IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


බේරේ වැවට පාවෙන තෙත් බිම්

(ඩයනා උදයංගනී)

දැනට අපවිත්‍ර වී පවතින බේරේ වැව පවිත්‍රකරණය කිරීමේ අරමුණින් එය වෙත ආධාරක මත රැඳවූ පැළ සහිත “පාවෙන තෙත් බිම්” දහසක් මුදා හැරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (21) පෙරවරුවේ සිදුකෙරිණි.

අවිධිමත් නාගරීකරණය, කොළඹ නගරය තුළ පිහිටි අපජලවාහිනී පද්ධති නිසි ලෙස යාවත්කාලීන නොවීම හේතුවෙන් බේරේ වැව අපවිත්‍ර වී ඇති අතර එහි ජලය පවිත්‍ර කිරීමේ අරමුණින් පාවෙන තෙත් බිම් වැඩසටහන අත්හදා බැලීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්.ඩී. සොයිසා මහතාගේ උපදෙස් පරිදි සිදුකෙරේ.

පීවීසී බට, උණ බට, ෆෝම් මෙට්ට ආදිය පාවෙන ආධාරක ලෙස යොදාගනිමින් කැනාස්, සැවැන්දරා සහ හෙලිකෝනියා වැනි ශාක රෝපණයෙන් ජල පවිත්‍රකරණය සඳහා කළ පරීක්ෂණය සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇතැයි පරිසර විද්‍යාඥ රනෝෂි සිරිපාල මහත්මිය පෙන්වා දී ඇති අතර ඒ අනුව බේරේ වැව වෙත තවත් පාවෙන තෙත් බිම් මුදාහැරීමට තීරණය කර ඇත.

පාවෙන තෙත් බිම්වල අන්තර්ගත ශාක මගින් ජලයේ වැඩිපුර ඇති පෝෂක උරාගැනීම සිදුවන නිසා ජලයේ ඇති ඇල්ගී ප්‍රමාණය අඩු වී ජලය පවිත්‍ර වීම, දුර්ගන්ධය පහව යාම මෙන්ම ඒ අවට ජීවත්වන ජීවින් සඳහා වාසස්ථාන සැපයෙමින් පාරිසරික සමබරතාවයක් පවත්වාගෙන යාම සිදු වන බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති එම්.ආර්.ඩබ්.ඩී. සොයිසා මහතා පැවසීය.



අදහස් (8)

බේරේ වැවට පාවෙන තෙත් බිම්

fairoos Tuesday, 21 December 2021 05:58 PM

බෙරේ වැව සුද්ද කිරීමට තමයි හොඳ මේ ආණ්ඩුව. රට ඉවරයි.

:       0       1

Nuwan Tuesday, 21 December 2021 06:43 PM

රොමේ ගිනි ගනිද්දී නීරෝ විනා වයනවා මතක් උනා.

:       0       2

nimelen Tuesday, 21 December 2021 07:14 PM

මේ පැල ටිකක් පා කරන්න මෙච්චර ජාතික ධනය නාස්ති කරලා උත්සව තියන්න ඕනේද? ජනාධිපතිම එන්න ඕන ද? මේ රට බංකොලොත් නොවී තියෙයිද මෙහෙම විකාර කරන කොට ? මම බටහිර හිටියා ටික කාලයක්..එහේ අඩුම ගානේ ප්‍රාදේශීය මන්ත්‍රියෙක්වත් එන්නේ නෑ මේ වගේ ඇබිත්තන් වැඩ වලට. අපේ ලොක්කන්ට රතු පාවඩ දාලා... මහා උත්ස්ව තියන්න ඕන මෙව්වාට... අනේ රටකට ගිය කලක්.

:       1       3

Lalith M Tuesday, 21 December 2021 08:20 PM

මේ සිල්ලර වැඩ කලාට දැවෙන ප්‍රශ්නවලට උත්තර නොදී මහජනතාව තැබූ විශ්වාසය නැති කිරීම භයානකයි. දැනටම මිනිස්සුන්ට ජීවත්වෙන්න බෑ. තරුණ ඡන්දවලට ගරු නොකරන රජයකට පැවතිය නොහැකිය. රජය ෆේල් රට ෆේල් ජනපති පාස් වෙන්න බෑ නේද.

:       1       1

jayath Wednesday, 22 December 2021 11:40 AM

මේ වගේ බොරු සෝබන නම් කරාවි, රටේ කප්පරක් ප්‍රශ්න තියනවා .බේරේ වැව සුද්ද කරාම ඔක්කොම හරියාවි .මුළුරටම කුණු වෙලා ජරාවෙලා ඕජස්ගලනවා. ඒවා එහෙම තියාගෙන පඩ ෂෝ දමනවා .විරුවාගේ මානසිකත්වය මේකෙන්ම තේරෙනවා .69 ලක්ෂයක් ම රැවටුනා නෙව

:       3       5

Darshana Wednesday, 22 December 2021 11:44 AM

හොද වැඩක් .....

:       3       5

fairoosWednesday, 22 December 2021 12:34 PM

වහල්ලු ඉන්නකම් රටට අබ සරණයි.

:       1       1

අමිල සිං Wednesday, 22 December 2021 12:50 PM

මොකුත්ම නැතුවට වඩා හොදයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 213 0

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 987 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 224 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1680 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2075 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 202 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site