(පාලිත ආරියවංශ )
ඇල්ල , රාවණාඇල්ලේ ඉහළ කොටසේ පිහිටි බණ්ඩාරවෙල අඹදණ්ඩේගම ,බඹරගම දියඇල්ලට වැටී අතුරුදන් වූ තරුණයන් දෙදෙනා සොයා ගැනීම සදහා අද (26) නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යෙදවීමට පියවරගත් බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පැවසීය .
ඊයේ (25) දහවල් තවත් පිරිසක් සමඟ දිය නෑමට ගිය අවස්ථාවේ මෙම තරුණයන් දෙදෙනා දියඇල්ලට වැටී අතුරුදන් විය .
ඔවුන් දෙදෙනා සමඟ දියට වැටුණු එක් තරුණයෙක් අසීරුවෙන් බේරී හිසේ තුවාල සහිතව බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබේ .
සිද්ධියෙන් අතුරුදන් වූ කැප්පිටිපොල දිවුරුම්වෙල පදිංචි එම්.බී. ප්‍රසාද් මංජු (21) ලංගම කොන්දොස්තර වරයෙකි .
අතුරුදන් අනෙක් තරුණයා හීල්ඔය උඩ අරාව පදිංචි විශ්ව ප්‍රකාශ් විජේසුන්දර (20) අපොස උසස්පෙළ ශිෂ්‍යයෙකි.
සිද්ධියෙන් දිවිගලවාගෙන ඇත්තේ සුමිත් චාමර ජයසේකර (23)නමැති හීල්ඔය අම්පිටිය පදිංචි තරුණයෙකි .
මෙම තරුණයන් තිදෙනා මිතුරන් වන අතර ඔවුන් තිදෙනා සමග පවුලේ ඥාතින් කීපදෙනෙක්ද දිය නෑමට ගොස් ඇතත් පවුලේ අය ‘කලුවල‘ නැමති ස්ථානයේ දිය නාද්දි මෙම මිතුරන් තිදෙනා දියඇල්ලේ පහළට ගොස් තිබේ .
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බඹරගම ඇල්ලට වැටී අතුරුදන්වූ තරුණයන් සොයන්න නාවික හමුදා සහය