IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බේරූට් වරාය නිලධාරීන් කිහිපදෙනකු නිවාස අඩස්සියේ

ලෙබනනයේ සිදුවූ දැවැන්ත පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇති හෙයින් බේරූට් වරාය නිලධාරීන් කිහිපදෙනකු නිවාස අඩස්සියේ තබා ඇතැයි ලෙබනන් රජය පවසයි.
 
ජනපති මයිකල් අවුන් පැවසුවේ මෙම පිපිරීමට හේතුව වරායේ ගබඩාවක අනාරක්ෂිතව ගබඩා කර තිබූ මෝනියම් නයිට්‍රේට් තොගයක් බවයි.
 
දෙවන ලෝක සංග්‍රාමයේදී ජපානයේ හිරෝෂිමා නගරයට එල්ලවූ පරමාණු බෝම්බයේ පිපිරීම් බලයෙන් දහයෙන් එකක පමණ පිපිරීමක් බේරූට්හි සිදුව ඇති බව බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ විශේෂඥයින් ගනනය කර තිබේ.
 
මෙය ඉතිහාසයේ සිදුවූ විශාලතම න්‍යෂ්ටික නොවන පිපිරීම් වලින් එකක් බවද ඔවුහු සඳහන් කරති.
 
රසායනික ද්‍රව්‍ය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියත් එය සිදුනොවූ බව රේගු ප්‍රධානී බද්රි ඩහර් කියා සිටියි.
 
වරායේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය තොගය අපනයනය කිරීම හෝ විකිණීම සිදුකරන ලෙස අධිකරණයෙන් කිහිප වරක්ම ඉල්ලා සිටි බව බේරූට් වරාය ප්‍රධානියා සහ රේගු අධිකාරියේ ප්‍රධානියා යන දෙදෙනාම මාධ්‍යයට පවසා ඇත.
 
උසාවිය විසින් රසායනික දුව්‍ය තොගය වරායේ ගබඩා කර තැබීමට නියෝග කළ විට එය භයානක බව ඔවුන් දැන සිටියේයැයි වරාය අධිකාරී හසන් කොට්රෙම් පවසයි.

කෙසේවුවද වගකිවයුත්තන්ට හැකි උපරිම දඬුවම් ලබාදෙන බව ලෙබනන් ශ්‍රේෂ්ඨාධිකරණ ආරක්ෂක කවුන්සිලය ප්‍රතිඥා දී තිබේ.
 
2014 ජුනි මාසයේ සිට මෙම ඇමෝනියම් නයිට්‍රේට් තොගය සම්බන්දව කටයුතු කළ සියලු වරාය නිලධාරීන් නිවාස අඩස්සියට පත්කරීම සඳහා අදාල බව තොරතුරු අමාත්‍ය මනල් අබ්දෙල් මහතා පවසයි.
 
 
(බීබීසි ඇසුරිණි - 085)



අදහස් (4)

බේරූට් වරාය නිලධාරීන් කිහිපදෙනකු නිවාස අඩස්සියේ

Raveendra Thursday, 06 August 2020 05:58 AM

මෙම අවාසනාවන්ත සිදුවීම "අප රටේ අදාළ අංශවල වගකීම් සහිත නිලධාරීන්ගේ අවධානයට ඍජුවම යොමුවේවා " යන්න අප තරයේ විශ්වාස කරන්නෙමු. මෙම සිදුවීමෙහි වීඩියෝ දර්ශන නැරඹීමේදී මහත්වූ බිය මෙන්ම තැති ගැනීමක් නැරඹූ ඕනෑම කෙනෙකුට දැනුණා නොවේද? එබැවින් වෙනත් කෙනෙකුගේ අත්දැකීම් අපගේ අත්දැකීම් ලෙස ගෙන ක්‍රියා කිරීමට හැකි නම් කරදර, ගැටළු පැමිණීමට පෙර විසඳුම්ද සොයා ගැනුමට ඉතා පහසු වනබව අපගේ හැඟීමයි.. මෙම අදහස් රටේ නායකයාගේ අවධානයට යොමු වේවා...!!!

:       5       267

anura Thursday, 06 August 2020 07:41 AM

ශ්‍රී ලංකාවේත් ඔය වැනි පිපිරීමක් වුණා ශාලාවේ ප්‍රදේශයේ. මම දන්නා තරමින් කවුරුවත් අත්අඩංගුවට ගත්තේ නම් නැහැ.

:       0       16

Rohana Thursday, 06 August 2020 09:57 AM

ලංකාවේ කොතැනක හෝ මෙලෙස අනාරක්ෂිතව පුපුරන ද්‍රව්‍ය ගබඩාකර ඇත්නම් ඒවාට උපරිම ආරක්ෂාවක් සැපයීමට හෝ ආරක්ෂිත ස්ථානයකට රැගෙනයාමට බලධාරීන්ගේ අවධානය යොමුවෙත්වා...!!!

:       1       71

Kuma Thursday, 06 August 2020 11:07 AM

පිපිරුණාට පස්සේ ඒවා බැරියැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 639 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 177 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 528 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 133 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1783 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site