( තිළිණි ද සිල්වා )
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට බ්‍රිතාන්‍යය අධිකරණයක් මගින් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවා ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.
පසුගිය වසරේ නිදහස් උත්සවය අතරවාරයේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයේ නිතර වූ එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසකට තර්ජනාත්මක අයුරින් සංඥාවක් නිකුත් කල බවට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල වී තිබිණි.
ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් අධිකරණය හමුවේ පසුගිය ජනවාරි 21 වැනිදා ඔහුට එරෙහිව පවරා තිබූ නඩු විභාගයේදී ප්‍රියංක ප්‍රනාන්දු මහතා වරදකරු කරමින් වරෙන්තු නිකුත් කර තිබුණි.
කෙසේවෙතත් ඊයේ (02) දිනයේදී එම අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුව යලි කැදවා ඇති අතර ඒ බ්‍රිතාන්‍ය , විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ කාර්යාලය බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ රාජ්‍ය තාන්ත්‍රීක වරප්‍රසාද පිළිබඳව තහවුරු කිරීමෙන් අනතුරුව යැයි ද එම තනාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.
කෙසේවෙතත් සියළු නීතිමය කරුණු පැහැදිලි කිරීම සදහා ලබන මාර්තු මස පළමු වැනිදා එම නඩුව යලි කැදවීමට ද තීරණය කර ඇති බවද තානාපති ආරංචි මාර්ග සදහන් කළේය.
මේ අතර මෙම සිද්ධිය පිළිබඳව පසුගිය කාල වකවානුව තුළ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දැඩි කතාබහක් මතුවූ අතර ඒ මෙම වරෙන්තු කැදවීම ශ්‍රී ලංකා රජයේ අනුදැනුමකින් තොරව සිදුවීම ගැන විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා මෙරට සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කැඳවා රජයේ ස්ථාවරය දැන්වීමට කටයුතු කළේය.
රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතිකව සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ.
යාපනය නුවර එ නවය මාර්ගයේ කිලිනොච්චිය නගරයේදී ටිපර් රථයක් යතුරු පැදියක ගැටී ඊයේ (25) සිදුවූ අනතුරකින් වයස අවුරුදු දෙකක කුඩා දැරියක මියගොස් අැගේ මව, පි
ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට බෙදාදීමට නිවාස ඒකක 1,888 සහ ප්රවිණ කලාකරුවන් සඳහා නිවාස ඒකක 108 ක් ඉදිකිරීමට චීන ආණ්ඩුව යුවාන් මිලියන 552 ක් හෙවත් රුපියල් කෝ
අඩු ආදායම් ලාභීන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් ආදායම පෙන්වා බදු නිදහස හිමිකරගන්නා තෙක් බැංකු පොලියෙන් අය කරන සියයට 10 ක බද්ද නැවත ජනතාවට දීමේ ක්
ශ්‍රී ලංකාව හැඩය ඇති දුර්ලභ ස්වභාවික නිල් මැණිකක් තමන් මිලදී ගත් බව රත්නපුර නිවිතිගල මැණික් ව්‍යාපාරිකයෙක් අද( 26) පැවසුවේය.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ගිහාන් ද සිල්වා මහතා අද (26) පෙරවරුවේ දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදී තනතුරේ රාජකාරී ආරම්භ කළේය
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි
Bamunuarachchi Sunday, 03 February 2019 05:52 AM
මාර වැඩේනේ දැන් අපිට බ්‍රිතාන්‍ය අධිකරණය නීතිය උගන්වන්න වෙලාවගේ...
Hafeel Sunday, 03 February 2019 07:09 AM
කොටින්ව යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පමණක් ප්‍රශ්න විසඳන්න නැහැ. ජාත්‍යන්තර මට්ටමින් ඔවුන්ව තාම පරාජය කළේ නැහැ. ජාත්‍යන්තරය දිනන්න නම්, විදේශ සේවයට සුදුස්සන් පත් කළයුතුයි. එහෙම නැතුව ඡන්දෙන් පැරදිච්ච දේශපාලන අනාථයෝ, දේශපාලන පලිගැනීමට ලක්වූවන්ව, රටේ නායකයාගේ බැග් උස්සන්නන් පත් කරලා හෝ ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යංශයට පවරන්නේ නැතිව නම් හෝ අපිට ජාත්‍යන්තරය දිනන්න බැහැ.
BamunuarachchiSunday, 03 February 2019 02:14 PM
ඔයටික කරන්න තමයි ඔක්තෝබර් මාසේ පෙරලියක් කරලා මහජන ඡන්දෙකට යන්න හැදුවේ. මෝඩයෝ හිතුවා ඉන්න අය එ් විදිහටම තියාගෙන රටපෙරට කියලා නම ගහගත්තාම රට පෙරට යයි කියලා. ඔය යන්නේ 180 කැරකිලා පෙරට... ඇමති මණ්ඩලේ 48 ඕනෙලු... පොළොන්නරුවේ එකට ඉස්කෝලේ ගිය කෙනා ආරක්ෂක අැමැතිවෙලා එක්කරගන්න බැරිව තානාපති වුනා.
Hafeel Sunday, 03 February 2019 02:51 PM
ඔය ටික ඇයි කරන්න බැරිවුණේ 2009 සිට 2015 දක්වා අවුරුදු හයක් බලයේ ඉදිද්දී? තවත් අවුරදු දෙකක් බලයේ ඉඳලත් කරන්න තිබුණනේ. ඇයි නොකළේ? ක්‍රිස් නෝනිස් වගේ කීර්තිමත් තානාපතිවරුන්ට හිටපු ජනාධිපති මහින්ද ඉදිරියේ පහර දෙනකොට, නිහඬ හිටියා. ආයිත් බලයට අාවොත් මේකමයි වෙන්නේ... අර බෑග් උස්සන්නන් විදේශ සේවාවේ හිටියේ, ඔබ කියන මහින්දගේ යුගයේ තමා...
BamunuarachchiSunday, 03 February 2019 04:24 PM
"ඔය ටික ඇයි කරන්න බැරිවුණේ 2009 සිට 2015 දක්වා අවුරුදු හයක් බලයේ ඉදිද්දී? " මොනවද හලෝ කතා කරන්නේ 2005 සිට 2009 වනකොට කරන්න පුලුවන් හරිය ඉහළින්ම කළා. කොටි පුළුටක් ඉතිරිකලේ නැහැ. තව අවුරුද්දක ඉන්නවද? නැද්ද? කියන එයාගේ වැඩක්... ඔයයි, මමයි වගේ හෙන්චයියන්ට ඒවා කතා කරන්න බැහැ. නිකන් පිස්සු කරන්න එපා හලෝ ක්‍රිස් නෝනිස් ඔහෙට කීර්තිමත් වුණාට ඒ ගොල්ලන්ට කීර්තිමත් නැහැ හලෝ. දැන් විදේශ සේවාවේ ඉන්නේ කව්ද? කතා කරනවා රටේ ආර්ථිකය... නැතුව නෝනිස්ලා ගැන කතාකරලා වැඩක් නැහැ. නෝනිස් කියන එක පුද්ගලයෙක් පමණයි. මහින්ද අවුරුදු 8 කරපු ව්‍යාපෘති ගැන, ලෝකයේ ආර්ථිකය වැටෙන කොට රටේ ආර්ථිකය ඊට සාපක්ෂ්ව රැකගත්ත හැටි. "ඔබ කියන මහින්දගේ යුගයේ තමා..." රනිල්ගේ යුගයේ මොනවද වුනේ?
Rata Perata Sunday, 03 February 2019 08:17 AM
මෙන්න මෙහෙමයි වැඩ කරන්න ඕනෑ. එහෙම නැතුව සමහර මෝඩ බමුණෝ වගේ, වළං කඩේට පනින ගොන්නු වගේ හැසිරෙන්න බෑ.
Laksitha paris Sunday, 03 February 2019 10:54 AM
මේ අය හිතාගෙන ඉන්නේ අපි මෝඩයින් කියලා.. කට වහගන හිටියොත් අපිටත් වැඩේ දීලා යයි.
palitha Sunday, 03 February 2019 11:14 AM
සිංහයෝ කවදත් සිංහයෝම තමයි!!!
tommy Sunday, 03 February 2019 12:17 PM
දැන් ඉතින් ඔය වරෙන්තුව රෝල් කරලා තියාගන්න තමයි වෙන්නේ...
Sapumal. Sunday, 03 February 2019 01:39 PM
ඩයස්පෝරාවට අධිකරණයට ගියත් මේ නඩුව සාර්ථක කරගෙන බ්‍රිගේඩියර්වරයාට දඬුවම් ලබාදෙන්න කිසිසේත් බැහැ. එහෙම පවසන දේට දඬුවම් දෙන්න ගියොත් ඒවාට වෙනමම උසාවි පිහිටුවන්න වේවි. මෙය අපට වැටහෙන ආකාරයට අපගේ දේශපාලන ඉල්ලීම් හෝ වරප්‍රසාදවලට එරට අධිකරණය සැලකීමක් හැටියට දැකීමට බැහැ. එරට අධිකරණ නීතිය කොයිකාටත් එකසේ ක්‍රියාත්මක වෙනවා. ඔප්පුකර ගන්න බැරිවෙන අභිනයක් පමණක් ඇති වෙනත් වචනයකින් හෝ සාක්ෂියක් නොමැති නඩුවක් වෙස්මිනිස්ටර් අධිකරණය වුවත් කෙසේ විභාග කරන්නද? අප දකින ආකාරයට මේ බ්‍රිගේඩියර්තුමාද එසේ මෙසේ මිනිසෙකු නොවේ. ශූර බුද්ධිමතෙකි. තනි පුද්ගලයෙකු වශයෙන් එතුමා මුළු මහත් ඩයස්පෝරාවටම දුන්නේ සුළුපටු පහරක් නොවේ. එයද කාටවත් දඬුවමක් දිය නොහැකි බුද්ධිමත් පහරකි. එයද අභිනයකි. ව්‍යංගාර්ථයකි.
Rasika Sunday, 03 February 2019 04:00 PM
එල්ටීටීඊ ආරක්ෂා කරන අයට නඩු නේද?
විකුම් රංගන Sunday, 03 February 2019 04:06 PM
එංගලන්තෙට ආවා නම්, ලංකාවේ දේශප්‍රේමීන්ද? එහෙම නැත්නම් දේශද්‍රෝහින්ද කියන දේ අදාළ නැහැ.. මොන විදිහකින් හෝ එංගලන්තේ වීසා එක දික්කරගෙන ජීවත් වීම තමයි ඔය දෙගොල්ලොම අපේක්ෂා කරන්නේ. ලංකාව ගිනි ගත්තට, එංගලන්තේ ජීවත් වෙන අයට ගැටළුවක් නැහැ. ගින්නක් නැත්නම්, ගිනි තියලා හෝ වැඩේ කර ගන්න. ඔය දෙපිරිසම දක්ෂයි. ඒ නිසා, ප්‍රශ්න විසඳන කෙනෙකුට වඩා, ප්‍රශ්න ඇතිකරන කෙනෙකු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු එංගලන්තෙ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින්ට වටිනවා. ගැටුමට මැදි වූ දෙගොල්ලොම ඉන්නේ එකම බෝට්ටුවේ...? යතාර්ථය නොදන්නා අය කටවහගෙන ඉන්න එක මේ දෙගොල්ලන්ටම යහපතක්. මෙතන ඇති දේශපාලනයක් නැහැ. ඇත්තේ... බඩ, කට, පිරෙන්න කාලා ඇඳලා ජීවත් වෙන්න උත්සාහ දැරීමයි. කොහොමත්, ලංකාවේ වගේ මෝඩයෝ එංගලන්තේ නැහැ.
BamunuarachchiMonday, 04 February 2019 01:02 AM
හලෝ ඔහෙට බඩ කට පිරෙන්න කන්න බොන්න ලැබෙන විට රට ජාතිය ආගම අමතක වුණාට තම රටේ ජාතික කොඩිය පාගන එකා දැක්කාම ඉවසන්න බැරි ජාතිමාමකයෝ ඕනතරම් ලෝකේ ඉන්නවා. ඔබලා වගේ අයට පිටරටදී ජාතිය ගැන හැඟීම් නැති වුනාට බොහොමයක් ලංකාවේ මිනිසුන්ට පිටරටදී ජාතික හැඟීම් තවත් වැඩිවෙනවා. එවන් මිනිසුන්ට ඉන්නරට එංගලන්තයද තූත්තුකුඩියද කියන එක ප්‍රශ්නයක් නොවෙයි. රට, ජාතිය ගැන හැඟීම් ඇතිවන්නේ තම රටේදී පමණක් නොවෙයි ලෝකේ කොහේ සිටියත් එහෙම වෙනවා. දැක්කා නේද රටට ආදරය කරපු සිංහල කොල්ලෙක් ඉන්දියානු හයිකාරයෙකුට ප්‍රසිද්ධියේ හොඳ පොලුපාරක් දෙනවා. නිවට නියාලු එවුන්ට ඔය උද්වේගකර හැඟීම් එන්නේ නැත. නිවටයින් කරන්නේ බඩකට පිරෙන්න කා කකුල දෙක අස්සේ අත්දෙක දමාගෙන නිදිය ගැනීමයි.
BamunuarachchiMonday, 04 February 2019 01:08 AM
නම විකුම් වුණාට තම රට ගැන තිබෙන හැඟීම් හරිම බාලයි. තවත් ඉන්නවා කට්ටිය නමින් වික්‍රමසිංහ යුද්දෙදි රටම පාවලා දෙන්නයි ලැහැස්තිය.
Samathasena A . Aluthgamage.Monday, 04 February 2019 03:06 AM
විකුම් මහතා, ඔබතුමාගේ "ලංකාවේ වගේ මෝඩයෝ එංගලන්තේ නැහැ..." යන කියමන ඉතාමත් පහත් බොළඳ කතාවක්... ඔබතුමාද ඔය සැපවත් ජීවිතයක් ගෙවන්නේ ලංකාවේ කීර්තිනාමය නිසා... ඔබතුමා ඇෆ්ගනිස්තානයේ වුණානම් එහෙම නැහැ. ලංකාවේ සමහර දේශපාලකයන් හා හෙන්චයියන්ගේ අධිකාරිය හොඳ මොළවලට පරිසරය විවර නොකළාට ලංකාවේ මොළ, මෝඩයින් ලෙස දැකීම තරම් මෝඩකමක් තවත් නැහැ. ලොව සන්නිවේදන විප්ලවයේ නියමුවා වන ආතර් සී ක්ලාක් මහතා මැරෙන තුරුම දිවිගෙව්වේ මේ මෝඩයන් සමග බව අමතක නොකරන්න. තවත් උදාහරණ බොහෝයි. ඔබතුමා නොදන්නවට ලොව බොහෝ දෙනෙක් සිංහලයාට හා ඔහුගේ හැදියාවට බෙහෙවින් ආදරය කරනා බව දන්නෝ දනිති. ඔබ කියන ඔය මෝඩයන්ට ඉහළට ඒමට තියෙන ඉඩකඩ සූක්ෂම අයුරින් අහුරා තිබෙන ලොව සමහර බලවතුන් එසේ කොට ඇත්තේ මේ මෝඩයන්ට බයේ බව ඔබ දන්නේ නැත. අප මෝඩයන් නම්, ඔවුන් අපට බිය ඇයි? ගැඹුරින් සිතා බලන්න. පිටරට සිටින අපගේ බොහෝ මොළ ඔබතුමා මෙන් නොවේ.
prabha Monday, 04 February 2019 12:11 AM
සාක්කි දෙන්න ආව සිංහලයන් දෙන්නා අනිවාර්යයෙන්ම පී.ආර්. නැති අය... දැන් හේතුවක් තියෙනවා දේශපාලන රැකවරණය ඉල්ලන්න. අවසානයේ ගොඩයන්නේ ඔය වගේ අය තමයි..
Bamunuarachchi Monday, 04 February 2019 02:06 AM
"ලංකාවේ වගේ මෝඩයෝ එංගලන්තේ නැහැ." මැට්ටෙක් වගේ කතා කරන්න එපා හලෝ ඔහෙට ලංකාව මතක් වෙන්නේ සුද්දෙක් " යු බ්ලැඩි නිගර්" කීවදාටයි.
ajith Tuesday, 05 February 2019 04:37 AM
ලෝකයේ බුද්ධිමතුන් අතර ලංකාව ඉන්නේ 02 වෙනි තැනට. 01 ඊශ්‍රායලය. ලංකාවේ මෝඩයෝ නැහැ. කණගාටුවකට තියෙන්නේ අපේ බුද්ධිමතුන්ගෙන් 42% ක් ම ඉන්නේ විදේශවල වීමයි.
jagath Tuesday, 05 February 2019 07:44 AM
ජාතිවාදීන්ට ආගම්වාදීන්ට මෙයා රජෙක් වගේ පෙනුනට බුද්ධිමතුන්ට මේ ක්‍රියාව මුලුමනින්ව රට පාවාදීමක් ලෙසයි බහුතරයා දකින්නේ