( හැටන් රංජිත් රාජපක්ෂ )
බිරිදට පොල්ලකින් පහර දි අමානුෂික ලෙස ඝාතනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් ඝාතනයට ලක් වු කාන්තාවගේ සැමියා වසර 14 කට පසු අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ විමර්ෂණ අංශය පවසයි.
2007 වසරේ සැකකාර සැමියා තලවකැලේ තැපැල් කාර්යාලයේ සේවය කර ඇති අතර , ඔහු තලවකැලේ වටගොඩ වත්තේ එවකට පදිංචිව සිට ඇත.
මෙසේ පොල්ලකින් පහර දි ඝාතනය කර ඇත්තේ ජෙස්මින් රංජනි නැමති (49) හැවිරිදි දෙදරු මවකි.
බිරිද ඝාතනය කිරිමෙන් අනතුරුව සැකකරු ඇඹිලිපිටිය තුංගම ප්‍රදේශයට ගොස් පදිංචි වි සිටියදි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදු කරන පොලිස් නිලධාරි කණ්ඩායමක් ඇඹිලිපිටිය ප්‍රදේශයට ගොස් 74 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන අද (23) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2009 වසරේ කල නියෝගයක් මත ඝාතනය සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ෂණ අංශය විසින් විමර්ෂණ කටයුතු ආරම්භ කර තිබුණි.
මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ෂණ අංශයේ ජෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රසන්ත ඩි සිල්වා මහතාගේ අධික්ෂණය යටතේ එම පොලිස් කණ්ඩායම සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ෂණ කටයුතු සිදු කරනු ලබයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේක
පොදු වරණීය බදු පහසුකම නොහොත් ජීඑස්පී ප්ලස් සමාලෝචනය කිරීමට එහි කණ්ඩායමක් අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පා
දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තාවේ.
පුද්ගලයන් දෙපිරිසක් ඇතුව ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.
බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් දේශපාලනඥයන් පොලිස් ප්‍රධානීන් ඇතුළු පහළොස් දෙනෙකුට එරෙහිව එම වධකාගාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මුල ලංකාවට පැමිණ අලුත් අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
බිරිඳ ඝාතනය කළ සැමියා වසර 14 කට පසු කොටුවෙයි
fairoos Thursday, 23 December 2021 01:21 PM
කොහොමද අපේ පොලිසියේ වැඩ නියමයි