IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


බදියුදීන්ගේ සොහොයුරා සී.අයි.ඩී. බාරයෙන් නිදහස් කරයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැදවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවාතබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ  සොහොයුරු  රියාජ් බදුර්දීන්   මහතා දැඩි කොන්දේසි  යටතේ එම රැදවුම් බාරයෙන් මුදා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 15)  නියෝග කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ   අත් අඩංගුවට ගෙන රදවා තබා ගැනීමෙන් සිය   මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ට තීරණය කරන ලෙස ඉල්ලා  පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ රියාජ් බදුර්දීන්  යන මහත්වරු ගොනු කල පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින්  ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  මෙම නියෝග ලබා දෙන ලදී..

ඒ අනුව  ඔහු නිවස පිහිටා ඇති කොළඹ නගර සීමාවේ රැඳිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

තවද ඔහු කොළඹ නගර සීමාවෙන් පිටත යන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාගේ අවසරය ගත යුතු බවටද , සෑම මසකම පළමු වන සහ තුන් වන සතියේ ඉරු දින  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ  පෙනී සිටිය යුතු බවට නියම කෙරිණ.

විදේශ ගත වන්නේ නම්  ඊට අධිකරණයේ අවසරය ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය  නියම කෙරිණ.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම්  විභාගය ලබන වසරේ  මැයි මස 10 වැනිදා ඇරඹීමට නියම කෙරිණ. 

විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගෙන සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දෙන ලදී



අදහස් (10)

බදියුදීන්ගේ සොහොයුරා සී.අයි.ඩී. බාරයෙන් නිදහස් කරයි

marikkar Monday, 15 November 2021 06:16 PM

නීතිය හා සාමය ඇමති සරත් වීරසේකර සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මේ පුද්ගලයා සම්බන්ධව කට උල්කරගෙන කියපු කතා මතක් වෙනවා...

:       3       14

BamunuarachchiMonday, 15 November 2021 11:39 PM

මෙයාට ගෙදර යන්න දුන්නේ නීතිය හා සාමය ඇමති සරත් වීරසේකර සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ නොවෙයි අධිකරණයෙන්. ඒ ගියේ නිදහස්වෙලා නොවෙයි. කොන්දේසි ගණනාවකට යටත් කරලා. තේරුනාද? වවැට පැන්නොත් කකුල කඩන සයිස් එකේ කොන්දේසි දාලා ගොයියව යැව්වේ. ඔලුව අතගාලා මල්ලි යන්න කිව්වේ නැහැ.

:       0       0

Bamunuarachchi Monday, 15 November 2021 06:16 PM

අවසර ඇතුව හෝ රටින් පිටවෙන්න දෙන්න එපා. ගියොත් නැවත රටට එන්න දෙන්නත් එපා. ජනගහනය වැඩිවීමවත් අඩුවෙයිනේ...

:       10       9

RoshanMonday, 15 November 2021 08:22 PM

තමන්ගේ බැරියාව රටට පෙන්වන්න එපා...

:       3       16

BamunuarachchiMonday, 15 November 2021 11:24 PM

අනාගත දරුවන්ට සම්පත් ඉතුරු කරන්න තේරුනාද?

:       0       0

BamunuarachchiMonday, 15 November 2021 11:33 PM

ඉංග්‍රීසි දන්නවානම් නොවෙම්බර් 15 වෙනිදා කලම්බෝ ටෙලිග්‍රාෆ් පත්තරය කියවන්න.

:       0       0

BamunuarachchiTuesday, 16 November 2021 07:35 AM

ඔය කතාව යුටියුබ් එකේ දාන්නකෝ මම උත්තර දෙන්නම්.

:       0       0

Nuwan Monday, 15 November 2021 07:53 PM

ඊළඟ ඡන්දෙ එනකම් පොඩි විවේකයක්...

:       0       10

BamunuarachchiMonday, 15 November 2021 11:34 PM

එච්චර ආදරෙයිද ?

:       0       0

kapila Tuesday, 16 November 2021 05:24 AM

ළඟදීම පාර්ලිමේන්තුවේ 2/3 හදාගන්න අවශ්‍යතාවක් ඇති. මේ රටේ බහුතරයක් ගොන්නු නිසා කමක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 148 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 102 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 490 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 244 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 255 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 1488 2

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 219 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 512 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site