(ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි)
බ්‍රසීලයේ යපස් පතළක වේල්ලක් බිඳීයාම හේතුවෙන් අතුරුදන් වූ 300 කට ආසන්න පිරිසක් සොයමින් සහන කණ්ඩායම් වෙහෙසෙති. ගිණිකොණදිග බ්‍රසීලයේ සිදුවූ මෙම ඛේදවාචකය නිසා 9 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු කර තිබේ. අතුරුදන්වූ පිරිස ජීවතුන් අතර සිටියදී සොයාගැනීමට තිබෙන අවස්ථාව ඉතාමත් අල්ප බවද බලධාරීහු කියති.
යපස් නිධියක වේල්ලක් කඩාගෙන යාම නිසා ගලා ආ දැවැන්ත මඩ ප්‍රවාහයක ගිලී මෙම පිරිස අතුරුදන්ව සිටිති. මෙම පතළ පිහිටා ඇත්තේ බ්‍රසීලයේ මිනාස් ජේරියස් ප්‍රාන්තයේ ‘බෙලෝ හොරිසොන්තේ’ නුවරට ආසන්නයෙනි. ජීවතුන් අතර සිටින අය ඇත්නම් ඔවුන් සොයාගැනීම සඳහා හෙලිකොප්ටර් යානා සහ සහන සේවකයෝ යුහුසුළු වෙති.
මුලින් කියැවුණේ ‘වේල්’ නම් වූ පතලේ සේවයේ නියුතුව සිටි 150 ක පමණ පිරිසක් අතුරුදන්ව ඇති බවයි. එහෙත් සහන කණ්ඩායම් පවසන්නේ අඩුම වශයෙන් 300 ක් හෝ ඊට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවයි.
බ්‍රසීලයේ දැවැන්තම පතල් සමාගමක් වන ‘වේල්’ සමාගමේ පතලක් 2015 දීත් කඩා වැටිණ. මෙම පළාතේම තිබූ එම පතළේ වේල්ලක් බිඳී යාම හේතුවෙන් 19 දෙනෙක් මරු දුටහ. වසර 4 කට පෙර සිදුවූ එම ඛේදවාචකය බ්‍රසීලයේ සිදුවූ විශාලතම පරිසර විපත්තිය ලෙසින් සැලකිණ.
මිනාස් ජේරියස් පළාතේ ආණ්ඩුකාරයා වන රෝමියෝ සීමා මහතා වාර්තාකරුවන්ට කියා සිටියේ ජීවතුන් අතර ඉන්නා අය බේරාගන්න කළ හැකි සියලුම දේ කර තිබෙන නමුත් ජීවතුන් අතර සිටිය අය සොයාගැනීමට තිබෙන ඉඩ ප්‍රස්ථාව ඉතාමත් අල්ප බවයි.
“අපට හම්බු වෙනවානම් ඉතින් මළ සිරුරු තමයි” යයිද ආණ්ඩුකාරයා පැවසීය.
ආණ්ඩුකාර කාර්යාල වාර්තා වලින් ගෙනහැර දක්වන්නේ වේල්ල කඩාවැටෙන අවස්ථාවේදී 427 දෙනෙක් පතළේ සේවය කරමින් සිටි බවයි. ඔවුන් අතුරින් 279 දෙනෙක් ජීවතුන් අතර සිටිති. අනෙක් අය අතුරුදන් අය ලෙස සැලකේ.
පතළ අසළම පිහිටි බෘමාඩිනියෝ නගරයේ ජනගහණය 39,000 කි. පතලෙන් කඩාගෙන ආ දැවැන්ත මඩ ප්‍රවාහය නගරයට සෘජුවම කඩා වැදුණේ නැති නමුත් එහි මං මාවත්, වගාවන්, ගොවිපොළ මෙන්ම පාලමක් සහ නිවාස හරහා ඇදී ගියේ සුනාමියක් මෙනි. ඉනවටක් මඬේ ගිළී ගිය මිනිසුන් දුසිම් ගණන් හෙලිකොප්ටර වලින් බේරා ගන්නා ආකාරය රූපවාහිනී දර්ශන වලින් දැකගත හැකිවූයේය. කෙසේ වෙතත් මෙම බේරා ගැනීමේ ක්‍රියාදාමය බෙහෙවින් අසීරු වූයේ ඇතැම් ප්‍රදේශ වලට ළඟා වීමට තිබූ අසීරුතාව හේතුවෙනි.
“අපේ ඥාතීන් කෝ” යයි විපතින් ගැළවුණු අය අසති.
“මගේ අවුරුදු 5 ක වයසේ ඉන්න පුතා අහනවා එයාගේ තාත්තා මැරිලාද කියලා. මම එයාට මොනවද කියන්නේ” යයි මවක් අසයි.
පරිසර හිතකාමී කණ්ඩායමක් වන ‘හරිත-සාමය’ සංවිධානයේ බ්‍රසීල කාර්යාලය පවසන්නේ මෙම විනාශයට හේතුව බ්‍රසීල රජය අවවාද නොතකා හැරීම බවයි.
“බ්‍රසීල රජය මෙන්ම පතල් සමාගම් පවා ඉගෙන ගත යුතුව තිබූ පාඩම් නොතකා හැරීම නිසා මේ විපැත්තය සිද්ධවුණා....මේවා නිකම් හසිදි අනතුරු නෙමේ. පාරිසරික අපරාධ” යයි ඔව්හු කියති.
(බීබීසී ඇසුරිනි - 085)
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ මන්මෝහන් සිං මහතා නවදිල්ලි රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදි අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්
පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේදී ගිනිගත් කැබ් රථයේ තිබී පිළිස්සිී මියගොස් ඇත්තේ ගම්පහ දෙකටන ප්‍රදේශයේ පදිංචි අවුරුදු හැටහතරක් වය
කොල්ලූපිටිය ගාලු මෝදර හෝටලය ඉදිරිපිටදී අද (26) දහවල් පුද්ගලික බස් රථයකට යටවීමෙන් යතුරු පැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගිය බව කොල්ලූපිටිය පොලිසිය කියයි.
ඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ පනහක මුදලක් ව්‍යාපාරිකයකුගෙන් ලබාගෙන වංචා කළේ යැයි කියන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි පියුමාලී නැමැත්ත
ලොව වයස්ගතම ගී ගායන කණ්ඩායමට හිමි ලෝක වාර්තාව ’’ප්‍රයිම් ටයිමර්ස්’’ නම් ගායන කණ්ඩායම පසුගියදා හිමිකර ගත්තේය. ’’ප්‍රයිම් ටයිමර්ස්’’ ගායන කණ්ඩායමේ සා
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයට රැගෙන ආවේය.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
බ්‍රසීලයේ මඩ සුනාමියකින් 9 ක් මරුට : 300 ක් අතුරුදන්
Weera Saturday, 26 January 2019 07:20 AM
200 ක් අතුරුදන් බව අල්ජසීරා කිව්වේ. ඛේදවාචකයක්. කණගාටුව පලකරනවා මියගිය සහ අතුරුදන් අයවෙනුවෙන් .....
RUCHI Saturday, 26 January 2019 02:50 PM
ලංකාවෙත් රත්නපුර පැත්තේ පතල් හාරන හැරිල්ලට මේවගේ විනාසයක් අතලඟම එනවා කියල මට හිතෙන්නේ.
nalaka Saturday, 26 January 2019 05:04 PM
මෙයට සුනාමියක් යයි කියා කීම වැරදියි. සුනාමි ගැන ලංකාවේ මිනිස්සුන්ගේ නොදැනුවත් කම නිසා වෙච්ච හානිය අමතකද. මේක කිසිම සුනාමි තත්වයක් නෙමෙයි.
chandima Saturday, 26 January 2019 07:53 PM
ඉතාම කණගාටු දායක සිදුවීමක්. මගෙත් බලවත් ශෝකය... නමුත් අපේ දේශපාලඥයෝ ඕකට අහුඋනානම් මැරෙන්නේ නැහැ. ගණනක්වත් නැතුව කිසිදෙයක් නොවුන වගේ නැගිටලා එනවා. මොකද උන්ට වදින මඩ වලට මෙව්වත් මඩද?