IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වෙයි

මහ බ්‍රිතාන්‍යය අද (31) එරට වේලාවෙන් රාත්‍රී 11 ට යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතය.

බ්‍රිතාන්‍ය වසර 47ක් යුරෝපා සංගමයේ සාමාජිකයකු ලෙස කටයුතු කළේය. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වූයේ 2016 වසරේදීය. එම ක්‍රියාවලිය බ්‍රෙක්සිට් නමින් හැඳින්වේ.

බ්‍රිතාන්‍යයේ වත්මන් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීමේ ක්‍රියාවලියේ ප්‍රමුඛ චරිතයක් වන අතර එම ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා හෙතෙම ප්‍රධාන භූමිකාවක් නිරූපණය කළේය.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීමත් සමඟ නව යුගයක් උදා වන බව විඩියෝ පටයක් මුදා හරිමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කීවේය.

මේ වනවිට බ්‍රිතාන්‍ය පුරා මෙම ක්‍රියාවලියට පක්ෂව සහ විපක්ෂව විරෝධතා පැවැත්වෙන අතර බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර යුරෝපා සංගමයට අයත් ආයතනවලින් එක්සත් රාජධානියේ ධජය ඉවත් කිරීම මේ වනවිටත් ආරම්භ කර තිබේ.

අද රාත්‍රියේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වුවත් එය දීර්ඝ ක්‍රියාවලියකි. ඒ අනුව එක්සත් රාජධානිය ‘සංක්‍රාන්ති කාලයකට’ එළැඹේ. බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත් වුවද එය සිදුවන්නේ සෙමිනි.

ඒ අනුව ක්‍රියාවලිය අවසන් වන තෙක් යුරෝපා සංගමයේ ඇතැම් නීති බ්‍රිතාන්‍යයට අදාළ වේ. විශේෂයෙන්ම යුරෝපා සංගමයේ රටවල් අතර නිදහසේ ගමන් කිරීමට එම රටවල වැසියන්ට තිබූ අවසරය තවත් කලක් ක්‍රියාත්මක වේ. එම අවසරය බ්‍රිතාන්‍යයට අහිමි වන්නේ එළැඹෙන දෙසැම්බර් මාසයේදීය.

එම කාලයේදී යුරෝපා සංගමය සමඟ ස්ථීරසාර (නිත්‍ය) නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට එක්සත් රාජධානියට අවස්ථාව උදා වේ.

බ්‍රිතාන්‍ය මේ ආකාරයෙන් යුරෝපා සංගමයෙන් ඉවත් වුවද මෙම ක්‍රියාවලියේ ඉදිරිය සහ යුරෝපා සංගමයේ මෙන්ම විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ අනාගතය අවිනිශ්චිත යැයි ඇතැම් දේශපාලන විචාරකයෝ සහ විශ්ලේෂකයෝ මත පළ කරති.
මෙම වෙන්වීමත් සමඟ බ්‍රිතාන්‍ය සාමාජික රටවල් 28කින් සමන්විත යුරෝපා සංගමයෙන් ඉවත්ව යන පළමු රට බවට පත්වෙයි. 1973 වසරෙන් පසු එවැන්නක් සිදුවන්නේ පළමු වරටය.

ඒ.එෆ්.පී. 

055

 



අදහස් (2)

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වෙයි

විකුම් රංගන Friday, 31 January 2020 09:12 PM

එය එසේ සිදු උන එක යුරෝපා සංගමයට ගොඩක් හොඳයි. මන්ද, තව දුරටත් එංගලන්තය සුද්දන්ගේ රටක් නොවෙයි. ඉන්දියානුවන් ප්‍රමුඛ දකුණු ආසියානුවන් එංගලන්තය ග්‍රහණය කරගෙන හමාරයි. යුරෝපයේ දකින්නට ලැබෙන පිළිවෙල හා පිරිසිදුකම, මෙන්ම රජයේ පොදු සේවාවල ප්‍රමිතියත් දැන් එංගලන්තයේ බොහොමයක් ප්‍රදේශ වල නැහැ. තවමත් රජය මගින් ක්‍රියාත්මක කරන පිං පඩි ගෙවීමේ ක්‍රමයෙන් යුතු ප්‍රයෝජන ලබන මෑතකදී එංගලන්තයට පැමිණ සිටින තක්කඩි ශ්‍රී ලාංකිකයින් ඇතුළු දකුණු ආසියාතිකයින් නිසා, අතීතයේ එංගලන්තයට පැමිණි දකුණු ආසියාතිකයින්ට තිබු ගෞරවය නැතිව ගොස් තිබේ. මෙහි ප්‍රතිවිපාක බුක්ති විදීමට සිදුවී ඇත්තේ, අවංකවම උසස් අධ්‍යාපනය හැදෑරීමට නීත්‍යානුකුලව එංගලන්තයට පැමිණ සිටින සිසුන්ටයි. අනාගතයේදී, දරුණු ආර්ථික ප්‍රතිවිපාක වලට එංගලන්තයට මුහුණදීමට සිදුවනු ඇති බව විදෙස් දේශපාලක විචාරකයින්ගේ මතයයි.

:       0       0

Prase Saturday, 01 February 2020 05:40 AM

මගේ ව්‍යාපාරයක් නොවේ..

:       13       60

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 167 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 175 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 318 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 1034 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 950 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1260 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 456 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site