IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්න හෙට සිට විශේෂ මෙහෙයුමක්

(ඉන්දිකා රාමනායක)

අලුත් අවුරුදු  සමය තුළ  සිදුවන රිය අනතුරු අවම කර ගැනීම සඳහා  බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමත් හෙට (11) දින සිට 20 වැනි දින දක්වා දින 10 ක කාලක්  දිවයින පුරා කි‍්‍රයාක්මක  කර ඇති බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

අපේ‍්‍රල් මස මාරක රිය අනතුරු බහුල වශයෙන් සිදුවන මාසයක් බවත් ඉන් වැඩිම  රිය අනතුරු සිදුවන්නේ  බීමත් රියදුරන් අතින් බවද   රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

2016 වසරේ අපේ‍්‍රල් මාසය තුළ සිදු වු  මාරක රිය අනතුරු වලින් පුද්ගලයන් 268 දෙනෙක් ද,  2017 වසරේ 320 දෙනෙක් ද,  2018 වසරේ 296  දෙනෙක් ද, මියගොස් සිටි බව  ගුණසේකර මහතා සඳහන් කළේය.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා  දිවයින පුරා මෙම මෙහෙයුම් ආරම්භ කර ඇති අතර  බීමත්  රියදුරුන් පරීක්ෂා කිරීම සඳහා  ස්වසන පරීක්ෂණ නළ 25000 ක්   මෙරටට ගෙන්නා ඇති   බවත් ඒවා දිවයින පුරා පොලිස් ස්ථාන වෙත බෙදා  දී ඇති බවද හෙතෙම කියා සිටියේය.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා  සිදුකළ මෙහෙයුම් වලින්  2016 වසරේ  බීමත් රියදුරන් 56835 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති  අතර, 2017 වසරේ රියදුරන් 72819  දෙනෙක් ද,  2018 වසරේ 105,094 දෙනෙක් ද,  2019 ගත වු ජනවාරි , පෙරවාරි මාස දෙක තුළ 19342 ක්  අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ බව සඳහන් කළේ පොලිස් මුලස්ථානයේ අද (10) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

 

   

 

 



අදහස් (16)

බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්න හෙට සිට විශේෂ මෙහෙයුමක්

PA - RA Wednesday, 10 April 2019 03:33 PM

ඇයි මහත්තයෝ... අශීලාචාර ධාවනයේ යෙදෙන බස්, ත්‍රීවීල් වැනි අයට දඬුවම් නැත්ද? ට්‍රැෆික් රාළහාමිලා ඔවුන්ට කිරි පොවනවද?

:       2       71

චමින්දThursday, 11 April 2019 12:32 AM

පදික මාරුවේ වාහන නතර කිරීමටත්, මං සන්දිවල ත්‍රීරෝදරථ නැවතුම් පැවැත්වීම. බස්නැතුම්වල වාහන ගාල්කිරීම් වැනි වැරදිවලට දඬුවම් කරන්නේ කවදාද

:       0       39

AsankaThursday, 11 April 2019 06:39 AM

ඔවුන්ට විරුද්ධව නීති ක්‍රියාත්මක කරන්න බැහැනේ .. රට පුරා උත්ඝෝෂණ ස්ට්‍රයික් කරනවනේ පෙන්නේ නැද්ද , රටේ මුල් පුරවැසිය දුවගෙන ඇවිත් සාකච්ඡා කරලා නීති හකුලාගන්න කියයි , දැක්කනේ දුම්රිය රියදුරු වර්ජනයේදී කාගේ පැත්තද ගත්තේ කියල , ඔබ දැක්කේ නැත්ද

:       0       22

රාජුන් Wednesday, 10 April 2019 10:07 PM

අවුරුදු ඉවරවෙන්න ඉස්සර වෙලා මේ ගොල්ලන්ගෙන් කී දෙනෙක් ලක්ෂපතියො වෙයිද දන්නෙ නෑ.

:       1       22

sumith Thursday, 11 April 2019 05:06 AM

නැහැ නැහැ ට්‍රැෆික් රාළහාමිලා ට ඔවුන්ට කිරි පොවනවා.....

:       1       27

Ravi Dubai Thursday, 11 April 2019 08:47 AM

දවස් 10 විතරද. දිගටම මේ නිතිය තිබුණානම් හොදයි නේද ?

:       0       30

wedage Thursday, 11 April 2019 09:47 AM

කිරි කිව්වට කිරිම නොවේ

:       1       41

ravi Thursday, 11 April 2019 10:10 AM

ජයවේවා .... වෙරි වෙලා වාහන වලට නගින එකෙක් දැක්කොත් .... අපි උන්ව .. පොලිසියට අල්ලලා දෙනවා ...!!!! මත්පැන් / මත්ද්‍රව්‍ය විකුණන උන්ව , දෙක්කොත් උන්වත් පොලිසියට අල්ලලා දෙනවා .... !!!!! ජයවේවා ..

:       0       20

nimal perera Thursday, 11 April 2019 10:47 AM

උත්සව කාලෙට ගමන් බිමන් යන්ට බොන්නැති කීකරු රියදුරෙකු කුලියට ගම්මු. ඔයත් හිතල බලන්ඩ . ගානකට තට්ටු මොනවා කරන්ඩද . උත්සව කාල්ලේ දඩ අදායම වැඩි කරගන්ට ඒ අය බලනවා අපට ආදරේ කියල උත්සව කාලෙට දඩ නොගහන් ක්‍රුමයක්, රාළහාමි රියදුරා හොද වෙනකම් ලගම නවතා ගැනීම . විශේෂ ඒවලට කොටු පොඩිඅය තමා. සුබ අලුත් අව්රුද්දක් වේවා. විශේෂ ඒවාට අහුවෙන්න එපා...

:       85       12

isurandi Thursday, 11 April 2019 12:47 PM

බිමත්ව රිය පැදවීම නීතියෙන් තහනම් නේද? ඉතින් ඇයි මේ නින්දෙන් නැගිටලා වගේ

:       1       110

chandima Thursday, 11 April 2019 12:57 PM

ඒ කියන්නේ මෙතරම් කාලයක් බීමත් රියදුරන් අත්අඩංගුවට අරගෙන නැහැ?

:       1       31

Chinthaka Thursday, 11 April 2019 01:11 PM

අවුරුදු සමයට විතරක් මෙම නීතිය ක්‍රියාත්මක කරන්න. අපේ මිනිස්සු බීලා වාහන එලවන්නේ අවුරුදු කාලෙට විතරද?

:       1       39

Aris Thursday, 11 April 2019 04:08 PM

අවුරුද්දකට සැරයක් පවත්වන මෙම උත්සවයේදී ජනතාවට ටිකක් කාලා බීලා ජොලි කරන්න ඉඩ දිය යුතුයි. අධික බීමතින් රිය පැදවීම තහනම් බව කවුරුත් දන්නවනේ.

:       81       0

Chama Thursday, 11 April 2019 05:43 PM

මේ රට තරම් මධ්‍යසාර බොන වෙන රටක් මේ ලොකේ වෙන කොහෙවත් නැහැ. පාරේ බල්ලු බළල්ලු වගේ මිනිස්සු මැරිලා යනවා. මේ නීතිය හැමදාම තිබිය යුතුයි. බටහිර රටවල් වල මේ නීතිය දැඩිව ක්‍රියාත්මක වෙනවා.

:       0       2

ravi Friday, 12 April 2019 06:15 AM

දැන් අපිත් පොලිසියට වැඩ කරනවා ... කිසි දෙකට බයවෙන්න එපා ... දැක්ක දුටු තැන හැම නීතිවිරෝධී ක්‍රියාවක්ම හෙලා දකිමින් ... අපි අපගේ උපරිම සහයෝගය පොලිසියට ලබා දෙනවා .!!! මේකට කියන්නේ නිර්භීත ධෛර්ය

:       0       0

janahitha Friday, 12 April 2019 06:58 AM

බිමත් රියදුරන් පමණක් නොවෙයි සියලුම අසීලාචාර රියදුරන් අත් අඩංගුවට ගෙන දඩුවම් කලයුතුයි. මහමග අනතුරුවලට මුල රියදුරන් මාර්ග නීති පිළිනොපැදීම නිසා බව ඔබතුමා මට වැඩියෙන් හොදට දන්නා නිසා ඒ ගැන මේ දිනවල සැලකිලිමත් උනොත් වැඩිය හොදයි. මාර්ග නීති කඩා ගෙන මහමග දුවන අයව රදවා තබාගෙන පසුව යැවීම හොඳම දඬුවමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 668 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 186 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 552 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 137 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1839 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site