(තිළිණි ද සිල්වා)
දූපත් රාජ්‍යයන් දෙකක් සමඟ නව රාජ්‍ය තාන්ත්රික සබඳතා ආරම්භ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
ඒ අනුව මෙලෙස නව රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා ආරම්භ කර ඇත්තේ බාබඩෝස් රාජ්‍ය හා ශාන්ත ලුසියා යන දූපත් රාජ්‍යයන් සමඟිනි.
දෙරටේ රජයන් සමඟ ද්විපාර්ශික සබඳතා තහවුරු කර ගැනීමේ අරමුණෙන් මෙම රාජ්‍ය තාන්ත‍්‍රික ඇරඹූ බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
බාබඩෝස් සහ ශාන්ත ලූසියා යන රටවල් සමඟ රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් දේශපාලන, සමාජ- ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත‍්‍රවල එම රාජ්‍යයන් දැනට පවත්නා මිත‍්‍ර සබඳතා හා සහයෝගීතාව තවදුරටත් වර්ධනය වනු ඇතැයිද එම අමාත්‍යාංශය කියා සිටී.
ශ්‍රී ලංකාව බාබඩෝස් සහ ශාන්ත ලුසියා අතර රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා ස්ථාපනය කිරීමේ ගිවිසුමට අත්සත් තැබීම ඉකුත් දා ඇමෙරිකාවේ නිව්යොර්ක් නුවරදී සිදු කෙරුණු අතර ඊට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති ආචාර්ය අම්රිත් රොහාන් පෙරේරා මහතා අත්සන් තබන ලදී.
බාබඩෝස් රජය වෙනුවෙන් එක්සත් ජාතීන් සඳහා වූ බාබාඩෝස් නිත්‍ය නියෝජිත තානාපතිනි එච්. එලිසබෙත් තොම්සන් මහත්මිය ද , ශාන්ත ලුසියා රජය වෙනුවෙන් එක්සත් ජාතීන් සඳහා වූ ශාන්ත ලුසියා නිත්‍ය නියෝජිත තානාපති කොස්මොස් රිචඩ්සන් මහතාද ඊට අත්සන් තබා ඇත.
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බාබඩෝස් - ශාන්ත ලුසියා සමඟ රාජ්‍ය තාන්ත්රික සබඳතා
Kumar Monday, 01 July 2019 04:36 PM
ලංකාවේ ජනාධිපතිතුමා ගමනක් යන්න සූදානම් වෙනවා වගෙයි. මේ දිනවල බාබඩෝස් දූපත සංචාරකයින්ගෙන් පිරිලා ඇති.