(තිළිණි ද සිල්වා)
ලෙබනනයේ බීරූට් නගරයේ සිදු වූ පිපිරීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර බේරූට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ගොඩනැගිල්ලට සහ තානාපති කාර්යාලයේ සේවකයින් බොහෝ දෙනෙකුගේ නිවාසවලට ද හානි සිදු වී ඇතැයි ලෙබනනයේ සිටින ශ්‍රී ලංකා තානාපතිනි ශානි කල්‍යාණරත්න මහත්මිය පැවසුවාය.
මෙම පිපිරුමෙන් තුවාල සිදු වූ තවත් ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු සොයමින් සිටින බවත් , ලේ දන් දීමකට හැර රෝහල් වෙත යෑම මේ වන විට තහනම් කර ඇති බැවින් අදාළ සොයා බැලීම් සිදු කිරීම අපහසු වී ඇති බවද තානාපතිනිය සදහන් කළාය.
පිපිරීම සිදු වී තිබෙන්නේ තානාපති කාර්යාලයේ සිට කිලෝමීටර් 25 ක් පමණ දුරින් වුවද එහි කම්පනය බොහෝ ප්‍රදේශයකට පැතිරීම හේතුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාල ගොඩනැගිල්ලේ පිවිසුම් දොරටුව වලට සහ තානාපති කාර්යාල සේවකයින්ගේ නිවාස වල වීදුරු ජනෙල් බිදී ගොස් ඇතැයිද තානාපතිනිය කියා සිටියාය. කෙසේ වෙතත් තානාපති කාර්යාලයේ කිසිවෙකුටවත් පිපිරීමෙන් තුවාල සිදුවී නොමැති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය. මේ වන විට ශ්‍රී ලාංකිකයින් 25,000ක් පමණ ලෙබනනයේ සේවය කරන අතර ඉන් බහුතරයක් ගෘහ සේවිකාවන් ලෙස කටයුතු කරන බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
බීරූට් අගනුවර ඊබ්‍රාහිම් වරායේ සිදු වූ විශාල පිපිරීම හේතුවෙන් අද (05) දහවල් වන විට පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් 4,000කට අධික ප්‍රමාණයක් තුවාල ලැබීම හේතුවෙන් එරට රජය විසින් මේ වනවිට ලෙබනනයේ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
ලෙබනන් ජනාධිපති මිෂෙල් එවන් පැවසුවේ අපරික්ෂාකාරී ලෙස ගබඩාකර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750ක් එම පිපිරීමට හේතු වී ඇති බවය. එම පුපුරණ ද්‍රව්‍ය තොගය වසර 6ක් පුරා එම ස්ථානයේ තිබී ඇත.ආපදාවට පත් පිරිසට උපකාර කිරීමට ඩොලර් මිලියන 66ක් නිදහස් කිරීමට ලෙබනන් රජය තීරණය කරනු ලැබ ඇතැයි විදෙස් ප්‍රවෘත්ති සේවා සදහන් කර ඇත.සහන සේවකයින් සුන්බුන් ඉවත් කරමින් සිටින අතර මරණ ගණන තවත් ඉහළ යා හැකි බවට අනුමාන කෙරේ.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
බීරුට්හි පිපිරීමෙන් ලෙබනනයේ සිටි ලාංකිකයන් දෙදෙනෙකුට තුවාල