත්වය මෙසේ තිබියදී පසුගිය ජූලි 08 , 09 දිනවල රහස් පොලිසියට පැමිණෙන ලෙස පෙත්සම්කරුට දැනුම් දී තිබිණි.ඒ අනුව  එම රහස් පොලිස් නිලධාරීන් පෙත්සම්කරුගෙන් ප්‍රශ්න කෙරිණි.⁣එම නිලධාරීන් පෙත්සම්කරුගෙන් ප්‍රශ්න කර සිටියේ පාස්කු ඉරුදින කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේ බෝම්බ පුපුරුවා ගත් බෝම්බකරු වන ඉන්සාෆ් අහම්ඞ් සහ ඔහුගේ පියා වන මොහොමඞ් ඉබ්‍රාහිම් ගැනය.ඔවුන් සමග පැවති සම්බන්ධතාවය ගැන පෙත්සම්කරු ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරිණි.



අදහස් (1)

බදියුදීන්ගේ අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

කරුණාරත්න Monday, 27 July 2020 09:07 AM

එයත් කුට්ටියක් ගත්තද දන්නේ නෑ....

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1753 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


පුපුරන ද්‍රව්‍ය සමග දෙකක් දඹුල්ලෙන් අල්ලයි
2024 සැප්තැම්බර් මස 07 1723 2

යම් අපරාධයක් කිරීමට පුපුරන ද්‍රව්‍ය තොගයක් රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.


සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 06 6963 2

අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතතා ගමන් කළ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අනුරාධපුර හ


වතු බංගලාවේ බලෙන් සිටි රාජ්‍ය ඇමති අරවින්ද කුමාර් දොට්ට
2024 සැප්තැම්බර් මස 05 6079 4

අධ්‍යාපන රාඡ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි බව කියන හැටන් වැවිලි සමාගමට අයත් ලිඳුල ‘හෙන්ෆොල්ඩ්’ වතුය


රාජ්‍ය අමාත්‍යවරු හතරක් ඉවතට
2024 සැප්තැම්බර් මස 05 5465 4

රාජ්‍ය අමාත්‍යවරුන් හතර දෙනකු ජනාධිපතිවරයා විසින් ධුර වලින් ඉවත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.


ගෑස්-තෙල් බොරු පෝලිම් හදන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 05 4169 4

මහනුවර කටුගස්තොට පාරේ ඉන්ධන පිරවුම් හලක ව්‍යාජ ලෙස තෙල් සහ ගෑස් පෝලිමක් ඇතිකොට එය වීඩියෝ ගත කිරීමට තැත් කිරීමේදී මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් සහ පොලිස


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site