IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට අත්සන් කළා -සරත් වීරසේකර

ඩයනා උදයංගනී

බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට තමා ඊයේ (12) අත්සන් තැබු බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

කළුතර මුණසිංහ ආරාමයේ දී අද (13) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

බුර්කාව ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව කී ඇමතිවරයා මෙරට ඇති දහසකට වැඩි මද්‍රසා පාසල් තහනම් කිරීමට ද ඉදිරියේ දී පියවර ගන්නා බව කීවේය.

අන්තවාදයට හේතුවන ආකාරයේ ප්‍රකාශයක් කර ඇති හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාට එරෙහිවද නීතිමය පියවර ගන්නා බව ඇමතිවරයා පැවසීය.



අදහස් (25)

බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට අත්සන් කළා -සරත් වීරසේකර

banda Saturday, 13 March 2021 08:30 AM

මේවා කෙරෙනවා නම් හොඳ වැඩේ මහත්තයෝ.. නමුත් ඔබතුමා හැමදාම කළේ කටින් බතල කොළ හිටවන එක විතරයි. මේ මොන නාඩගම නැටුවත් සීනි හොරකම ජනතාවට වසන් කරන්න බැහැ.

:       19       93

mihira Saturday, 13 March 2021 08:31 AM

පළාත් සභා නිසා කරන නාට්‍යයක් වෙන්නැති..

:       14       78

sena Saturday, 13 March 2021 08:35 AM

අනේ මගේ කට... දැන් ඉතින් බඩුමිල අඩුවෙලා. රැකීරක්ෂා ඇතිවෙලා රට සමෘධිමත් වේවි. මේවා හොඳයි ඉතින් අපේ මෝඩ රැළට පොඩි සොමියක් දෙන්න. දැන් ආණ්ඩුවට එල්ලෙන්න ඉතුරුවෙලා තිබුණේ මුස්ලිම් කාන්තාවන්ගේ බුර්කාවට...

:       21       86

nisarSaturday, 13 March 2021 12:44 PM

කුසගින්නේ මැරුණත් කමක් නැහැ.. මුස්ලිම් මිනිස්සුන්ට රිද්දනවා නම් අපි ඡන්දෙ ලබාදෙනවා.

:       24       69

BamunuarachchiMonday, 15 March 2021 03:35 AM

හලෝ පොඩ්ඩක් හිතන්න අපි හින්දුවරුන්ට රිද්දන්න හදන්නේ නැහැ නේද? ක්‍රිස්තියානි අයට රිද්දන්න හදන්නේ නැහැනේද? ඇයි ඒ? රිද්දනවා නම් ඇයි ඔබලාට පමණක්? හේතුව අන්න අසාද් සාලි කිව්වා. හලෝ කුසගින්නේ මැරෙන්නත් අපේම කියන රටක් තිබෙන්න ඕනේ...

:       0       0

namal Saturday, 13 March 2021 10:29 AM

පුදුමයි... !!! 

:       6       29

ase Saturday, 13 March 2021 10:56 AM

කැබිනට් පත්‍රිකාවක් අත්සන් කළ පලියට නීතියක් වෙනව‍ාද?

:       7       61

AnuruddhaSaturday, 13 March 2021 04:05 PM

ඔබේ කථාව 100% ක් ඇත්ත.අපේ රටේ ඇමතිලා හිතන් ඉන්නේ කැබිනට් ප්‍රතිකාර කියන්නේ රටේ නිති කියලද?

:       0       0

සිල්වා Saturday, 13 March 2021 11:18 AM

එතකොට මද්‍රසා පාසල් තහනම් කරන්න පරක්කු මොකද මහත්තයෝ? ෂරියා නීති, ෂරියා අධ්‍යාපන ආයතන, වහබ් වාදය තහනම් කරනවා නම් තව කොච්චර දේවල් තියෙනවද? තහනම ක්‍රියාත්මක කෙරුණු දවසක අපි විශ්වාස කරන්නම් මෙන්න මේවා කෙරුණා කියලා.

:       11       57

Lanka Saturday, 13 March 2021 11:21 AM

ඔව් දැන් මට පේනවා පප්පා ගම.., ඡන්දයක් අත ළඟ බව..

:       9       60

Raveendra Saturday, 13 March 2021 11:28 AM

ඉම්රාන් ඛාන්ගෙන් අහලද දන්නේ නෑ සර්..?

:       14       46

Dasa P Saturday, 13 March 2021 12:47 PM

අපරාදේ කඩදාසි වල සල්ලි...

:       8       40

mohomed Saturday, 13 March 2021 01:29 PM

මහාම විකාර කර කර මුස්ලිම් මනුස්සයාට රිද්දනවාට වඩා හොඳයි මුස්ලිම් ආගම ලංකාවෙන් තහනම් කරලා දැම්මා නම්...

:       17       28

Rusiru Saturday, 13 March 2021 01:32 PM

තවත් බොරු කරන්න එපා! හෙන ගහනවා!

:       9       36

Sam Saturday, 13 March 2021 03:32 PM

මහා අන්තවාදී වැඩක්... මෙයාගේ කතාවෙන් තෙරෙනවා මෙයා අන්තවාදී, ජාතිවාදී කියලා, පාස්කු විමර්ෂණ වාර්තාව ගලගොඩ ඥාණසාර හිමි ගැන කියන එක පිලි ගන්නේ නෑලු, අනිත් දෙවල් පිළිගන්නවලු ඩබල් ගේම් ගහන්නේ..

:       18       29

sira Saturday, 13 March 2021 03:33 PM

සීනි ප්‍රශ්නය අවිලුණාට පස්සේ ඒක වහන්න ජාතික කොඩිය සහිත පාපිස්නයක් දැම්මා... එ්ත් වැඩේ හරි ගියේ නෑ. දැන් බුර්කාව දාලා බලන්නද කොහෙද යන්නේ...?

:       8       44

BamunuarachchiMonday, 15 March 2021 03:38 AM

ඔහෙලා වගේ මිනිස්සු අපිට මුහුණට මුහුණ මුණගැසෙන්නේ නැහැනේ.. අන්න එ්කයි දුක... පාසල් කාලේ ඉගෙනගත්ත බොක්සිං අමතක වේගෙන යනවා.

:       0       0

Nihal Saturday, 13 March 2021 03:37 PM

පාපිස්සෙන් වහන්න බැරි වූ සීනි බුර්කාවෙන් වැසිය හැකිද?

:       8       53

ana Saturday, 13 March 2021 03:42 PM

සෑම වර්ගයකම වර්ගවාදයෙන් විනාශ වී යන මගේ රටේ එයට විරුද්ධව හඬ නගන්න නැත්ද උගතුන් බුද්දිමතුන් නැත්ද? නැත්නම් බුදිද? කොමියුනිස්ට් වාදියනි, සිටිනවා නම් නව ආකාරයකින් අවදි වන්න. වර්ගවාදය ලෝකයම විනාශ කරන්න ආසන්නයි. අවදි වන්න. ජන වර්ග නොව මානව වර්ගය ආරක්ෂා කර ගන්න...

:       0       0

Perera Saturday, 13 March 2021 11:27 PM

කැබිනට් පත්‍රිකාවද අත්සන් කරපුවාම රෙගුලාසි නීතියක් සම්මත වෙනවද?

:       0       0

Nissam Sunday, 14 March 2021 03:04 AM

සජිත් ප්‍රේමදාස ජනාධිපති වූ පසු, ආයිත් බුර්කාව නැවත ලබාදෙනවා.

:       0       0

nimalka Sunday, 14 March 2021 04:28 AM

සිංහල, දෙමළ හෝ මුස්ලිම් වේවා..!!! අනාගතය සුරක්ෂිත වෙන්නේ ඒ ජන කොටසට ඇති ආර්ථික ශක්තියෙන් සහ ජනගහනයෙන්. එහෙම නැතිව බුර්කාවෙන්ද? බෝ ගස්, බුදුපිළිම, දාගැබ් ගණනෙන් නෙවෙයි.

:       0       0

සෙනෙවිරත්න Sunday, 14 March 2021 05:59 AM

මේක කෙරෙන වැඩක් නොවේ..

:       0       0

Asanga Monday, 15 March 2021 02:03 AM

දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය මේකනේ... අනේ මෙහෙමත් මිනිස්සු..

:       0       0

sharm warn Monday, 15 March 2021 03:58 AM

පාස්කු ඉරිදා කරපු අපරාධ බුර්කාවෙන්ද වහන්න යන්නේ මෙයා දැන්..? හැබැයි මද්‍රසා පාසල් නීතිගත කරනවලු. කාගේ වුවමනාවකටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 90 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 159 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 124 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 238 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 119 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 939 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site