(සුජිත් හේවාජුලිගේ )
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත් බෝම්බයක් තැබීමේ සිද්ධිය පිටුපස කුමන්ත්‍රණයක් සිදුවී ඇත්දැයි සොයා ගැනීමට දිගින් දිගටම විමර්ශන පවත්වන බව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පැවැසීය.
එසේම දේවස්ථානයට මෙම බෝම්බය රැගෙන ආ පුද්ගලයා හෝ පුද්ගලයන් කවුරුන්දැයි සහ එය කුමන අරමුණක් වෙනුවෙන් රැගෙන ආවා දැයි සොයා ගැනීමටද විමර්ශන පවත්වන බව පැවසූ පොලිස්පතිවරයා සිද්ධියේ සියලුම සැකකරුවන් තරාතිරම නොබලා නොපමාව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස විමර්ශන අංශවලට දැනටමත් නියෝග කර ඇතැයිද ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් ලැබී ඇති විද්‍යාත්මක පරිවේශනීය තාක්ෂණික සහ පුද්ගල සාක්ෂි පිළිබඳව අදාල ක්ෂේත්‍රයන්හි විශේෂඥයන්ගේද සහාය ලබා ගනිමින් අඛණ්ඩව විමර්ශන පවත්වන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 14 දෙනෙකුගෙන් දැනට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් වික්‍රමරත්න මහතා පැවසුවේය.
සිද්ධියේ විමර්ශන තවමත් අවසන් වී නැතැයි පැවසූ හෙතෙම විමර්ශන සඳහා සී.සී.ටී.වී දර්ශනද උපයෝගී කරගෙන ඇතැයි සඳහන් කළේය.
කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක තිබී මේ ආකාරයටම බෝම්බයක් මෙයට පෙර හමුවූ බවත් මාස තුනකට ආසන්න කාලයක් පුරා පැවැත්වූ පුළුල් විමර්ශනයකින් පසු සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පැමිණවීමට කටයුතු කළ බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බොරැල්ලේ බෝම්බය ගැන පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ජගත් ලියනගේ Friday, 14 January 2022 04:43 PM
ඔව්, c.c.t.v. බලපු විදිහෙන් අපිට හිතාගන්න පුළුවන් මොකක්ද වෙන්න යන්නේ කියලා...
p perera Friday, 14 January 2022 05:01 PM
කාදිනල් පියතුමා මතුකළ මූලික ප්‍රශ්නයකටවත් මෙතුමා උත්තර දෙන්නේ නෑනේ...!!!
Mama Friday, 14 January 2022 09:08 PM
පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් සැඟවූ ආයුධ පෙන්වීමට යාමේ දී, සැකකරුවන් මිය යෑම වැනි දෙයක් බොරැල්ල සිද්ධියේ දීද සිදුවී ඇති බව 99.9999% ක් පැහැදිලි වේ. දේශපාලනය නම් වන කඩයේ හොඳම පාරිබෝගිකයා පොලිසිය ද කියලත් හිතෙනව දැන් දැන් සිදු වෙන දේවල් බැලුවාම.
Lalith M Saturday, 15 January 2022 01:43 AM
නාමල් කුමාර අංක දෙක වෙයිද. පාස්කු අංක දෙක වෙයිද.
sumith Saturday, 15 January 2022 04:43 AM
සාමාන්‍ය ජනතාවට වැටහෙන දේත්, පොලිසියට නොවැටහෙන්නේ ඇයි? කාවද බේරගන්න උත්සාහ කරන්නේ සර්..?
Bunny Preena Saturday, 15 January 2022 09:15 AM
පොලිස්පතිතුමනි, බෝම්බය කුමන්ත්‍රණයකින් හෝ නැතිව වෙන විදිහකින් දැම්මත් අවසාන ප්‍රතිඵලය ජීවිත හානි, මහා විනාශයන් සිදුවීමයි. කාදිනල්තුමා සැකකරුවන් පිළිබඳව දීපු හෝඩුවාවන් ගැනත් හොයලා බැලුවොත් හොඳයි.., නිකන් බොරුවට අඳුරෙ අතපත ගාන්නේ නැතිව.