IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බීමත් රියදුරන් අල්ලන්න පොලිසිය වෙත බ්‍රොතලයිසර් උපකරණ කට්ටල

 
(ඉන්දිකා රාමනායක)
 
උත්සව සමයේ    රිය අනතුරු අවම කිරීම  සදහා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ  මෙහෙයුම් සදහා      සෑම පොලිස් ස්ථානයකටම  බීමත් රියදුරන්  පරීක්ෂා කරන   බ්‍රොතලයිසර් උපකරණ කට්ටල 30,000 ක් ලබා දී ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සදහා පොලිස් ස්ථාන වලට මෙතෙක් ලබා  දී ඇති උපකරණ වලට අමතරව   මෙම

උපකරණ කට්ටල ලබා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

උත්සව සමයේ  සිදුවන  රිය අනතුරු     වලක්වා ගැනීම සදහා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්    අද    (18) සිට රටපුරා ආරම්භ  කිරීමට උපදෙස්  ලබා දී ඇති බවද   අජිත්  රෝහණ මහතා පවසයි.

මෙම මෙහෙයුම් වලදී බීමත්  රියදුරන් ට අමතරව අධික වාහන නළා ශබ්ද කරන,   නොයෙක් ආකාරයේ විදුලි  බුබු`ථ දල්වාගෙන ධාවනය කරන රියදුරන් ද අත්අඩංගුවට ගන්නා බවද හෙතෙම කීය.

සාමාන්‍යයෙන්  රටතුළ දිනකට  රියඅනතුරු වලින් මරණ 10 ක් වාර්තා වන බවත්, කොරෝසා  සමයේ    ප්‍රදේශ හුදකළා කිරීම,  වාහන ධාවනය සීමා  කිරීම, ඇතුලු  ක්‍රම අනුගමනය කිරීම හේතුවෙන්   රිය අනතුරු වල අඩුවක්  දක්නට ලැබුණ  බවද අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මේ වන විට රටතුළ රියඅනතුරු පෙර  තත්ත්වයට පත්ව ඇති බවත් අද (18) දිනය තුළ පමණක් පුද්ගලයන් 10 දෙනෙක් මියගොස්  සිටි බවද  හෙතෙම සඳහන් කළේය.

සාමාන්‍යයෙන් අප්‍රේල් මස 10 - 20 අතර කාලයේ සහ දෙසැම්බර්  මස 20 සිට ජනවාරි මස 05 වැනි දින දක්වා  තුළ රියඅනතුරු  බහුල වශයෙන්  සිදුවන බවද   අජිත් රෝහණ මහතා  කීය.

මෙම තත්ත්වය වලක්වා ගැනීම සදහා   මෙහෙයුම් කටයුතු  ආරම්භ කර ඇති බවද අජිත් රෝහණ මහතා සදහන් කළේය.

 



අදහස් (6)

බීමත් රියදුරන් අල්ලන්න පොලිසිය වෙත බ්‍රොතලයිසර් උපකරණ කට්ටල

SL Friday, 18 December 2020 08:37 AM

ලංකාවේ පොලිසියයි, රියදුරු පුහුණුව දෙන, වාහන රියදුරු පලපත්‍ර දෙන සෙට් එකයි, ඩුබායි, ඕමාන් වගේ රටකට යවල හරි කොහොමද වාහන එලවන මිනිසෙක් පුරුදු කරන්නේ'...? ඔවුන්ගේ විනය පුහුණු කරන්නේ...බලපත්‍රයක් දෙන්න පරික්ෂා කරන්නේ, වහනයක් භාවිතයට පෙර වාහනයේ තිබිය යුතු අනිවාර්ය ලක්ෂණ, උපකරණ, මොනවද කියල කියල දෙන්න ඕනේ. ලංකාවේ වාහන බලපත්‍ර දෙන ක්‍රමය හරිම ප්‍රාථමිකයි.., මේ කාලයට කිසිසේත්ම නොගැලපේ... මේ මරණ වලින් අති බහුතරයකට බලපත්‍ර දෙන ක්‍රමය වගකිව යුතුමයි... !

:       1       12

josiya Friday, 18 December 2020 10:12 AM

අනේ මහත්තයෝ, අපි අවුරුද්දක් විතර මත්වතුර බීවේ නැහැනේ.

:       0       0

Ruhunu Friday, 18 December 2020 10:45 AM

ඇල්ලුවට වැඩක් නැහැ... මොකද පොලිසියේ ඉන්නෙත් කන බොන මිනිස්සු.. එයාලටත් බෝතලයක් දුන්නා නම් වැඩේ ගොඩින් බේරගන්න පුළුවන්... අපරාදේ ඔය මැෂින් වලට වියදම් කළ සල්ලි.

:       0       0

Dasa P Friday, 18 December 2020 04:12 PM

බ්‍රොතලයිසර්? ජීනා මැඩම් හිටියා නම් පැනලා දුවයි....

:       0       8

විජේ Saturday, 19 December 2020 12:29 AM

හොරෙන් හොරෙන් කරන එකේ බ්‍රොතලයිසරුත් ලයිසොං කොරානං...!!!

:       0       0

sathyapala Friday, 18 December 2020 09:04 PM

කොරෝනා අාසාධිත පොලිස් නිලධාරීන් මේවා අතගා රියදුරන්ගේ කටේ ගැසීමට යාමෙන් රට පුරා කොරෝනා ව්‍යාප්තිය තවත් බරපතල විය හැක. මේ නිසාම කටේ ගැසීමට පෙර ඇල්කොහොල් අඩංගු දියර මගින් පිරිසිදු කළහොත් එහි අඩංගු ඇල්කොහොල් නිසා ලැබුණු මධ්‍යසාර අගය වැරදියට පෙන්වූවා කියලා මේ ගැන උසාවියේදී තර්ක කළහොත් සියලුම වැරදිකරුවන් නිදහස් වන්නටත් ඉඩ තිබෙනවා. එවිට පොලිසියේ මේ උත්සාහය අපතේ යා හැකියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 660 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 184 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 548 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 137 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1819 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site