IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බැඳුම්කර සිද්ධියට මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඇතුළු හතරක් අත්අඩංගුවට

(නිමන්ති රණසිංහ) 

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය අද තවත් සැකකරුවෝ හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. 

ඒ අතර මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී සමරසිරි මහතා ද වෙයි.

 අද අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් වන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ සේවය කළ පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්‍රා රංජන් හුලුගල්ල සහ මුතුරාජා සුරේන්ද්‍රන් යන මහත්වරුය.



අදහස් (17)

බැඳුම්කර සිද්ධියට මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඇතුළු හතරක් අත්අඩංගුවට

kumara Monday, 25 March 2019 05:06 AM

රනිල් වික්‍රමසිංහ නැමති ප්‍රධාන මහමොලකරු තවමත් නිදැල්ලේ පසුවන බව මහජනතාව පවසයි....

:       1520       2428

Sanath KandyMonday, 25 March 2019 07:34 AM

රාජ්‍ය සේවයේ නිලධාරින් තම වෘත්තීය ගරුත්වය කෙළෙසමින් දේශපාලනඥන්ගේ උවමනා එපාකම් වලට වැඩ කළොත් අන්තිමේදී දඬුවම් විඳින්නට සිදු වන්නේ ඔවුන්ටමයි. දේශපාලකයෝ කෙසේ හෝ මේ චෝදනා වලින් ගැලවෙනු ඇත. නිලධාරින් නීතියේ රැහැනට හසුවෙනු ඇත. සිල් රෙදි නඩුවේදී හිටපු ජනාධිපති ලේකම් වරයට සිදු වුයේද එයයි.

:       130       187

diasMonday, 25 March 2019 11:42 AM

ඔබ කියන කතාව ඇත්ත, නමුත් එය යථාර්තය නොවේ. බොහෝ රාජ්‍ය සේවයේ යෙදෙන නිලධාරීන් අද දේශපාලකයාගේ අණ පරිදි වැඩ කරන්නේ, එසේ නොකළහොත් ඔවුන්ට ස්ථාන මාරුවීම්, කලින් විශ්‍රාම යාම, තනතුරේ හිමිකම් නොලැබීම වැනි හිරිහැර වලට ගොදුරු වීමට සිදුවන බැවිනි. මේ සියල්ලට මුල, පිටුපසින් සිට මෙවැනි අකටයුතු දේට අණ දෙන දේශපාලකයින්ය. මෙවැනි දේ සිදු නොවීමට නම්, මුලින්ම දේශපාලකයා හැදී සිටිය යුතුයි. නමුත්, ලංකාවේ එවැනි දෙයක් කිසිදාක සිදු නොවනු ඇත.

:       0       3

CHAMEERA PERERA Monday, 25 March 2019 05:25 AM

රනිල් හොරෙකු නොව එය අනාගතය පැහැදිලි කරාවී

:       2087       1127

krishantha Monday, 25 March 2019 05:31 AM

එතකොට ඇතුලේ හිටපු දෙන්නව එලියට දැම්මා නේද , ප්‍රධාන සැකකරු අල්ලන දවස දන්නේ නැති නිසා. ඇතුලේ ඉන්න අය එලියට දාල එළියේ අය ඇතුලට දානවා. ඔය වගේ සෙල්ලමක් තියනවා පොඩි උන්ගේ ."හොරා පොලිස් ". මේකටත් නමක් දාමු ලස්සන සෙල්ලමක් .

:       77       171

rocky Monday, 25 March 2019 05:38 AM

මහමොලකරු කවුද කියා දන්නේ කොහොමද? කුමාර මේ ගැන වෙනම පරීක්ෂණයක් පවත්තුවාද?

:       1753       722

shirley suraweera Monday, 25 March 2019 05:59 AM

බැංකු අධිපතිය ලංකාවේ පුරවැසියෙක් නොවෙයි. පිටරටකින් හොරෙක් ගෙනත් පත් කල රනිල් වග කියන්න ඕන . නඩුත් හාමුදුරුවන්ගේ . බඩුත් හාමුදුරුවන්ගේ.

:       118       339

Mahee Monday, 25 March 2019 06:25 AM

දැන් අපි කවුරුත් කතාකරනවා එක්කෙනෙක් අල්ල ගත්ත, තව අය එළියේ ඉන්නවා කිය කියා. නිකමටවත් කාටවත් හිතෙන්නේ නැද්ද ජනාධිපතියි ආණ්ඩුවයි අතර තියෙන විරසකය නොවෙන්නට මේ කපේදී ඔහොමවත් පරීක්ෂනයක් නොපැවැත්වෙන බව. කොටින්ම මහින්දගේ ජනාධිපතිකමයි එයාගෙම ආණ්ඩුවයි නැත්නම් රනිල්ගේ ජනාධිපතිකමයි එයාගෙම ආණ්ඩුවයි තිබුන නම්, හිතනවද ඔහොම දෙයක් හීනෙකින්වත් වෙයි කියල? එක පොඩ්ඩක් තේරුම් ගත්තොත් වැටහෙයි, අපේ යුක්තිය ඉටුවීම තීරණය වෙන්නේ තනිකරම පුද්ගලයන් මතයි කියන එක. අපි ඔක්කොම කලයුත්තේ පුද්ගලයා මත රැඳෙන යුක්තිය ඔවුන්ගෙන් ඉවත්කර නීතිය මත ස්ථිරව රැඳෙන තත්වයටකට ගෙන ඒමයි.

:       104       1166

කුමාර Monday, 25 March 2019 06:45 AM

මේක හරියට ඩිවොස් උනොත් තව ඒව එළියට එයි....

:       1       9

kumara Monday, 25 March 2019 06:29 AM

රොකී... මිනිස්සු පරීක්ශනය නම් තියල ඉවරයි... ප්‍රතිපල දෙන්න ඡන්දයක් එනකල් ඉන්නෙ.

:       45       116

කුමර Monday, 25 March 2019 06:36 AM

පරන හැන්සාඩ් වාර්තා... වොයිස් කට් බලන්න.... හොරෙක් බේරගන්න කතා කරන හැට් හොදට බලාගන්න පුලුවන්.....

:       14       86

wimal Monday, 25 March 2019 06:36 AM

අරුම පුදුම රට ශ්‍රීලංකාව ....

:       0       25

Sapumal. Monday, 25 March 2019 06:50 AM

රහස් පොලීසිය සිදුකල ක්‍රියාවට අපගේ ස්තුතිය. හොරකමට කිසිවෙකුට ඉඩක් නොතැබිය යුතුය. ඒත්, දඬුවම මේ වංචාවට විතරද ? අනෙක් පැත්තේ අය පෙරදී කරනා ලද කප්පරක් හොර මැර වැඩ වලටත් දඬුවම් අවශ්‍යමයි නේද ? ජනපති තමන්ගේ පැත්තේ නොවන අයගේ පමණක් වැරදි සොයා දඬුවම් දුන්නත්, සියල්ලන්ගේම වැරදි සොයා දඬුවම් දෙන ලෙස රහස් පොලිස් නිලධාරී මහත්වරුන් ඔහුට මතක්කොට දෙන්නේ නම් මැනවි. නොඑසේ නම්, පැත්තකට පමණක් දඬුවම් දී අනෙක් හොරු ආරක්ෂා කිරීමෙන් කිලිටි වන්නේ රහස් පොලීසියේ කීර්ති නාමයයි. එය සිදුවිය යුතු දෙයක් නොවේ.

:       1       118

chathuri Monday, 25 March 2019 06:59 AM

ළඟ එන ඡන්දයෙන් දිනන්න කරපු වැඩක් මේක.... ඡන්ද දායකයින් කල්පනාවෙන් වැඩ කරන්න , මෙපමණ කල් ඉඳල දැන් කඩි ගුලක් වගේ ඇවිස්සිලා කුඩු හොරු හෝ ගාලා අල්ලනවා ..... ලකුණු දාගන්න උදේට අල්ලනවා හවසට එලියට එනවා. ඕක තමයි සෙල්ලම මැතිවරණය අන්තිම දවසේ එල්ලුම්ගහ ක්‍රියාත්මකයි කියනවා.... නැවත බලයට ආපසු රට තිබුණ තැනටම යනවා පරදිනවා කියල තේරෙනකොට. නැවත හොරා පොලිස් පටන්ගන්නවා නමුත් පොඩි මිනිහගේ නිතිය විතරක් අකුරට වැඩකරනවා

:       67       113

chamath Monday, 25 March 2019 08:31 AM

මොන තරම් නුගත්ද ඇත්තටම දුකේ බැ මේ වගේ අය දැක්කම.....

:       0       0

Jahaan Monday, 25 March 2019 09:11 AM

තෝරු මෝරු අල්ලගන්නේ නැතිව හාල්මස්සන්ව අල්ලාගෙන . රටේ ලොක්කන් එකිනෙකාගේ පුද්ගලික කෝන්තර පිරිමහ ගනිමින් ඉන්නවා මිසක් වෙන දෙයක් නැහැ. සියල්ලට කලින් රටේ නීතිය සැමට එකසේ පැවතිය යුතුයි. රටේ නායකයන්ට එක නීතියකුත් ගමේ කෙසෙල්කන් හොරාට තව නීතියකුත් , අසවල් දේශපාලක හාමිනේට වෙනම නීතියකුත් නීතිප්‍රකාර විදේශගමන් බලපත්‍ර ඇති බවලතාට අමුතුම නීතියකුත් වශයෙන් පැවතීම ඉතා නින්දිතයි.

:       0       0

KANDEPOLA Monday, 25 March 2019 09:12 AM

කලින් රක්ෂිත බන්ධනාගාර ගත කරලා හිටපු අයව නිදහස් කලේ තවම වැරදි කරුවන් අත්අඩංගුවට අරන් නෑ කියලා නේද ? එතකොට දැන් මේ අයව අත්අඩංගුවට ගත්තේ ඇයි. මේ සම්බන්දව නීතිය ක්‍රියාත්මක වෙන බව බොරුවට ලෝකෙට පෙන්වන්න නේද ? හරියටම නීතිය ක්‍රියාත්මක කරනවානම් නියම වැරදිකාරයො ලගම ඉන්නවනේ.

:       0       29

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 2068 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


පුපුරන ද්‍රව්‍ය සමග දෙකක් දඹුල්ලෙන් අල්ලයි
2024 සැප්තැම්බර් මස 07 1764 2

යම් අපරාධයක් කිරීමට පුපුරන ද්‍රව්‍ය තොගයක් රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.


සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 06 7067 2

අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතතා ගමන් කළ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අනුරාධපුර හ


වතු බංගලාවේ බලෙන් සිටි රාජ්‍ය ඇමති අරවින්ද කුමාර් දොට්ට
2024 සැප්තැම්බර් මස 05 6085 4

අධ්‍යාපන රාඡ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි බව කියන හැටන් වැවිලි සමාගමට අයත් ලිඳුල ‘හෙන්ෆොල්ඩ්’ වතුය


රාජ්‍ය අමාත්‍යවරු හතරක් ඉවතට
2024 සැප්තැම්බර් මස 05 5466 4

රාජ්‍ය අමාත්‍යවරුන් හතර දෙනකු ජනාධිපතිවරයා විසින් ධුර වලින් ඉවත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.


ගෑස්-තෙල් බොරු පෝලිම් හදන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 05 4171 4

මහනුවර කටුගස්තොට පාරේ ඉන්ධන පිරවුම් හලක ව්‍යාජ ලෙස තෙල් සහ ගෑස් පෝලිමක් ඇතිකොට එය වීඩියෝ ගත කිරීමට තැත් කිරීමේදී මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් සහ පොලිස


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site