IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බියර් බෝතල් 600 ක් ඇල්ලෙන් අල්ලයි

(විනීතා එම්  ගමගේ)

මැදින් පොහොය යෙදී තිබු අද (20) දවස තුළ මත්පැන් විකුණු බණ්ඩාරවෙල ඇල්ල සංචාරක කලාපයේ පිහිටි හෝටල් හතරක් වැටලු කොළඹ සුරා බදු විශේෂ වැටලීම් ඒකකය බියර් බෝතල් 600 කට අධික ප‍්‍රමාණයක් අත් අඩංගුවට ගෙන ඇත.

එම මත්පැන් අලෙවි කළ හෝටල් හිමියන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හල බව කොළඹ සුරා බදු විශේෂ වැටලීම් ඒකකය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත් සිව්දෙනාම බලපත‍්‍ර රහිතව මත්පැන් විකුණන පුද්ගලයින් බවත් බලපත‍්‍රලාභීන් සියලු දෙනා පොහෝ දිනවල එම අලෙවිසැල් වසා තබන අතර මොවුන් මත්පැන් අලෙවි කර ඇති බවත් එම ඒකකයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මේ  පිරිස බලපත‍්‍ර රහිතව මත්පැන් විකුණන බවටත් පොහෝ දිනවල ද මත්පැන් විකුණන බවටත් ලද පැමිණිලි මත වැටලීම සිදුකළ බව එම ඒකකයේ නිලධාරියෙක් සඳහන් කළේය.

සුරා බදු කොමසාරිස් නීති කි‍්‍රයාත්මක කිරීම්, වසන්ත දිසානායක, නියෝජ්‍ය සුරාබදු ‍කොමසාරිස් කපිල කුමාරසිංහ, සුරාබදු අධිකාරී චන්න වීරක්කොඩි යන මහත්වරුන්ගේ උපදෙස් මත කොළඹ සුරා බදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති, ප‍්‍රධාන සුරා බදු පරික්ෂක පී එන් හේමන්ත, සුරාබදු පරික්ෂකවරුන් වන ප‍්‍රදීප් සේනාරත්න, සුමිත් පේ‍්‍රමකුමාර ඇතුළු නිලධාරිහු මෙම වැටලිම සිදුකළහ.

 

 



අදහස් (2)

බියර් බෝතල් 600 ක් ඇල්ලෙන් අල්ලයි

ravi Wednesday, 20 March 2019 01:50 PM

නීතිවිරෝධී ව්‍යාපාරවලට සම්බන්ධ හෝටල්වල බලපත්‍ර අහෝසි කළ යුතුයි.

:       78       105

menna Wednesday, 20 March 2019 03:10 PM

බලෙන් සිල් දෙන්න බැහැ. කන මිනිසාට කන්නත් බොන මිනිහට බොන්නත් තිබුනොත්, ඉබේටම සිල් රකින්න ඕනේ කියල හිතෙයි. කන්න නැහැ, බොන්න නැහැ කියලා උහුල්ලා උහුල්ලා හිටියම අසහනය වැඩිවෙන එක විතරයි වෙන්නේ. මිනිස්සු හැමදාම බොන්න හොයන්නේ එතකොටයි. අසහනය වැඩි තැනයි, මත්පැන්වලට ඉල්ලුම තියෙන්නේ... හොඳට හම්බකරලා හොඳට බොන්න තිබුනොත් එක්කෝ නැතිවෙයි... එක්කෝ මත්පැන් එපා වෙයි.

:       662       496

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 621 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 506 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 123 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1745 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site