IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


බන්දුලගේ ප්‍රකාශය ගැන අකිලගේ විරෝධය

(රංජන් කස්තුරි)

මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේදී කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානයට ජාත්‍යන්තර පාසල් ශිෂ්‍යාවක පත්වීම පිළිබඳව හිටපු අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඉතා සාවද්‍ය හා අයුක්ති සහගත ප්‍රකාශ කරමින් තිබෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

හිටපු අධ්‍යාපන ඇමතිවරයකු එවැනි අදූරදර්ශී අතාර්කික ප්‍රකාශ දිගින් දිගටම සිදුකිරීම කනගාටුදායක කරුණක් බවද ඇමතිවරයා කීය.

රජයේ පාසල්, ජාත්‍යන්තර පාසල් හා පෞද්ගලික පාසල්වල දරුවන්ට වෙන වෙනම සැලකීමේ ක්‍රමවේදයක් ආණ්ඩුවේ හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ නොවන බවද කාරියවසම් මහතා පැවැසීය.

පෞද්ගලික අයදුම්කරුවන්ට උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ බාධාවක් නොවන අතර එය වසර ගණනාවක සිටම සිදු වූ සාමාන්‍ය ක්‍රමවේදය බවද පැවසූ අධ්‍යාපන ඇමතිවරයා ඉකුත් 2013 වසරේ සිට පෞද්ගලික අයැදුම්කරුවන් ඒ ඒ විෂය ධාරාවන්ගෙන් ඉහළ ස්ථානවලට පැමිණි අවස්ථා ඇති බවද අකිල විරාජ් කාරියවසම් මහතා කීය.

දේශපාලන අවශ්‍යතා මත බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා රටේ දරුවන්ගේ දක්ෂතා හෑල්ලුවට ලක්කිරීමේ පහත් උත්සාහයක නිරතවෙමින් සිටින බවද එහිදී අධ්‍යාපන ඇමතිවරයා පැවසීය.

එහිදී අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද කීය.

“එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව අධ්‍යාපනය ලැබීමේ අයිතිය සියලු දෙනාටම තහවුරු කර තිබෙනවා. කිසිම දරුවකුට වෙනස් කර සැලකීමේ අයිතියක් නැහැ. හැම දරුවකුටම සමාන අයිතිවාසිකම් ලබාදිය යුතුයි.”



අදහස් (17)

බන්දුලගේ ප්‍රකාශය ගැන අකිලගේ විරෝධය

බැංකු සුද්දා Monday, 07 January 2019 02:12 PM

සමනලයෙක් ගේ කණට මී පැණි ගෙනත් දෙනවා වගේ...

:       150       67

sirimal Monday, 07 January 2019 02:30 PM

බන්දුල මහත්තයා මහන්සි ගන්නේ "රජවාසල කවටයා" බවට පත්වෙන්න බැරි නැහැ. තව කතා දෙක තුනයි කියන්න තියෙන්නේ... ඉතින් ඒ වැඩේට අකුල් හෙලන්න එපා අයියෝ...

:       1024       917

Bamunuarachchi Monday, 07 January 2019 03:06 PM

අංක ගණිතය අනිවාර්ය නොකිරීමේ යෝජනාවට මොකද වුනේ..?

:       13       36

අනුරTuesday, 08 January 2019 01:57 AM

අංක ගණිතය, ශුද්ධ ගණිතය විෂයන් තිබ්බෙ ඉස්සර කාලෙ දැන් තියෙන්නෙ ගණිතය

:       1       13

BamunuarachchiTuesday, 08 January 2019 09:23 AM

අංක ගනිතයනේ ගණිත අතරින් ලෙහෙසිම ගණිතය නේද? එයත් ඉවත් කොරන්න හැදුවා. එතකොට බැංකු මංකොල්ල කෑම ජනතාවගෙන් වසන් කොරන්න පුලුවනිනේ.

:       15       0

Saman Monday, 07 January 2019 03:45 PM

බන්දුල කියන්නෙ දේශපාලන කුහකයෙක්. කලින් එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කළ කාලයේ බන්දුල මෙහෙමත් කිව්වනෙ. එක් පුවත්පතකට ඔහු පවසන්නේ “මහින්ද චින්තනය යනු හිස් පුද්ගලයෙකුගේ මනසේ ඇති වු හිස් විකාරයක්” බවයි. තවත් පුවත්පතකට ඔහු පවසන්නේ “මහින්දගේ හෙළුව පෙනෙන්නේ ඔහු සමග පෙරහැරේ යන්නන්ට නොව බලාගෙන සිටින අයට බව”යි. තවත් පුවත්පතකට ඔහු පවසන්නේ “රට නොබෙදා බලය බෙදන එකම නායකයා රනිල් වික්‍රමසිංහ බව”යි. මේත් ඒ බන්දුලම තමයි.

:       344       400

Kumara Monday, 07 January 2019 07:04 PM

ඔය කට්ටිය දන්නේ ජාතිවාදයයි රටේ මිනිස්සු ගොනාට ඇන්දවීමයි පමණයි.

:       23       57

mangala Tuesday, 08 January 2019 02:41 AM

නියම කතාව

:       37       9

piyal Tuesday, 08 January 2019 03:34 AM

මෙහිදී බන්ධුල ගුණවර්දන මහතා පෙන්වා දුන්නේ අඩු පහසුකම් සහිතව රජයේ පාසල් වල ඉගෙන ගන්නා දරුවන්ගේ ප්‍රතිපල වැඩි පහසුකම් සහිතව පෞද්ගලික පාසල් වල ඉගෙන ගන්නා දරුවන්ගේ ප්‍රතිපල හා සැසදීම රජයේ පාසල් වල ඉගෙන ගන්නා දරුවන්ට කරන අසාධාරණයක් බව. මෙම සමානත්වය රැකීමට රජයේ පාසල් වලටත් වැඩි පහසුකම් ලබාදී රජයේ පාසල් වල දරුවන්ගේ ඉංග්‍රීසි දැනුමද වැඩිකළ යුතුය. හඳට ඇගිල්ල දික් කලාම හඳ දිහා බලන්නේ නැතුව ඇගිල්ල දිහා බලාගෙන නං දොඩවනවා කියන්නේ ඕකට තමා.

:       0       0

Sapumal. Tuesday, 08 January 2019 03:58 AM

බන්දුල ගුණවර්ධන කවුද කියා මුහුණත් තහඩුව දකින විටම කියන්නට පුළුවන්. " හදවත මනින කැඩපත මුහුණයි " කියා කියමනක් තියෙනවා. මුහුණ මෙහෙම නම් හදවත කොහොමද කියා කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. හදවතේ ලස්සන තරමට තමයි පිටවෙන වචනත් ලස්සන වෙන්නේ. බොරුද මං කියන්නේ ?

:       1       103

banda Tuesday, 08 January 2019 05:17 AM

මා අසා ඇති පරිදි බන්දුල ගුනවර්දන හා මොහාන් ලාල් ග්‍රේරෝ මහතා එකම කාලයේ ජාත්‍යන්තර පාසල් පිහිටවූ නමුත් බන්දුල ගුනවර්දන පිහිටවූ පාසල බංකොලොත් විය . ග්‍රේරෝ මහතාගේ පාසල සාර්ථක උනි. දැන් ඉස්මතු වනුයේ එය දරා ගත නොහැකි කුහක කමය .

:       141       112

lankaTuesday, 08 January 2019 11:47 AM

අමතර පන්ති පවත්වන එකත් පුද්ගලික අධ්‍යාපනය ලබා දීමක් නේද?

:       0       0

lankaTuesday, 08 January 2019 11:47 AM

හැබැයි ඔය ජාත්‍යන්තර පාසල් එන්නට කලින්, දෙන්නම නොම්බර එකේ ටියුෂන් කාරයෝ. ටියුෂන් පන්ති පවත්වන එකත් පුද්ගලික අධ්‍යාපනය ලබාදීමක් නේද?

:       0       0

lankaTuesday, 08 January 2019 11:47 AM

දෙන්නම නොම්බර එකේ ටියුෂන් කාරයෝ... හැබැයි ඔය ජාත්‍යන්තර පාසල් එන්නට කලින්..

:       0       0

ranjith Tuesday, 08 January 2019 07:24 AM

බන්දුල කියන්නේ මේ වගේ මැටි කතාම තමයි.

:       0       0

kamaniesa Tuesday, 08 January 2019 08:37 AM

“එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව අධ්‍යාපනය ලැබීමේ අයිතිය සියලු දෙනාටම තහවුරු කර තිබෙනවා. කිසිම දරුවකුට වෙනස් කර සැලකීමේ අයිතියක් නැහැ. හැම දරුවකුටම සමාන අයිතිවාසිකම් ලබාදිය යුතුයි.” ස්තුතියි ඇමති තුමා.

:       0       5

Kumara Tuesday, 08 January 2019 10:45 AM

ඇමති තුමනි ඔබට සුබ පැතුම්.!

:       45       4

ඔබේ අදහස් එවන්න

 

දියත

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 416 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 300 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 475 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 1429 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 1142 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1563 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 200 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 466 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 242 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site