IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


බදියුදීන්ගේ මාමණ්ඩියට ඇප ඉල්ලා කළ ඉල්ලිම ප්‍රතික්ෂේප වෙයි

(නිමන්ති රණසිංහ)

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගේ මාමණ්ඩියට කොවිඩ් ආසාදිතව ඇති බැවින් ඔහු ඇප මත මුදා හරින ලෙසට නිතීඥවරුන් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (27) ප්‍රතික්ෂේප කළාය.

සැකකරුට කොවිඩ් ආසාදිතවී නම් ඔහු වහාම රෝහල්ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගන්නා ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළාය.

තම සේවාදායකයාට කොවිඩ් ආසාදිතවී ඇති බැවින් ඕනෑම කොන්දේසියක් මත ඔහුට ඇප ලබා දෙන ලෙසට මෙම සිද්ධියේ දෙවැනි සැකකරු වන අලි ඉබ්‍රාහීම් සායිබු කිදර් මොහොමඩ් සිහාබ්දීන් නමැත්තා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා කළ ඉල්ලීමක් මහේස්ත්‍රාත්වරිය එසේ ප්‍රතික්ෂේප කළාය.

ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා අද (27) අධිකරණයෙන් මෙම ඉල්ලීම කළේ මෝසම් පත්‍රයක් ඉදිරිපත් කරමිනි. තම සේවාදායකයා කොවිඩ් මර්දන දෙවැනි එන්නත ලබා ගෙන නොමැති බවත් එහෙයින් ඔහුට ජිවිත තර්ජනයක් ඇතිවීමේ ඉඩක් ඇති බවත් සදහන් කළ ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා රෝහල්ගත වීමට අවශ්‍ය බැවින් ඇප මත මුදා හරින ලෙසට අධිකරණයෙන් ඉල්ලීය.

බන්ධනාගාර ගත රැඳවියකුට කොවිඩ් ආසාදිත වූ බවට සඳහන් කළ පමණීන් ඇප ලබා දිය නොහැකි බවත් ප්‍රතිකාර ලබාදීම සඳහා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කළ හැකි බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරිය සදහන් කළාය.

ඒ අනුව, ඇප ලබා දෙන ලෙසට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය සැකකරුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදිමට කටයුතු කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

 



අදහස් (0)

බදියුදීන්ගේ මාමණ්ඩියට ඇප ඉල්ලා කළ ඉල්ලිම ප්‍රතික්ෂේප වෙයි

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 445 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 144 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 156 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 617 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 208 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 654 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site