(සුජිත් හේවාජුලිගේ)
බුර්කාව තහනම් කෙරෙන නව නීතිය පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි
බුර්කාව තහනම් කෙරෙන නව නීති කෙටුම්පත සකස් කර අවසන් යැයිද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වන ආකාරයට සම්පූර්ණයෙන්ම මුහුණු වැසෙන ඇඳුම් හෝ වෙනත් ද්‍රව්‍ය ප්‍රසිද්ධ ස්ථානවල පැළඳීම මේ අනුව තහනම් කෙරෙනු ඇත.
කෙසේ වෙතත් නව නීතියෙන් ආරක්ෂිත මුහුණු ආවරණවලට (Full Face Helmet) බාධාවක් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
අනන්‍යතාව තහවුරු කරගත හැකි නොවන ආකාරයට මුහුණු සම්පූර්ණයෙන්ම වැසෙන ආකාරයේ ඇඳුම් හෝ වෙනත් ද්‍රව්‍ය පැළඳීම තහනම් කළ යුතු බවට පාස්කු ප්‍රහාරය පිළිබඳව කරුණු සෙවූ ජනාධිපති කොමිෂන් සභාවද රජයට නිර්දේශ ඉදිරිපත් කර තිබිණි.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බුර්කාව තහනම් කරන නව නීති පාර්ලිමේන්තුවට
Bamunuarachchi Tuesday, 16 March 2021 12:45 AM
බුරුකාව නමින් තහනම් වුනාට ඔලුව වැහෙන්න පාට ස්කාෆ් එකක් දමාගෙන මාස්ක් එකකින් මුහුණ වසාගෙන එනවා.
fairoosTuesday, 16 March 2021 07:12 AM
ආ එහෙමද?
BamunuarachchiTuesday, 16 March 2021 08:53 AM
ඊයේ තලවතුගොඩ කඩයකට ගොඩ උනා. හින්ට් එකක් ගහන්න හදලා මම අදහස අත්හැරියා...
BamunuarachchiTuesday, 16 March 2021 08:56 AM
මුස්ලිම් ගැහැණු ෆුල් ෆේස් හෙල්මට් දාගෙන ඒවිද දන්නේ නැහැ.
Chamara Tuesday, 16 March 2021 02:36 AM
මේවා කියව කියවා ඉන්නේ නැතිව ඉක්මණින් කරන්න ඕනෑ දේවල්. දේශපාලකයෝ තම ජනප්‍රියතාවය තබාගැනීමට මෙවැනි කතා කියනවා මිසක්ක්‍රියාත්මක වීමක් නැහැ. සුපුරුදු පරිදි රටේ බහුතර ජනතාව රවට්ටනවා.
sharm warn Tuesday, 16 March 2021 03:46 AM
එතකොට මද්‍රසා පාසල්? එව්වා අපිට ඕනෑද?
BamunuarachchiTuesday, 16 March 2021 08:59 AM
ඉන්න හලෝ ඉන්න.. එකසැරේට එක වැඩක්. මේ ගොල්ලෝ ගානට වැඩේ කරාවි...