IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


බදු ප්‍රතිලාභ ලබානොදෙන ව්‍යාපාරිකයන් ගැන පියවර ගන්නැයි ජනපතිගෙන් නියෝගයක්

(දසුන් රාජපක්ෂ)

රජය විසින් ලබාදෙන ලද බදු ප්‍රතිලාභ පාරිභෝගිකයන්ට ලබානොදෙන ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවරයන් ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාරිභෝගික සේවා අධිකාරියට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

සිල්ලර , තොග හා ආනයන ද්‍රව්‍ය විකිණීම මත වැට් බදු අඩුකිරීමෙන් අත්වන වාසි පාරිභෝගිකයන්ට නොලැබෙන බවට ජනතාව අඛණ්ඩව කළ පැමිණිලි කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා මෙම නියෝගය සිදුකර ඇති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව 2019 වසරේ දෙසැම්බර් 1 දින සිට බලපැවැත්වෙන පරිදි ලබාදුන් ප්‍රතිලාභ ජනතාවට නිරන්තරයෙන් ලබාදීමට මහා පරිමාන තොග ආනයනකරුවන් , නිෂ්පාදකයන් , බෙදාහරින්නන් සහ සිල්ලර වෙළඳුන් කටයුතු කරන්නැයිදැයි නිරන්තරයෙන් අධීක්ෂණය කරන ලෙස ජනාධිපතිවරයා පාරිභෝගික සේවා අධිකාරියට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

ව්‍යාපාරවලට අසාධාරණයක් නොවන ලෙස තරඟකාරී නොවන වෙළඳපොළ භාවිතයන් වළක්වා තිබෙන නිසා පාරිභෝගිකයන්ට අදාළ බදු ප්‍රතිලාභ ලබාදෙන මෙන් ජනාධිපතිවරයා ව්‍යපාරිකයන්ටද දැනුම්දීමක් කර ඇත.



අදහස් (6)

බදු ප්‍රතිලාභ ලබානොදෙන ව්‍යාපාරිකයන් ගැන පියවර ගන්නැයි ජනපතිගෙන් නියෝගයක්

ajith Tuesday, 14 January 2020 02:00 AM

ජනපතිතුමනි, සතොසේ සීනි මිල යහපාලන කලේ රුපියල් 98/- යි දැන් 100/- යි. පරිප්පු ඒකාලේ රුපියල් 108/- යි දැන් 124/- යි ගමේ කඩවල වියලි මිරිස් ඒකාලේ රුපියල් 280/- සිට 310/- යි දැන් රුපියල් 630/- යි. පාන් ගෙඩියක් 60/- 70/- යි. බනිස් මිල රුපියල් 5/- කින් අඩු කරපු කෙනෙක් නැහැ. ජනතාව කබලෙන් ලිපට වැටිලා. කාගේ වරදක් ද අපි නොදනිමු.

:       210       67

athuraTuesday, 14 January 2020 08:29 AM

ඔබතුමාට වැටිලා තියන ඩිස් ලයික් ටිකෙන්ම පේනවා ඔය කතාව ඇත්ත කියලා.

:       0       0

ලසන්ත Tuesday, 14 January 2020 03:22 AM

එතුමා ආර්ථික මධ්‍යස්ථානයට ගියා. දැන් රට හැමතැනම හාල් 70යි 75යි. එලවලු කුනුකොල්ලෙට විකිනෙන්නේ. මෝටර් රථ දෙපාර්ත්මෙන්තුවට ගියා දැන් කවුරුවත් පගාව ගන්නේ නෑ. ජාතික රෝහලට ගියා. රටේ හැම රෝහලකම නිලධාරීන් රාජකාරී කාලය තුල රෝහලේ, හරිම කාර්යක්ෂමයි හරිම කරුණාවන්තයි. ඔය විධියටම අනිත් ඒවාත් හරියයි.

:       152       38

athuraTuesday, 14 January 2020 04:23 AM

ඔබතුමා විහිළුද කරන්නෙ.

:       11       3

Hudson Tuesday, 14 January 2020 06:06 AM

ජාතික රෝහලට පස්සේ සිංගපූරු රෝහලේ පරික්ෂවකටත් ගියා. රන්ජාට පින්සිද්ධවෙන්න මේවා එලියට එන්නේ නැ.

:       151       27

Jaya Tuesday, 14 January 2020 06:29 AM

ඇතැම් ව්‍යාපාරිකයන් එදත් වැට් බදු පාරිභෝගිකයන්ගෙන් අයකලත් ඒවා රජයට ගෙවීම මගහැරියා. ඒනිසා දැන් වැට් බදු අඩුකිරීමේ වාසිය පාරිභෝගිකයාට ලැබීමට සැලැස්වුවහොත් එදා ඔවුන් ලැබූ ඒ අයථා ලාබය නැතිව යනවා. ඒ නිසයි මේ වැට් බදු අඩුකිරීමේ වාසිය පාරිභෝගිකයාට දීමට ඔවුන් මැලිවන්නේ. ගරු ජනාධිපතිතුමා ඇතුලු රජය මේසදහා කඩිනම් පියවර ගතයුතුයි. එසේ නොවුවහොත් නව රජය කෙරෙහි ජනතා අප්‍රසාදය එල්ලවීමට වැඩි කලක් ගතනොවනු ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

දියත

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 227 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 202 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 351 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 1130 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 992 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1332 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 457 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 242 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site