අංජුල මහික වීරරත්න
බැඳුම්කර කොමිසමේ වාර්තාව සමඟ බරපතල වංචා දූෂණ කොමිසමෙන් නිකුත් කළ පරීක්ෂණ වාර්තා 32 වහාම එළිදක්වන්නැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අද (28) පැවසීය.
ජනාධිපතිවරයා බරපතල වංචා දූෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර වාර්තා සියල්ල ලාච්චුවේ දමාගෙන ඉන්නා බවද මන්ත්‍රීවරයා කීය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ තුෂාර ඉඳුනිල් මහතා මෙසේ ද කීවේය.
“ඒකාබද්ධ කල්ලිය කතානායක පක්ෂග්‍රාහී බව දිගින් දිගටම කියනවා. මේ අය දිගින් දිගටම විපක්ෂ නායක තනතුර ඉල්ලා සිටියා. එසේ ඉල්ලා සිටියේ කතානායකවරයායි. ඔවුන් කතානායකගෙන් විපක්ෂ නායක ඉල්ලුවේ කතානායක පූර්ණ බලධාරියා නිසායි. මේ ඉන්නේත් ඒ කතානායකවරයායි.
අද කතානායකට ආණ්ඩුව තිබේ ද නැද්ද කියා තීරණය කිරීමට බලයක් නැතැයි කියන්නේ කෙසේද? කතානායකවරයාගේ ක්‍රියා සම්පූර්ණයෙන් ව්‍යවස්ථානුකූලයි.”
දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර
යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට
කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.
වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම
ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
බැඳුම්කර හා වංචා දුෂණ කොමිසමේ වාර්තා 32 එළිදක්වන්නැයි ඉල්ලයි
Nimal Wednesday, 28 November 2018 07:38 AM
ප්‍රමාද නොවී දෙපැත්තේම ඉන්න හොරුන්ට දඩුවම් ලැබෙනතුරු ජනතාව බලා ඉන්නවා.
Samantha Wednesday, 28 November 2018 08:30 AM
අගමැති හා ආණ්ඩුව පත්කරන්නේ ජනාධිපති විසින් සහ විපක්ෂනායකකම තීරණය කරන්නේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා කියලා දන්නේ නැත්ද? ඔබතුමා කියන විදියට මේ කතානායක ඉන්න පාර්ලිමේන්තුවේම තමයි අසන 50ක් විතර තියාගෙන රනිල් මහතා අගමැති වුනෙත්, අාසන 16න් සම්බන්ධන් මහතා විපක්ෂ නායක වුනෙත්... ඕකට තමයි කියන්නේ කන්න ඕන වුණාම කබරගොයත් තලගොයා වෙනවා කියලා.
අනුර පැස්කුවල් Wednesday, 28 November 2018 10:06 AM
ඔබට වගේම රටේ බොහෝ දෙනෙකුට අමතක වෙන හෝ අමතක කරන කාරණය තමයි රටේ අගමැති වියයුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තියෙන කෙනා මිසක් පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගණනක් තියෙන පක්ෂයේ ප්‍රධානියා නොවෙන බව. එහෙම නැතුව ආණ්ඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බව දැන් සිටින ජනාධිපතිට හැර ඕනෑම කුඩා දරුවෙකුට වුනත් තේරෙනවා.
samanthaWednesday, 28 November 2018 10:51 AM
ඔබගේ තර්කයට අනුවද ජනාධිපතිතුමා අරගෙන ඇත්තේ නිවැරදි තීරණයකි. මන්ද යත් පාර්ලිමේන්තුවේ 122කගේ කැමැත්ත සජිත් හා රනිල් අතර බෙදී පවතින අතර පොදුජන පෙරමුණේ සහ නිදහස් සන්ධානයේ මන්ත්‍රීන්ගේ කැමැත්ත මහින්ද පමණක්ම වේ. ඒ අනුවද වැඩි කැමැත්ත සහ බලය ඇත්තේ මහින්දටය.
SumanasiWednesday, 28 November 2018 11:42 AM
මල්ලි එතකොට තිබුණේ 18 වැනි ව්‍යවස්ථාව. බහුතරයක් තිබුනානම් දින 100 වැඩ සටහන බහුතරයකින් පරාද කරන්න එපැයි. නමුත් දැන් තියෙන්නේ 19. එක එක ගමරාලලට ඕනේ විදියට මේවා කරන්න පාර්ලිමේන්තුව ආප්ප කඩයක්ද?
sandy123Wednesday, 28 November 2018 12:37 PM
මේකට අපේ භාෂාවෙන් නම් කියන්නේ මොංගල් කියලයි.
Hafeel Wednesday, 28 November 2018 08:33 AM
නිමල්, ඔවුන් දෙගොල්ලම හොරුන් බව ඔවුන්ම පිළිඅරන් ඉවරයි. ඔවුන් කාටත් දඬුවම් දෙන්නෙ නැහැ. එදා ජනාධිපති කැඳවූ විදේශ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු කිව්වා මේ රටේ දූෂණ, වංචා, චෝදනා නැති කිසිම දේශපාලකයෙක් නැති බවත්, අතීතයේ බැලුවොත් එක එක්කෙනාට චෝදනා කළත්, පසුව ඔක්කොම එකතු වෙන බවත්, එහෙම නැතුව ආණ්ඩුවක් බිහි කරන්න බැරි බවත් ඔහු සඳහන් කළා. ඔහු කළ වැරැද්ද සාධාරණය කරන්න ඔහු උත්සාහ කරනවා. ඉතා පැහැදිලියි ඔවුන් කාටත් දඬුවම් දෙන්නේ නැහැ. ඔවුන් දෙගොල්ලොම දැන් රටට ඔප්පු කරලා ඉවරයි... ඔවුන්ට තවදුරටත් රට පාලනය කරන්න හෝ සංවර්ධන කරන්න හෝ බැරි බව. ඔහුගේ ප්‍රකාශ අනුව, ඔහු ඉදිරියේදී ආයිමත් රනිල්ව හෝ ෆොන්සේකාව හෝ අගමැති කළොත් පුදුමයක් නැහැ. ඒ නිසා ජනතාව බුද්ධිමත්ව නිවැරදිව තීන්දු කළයුතුයි...
සේනක Wednesday, 28 November 2018 11:14 AM
දැන් ඉතින් දඬුවම් දිය යුත්තේ ජනතා අධිකරණය මිසක් වෙන කොහෙන්වත් නෙමෙයි. ඒ අධිකරණයටත් අවස්ථාව ලඟලඟම එනවා. එතකොට අපි හරි තීරණය ගනිමු නේද?
Hafeel Wednesday, 28 November 2018 01:05 PM
අනිවාර්යෙන්ම.
jayantha Wednesday, 28 November 2018 10:15 AM
2015 දී මහින්ද ප්‍රමුඛ ආණ්ඩුව අගමැතිකම රනිල්ට දීලා පැත්තකට වුනේ පාර්ලිමේන්තුවේ බහුතරය බලල නෙමෙයි, ජන මතය බලලා. ඒක තමයි රටවැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදෙනවා කියන්නේ... එදා මහින්ද ප්‍රමුඛ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ ආසන 160කටත් වඩා තිබුණා. අද ජනමතය කොතැනද කියලා 2018 ඡන්දෙදි ඔප්පු වුණා. ලංකාවෙන් 52% ඡන්දෙ දුන්නේ මහින්ද සහ ජනාධිපති නායකත්වය දුන් කණ්ඩායම් වලට. දැන්වත් පිරිමිකම හිතට අරගෙන ජනමතයට ගරු කරලා අරලිය ගහ මැදුරෙන් පිට වුනොත් නේද හොඳ? එහෙම නැත්නම් දාපු පෙත්සම් නඩු ඉල්ලා අස්කරගෙන ඡන්දයක් හරහා අපි ඉදිරියට එන්න.
WimalWednesday, 28 November 2018 12:05 PM
එතකොට මහින්ද පැරදිලා කුරුණෑගල මන්ත්‍රී වෙලානේ හිටියේ... දින 100 වැඩපිළිවෙලට සහය නොදී හිටියෙත් නැහැනේ. බහුතරය තියෙනවා කිව්වට ගෙනාපු විශ්වාස භංගයත් පරදවුණා නේද?
Asoka Thursday, 29 November 2018 01:17 AM
ඡන්දයකට යමු