IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


’’බාර්’’ විවෘත කරත් ආදායම සියයට 60කින් අඩු වෙලා

(සුජිත් හේවාජුලිගේ )

රට පුරා මත්පැන් අලෙවිසල්  විවෘත කර ඇතත්  ඒවායින් ලැබෙන ආදායම  සියයට 60 කින් පමණ අඩුවී ඇතැයි  සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

සාමාන්‍ය දිනකදී මත්පැන් අලෙවි සල්වලින් රුපියල් කෝටි 50ක පමණ  ආදායමක් ලැබුණද  දැනට ලැබෙන්නේ රුපියල්  කෝටි 20 කටත් වඩා අඩු  ආදායමක් බව  සුරාබදු දෙපාර්තමේන්තුවේ  උසස් නිලධාරියෙක් පැවැසීය.

ජනතාව අත මුදල් නොමැතිවීම  නිසා මත්පැන් අලෙවිසල් වෙත  ඇදී ඒම  සීමා වීම ආදායම අඩුවීමට  ප්‍රධාන හේතුව බවද හෙතෙම සඳහන් කළේය.

මෙයට අමතරව  පොදු ප්‍රවාහන සේවය නතරවීම, රජයේ සහ පෞද්ගලික ආයතන සේවකයන්  සියලුම දෙනා  සේවය සඳහා නොකැඳවීම, විනෝද ගමන් හා ප්‍රිය සම්භාෂණ  නතර වීම,  මත්පැන්  පාවිච්චිය සඳහා ස්ථානීය  මත්පැන් අලෙවිසල් සහ  අවන්හල්  විවෘත නොකිරීම  මත්පැන් අලෙවිය අඩුවීමට   බලපා ඇති සෙසු හේතු බව  දෙපාර්තමේන්තුව පවසයි.

රට පුරා සියලු මත්පැන් අලෙවිසල් කොන්දේසි සහිතව  පසුගිය  17 වැනිදා විවෘත කෙරිණ.

විවෘත කෙරුණු දින   මත්පැන් අලෙවිසල්වලට  විශාල වශයෙන් ජනතාව රැස්වූ බවත් පසුදින වසා දමාවි යැයි යන සැකයෙන්  ඔවුන් මෙසේ කටයුතු කළ බවත් සුරාබදු නිලධාරීහු පවසති.

මත්පැන් අලෙවිසල්වලට  ජනතාව පැමිණීම  සැලකිය යුතු ලෙස  අඩුවී ඇතැයි මත්පැන් අලෙවිසල්  හිමියන් පවසන බව  ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.



අදහස් (5)

’’බාර්’’ විවෘත කරත් ආදායම සියයට 60කින් අඩු වෙලා

යෝගා Thursday, 23 September 2021 02:31 PM

තාම කට්ටිය සෙට් වෙන්න බයයි. කලබල වෙන්න එපා ඕක ඇරිලා යයි

:       0       9

de silva Thursday, 23 September 2021 02:35 PM

එහෙම නම් නිසි ලෙස පෝලිම් හදලා මීටර් 1,5 පරතරයක් තබලා ආරක්ෂාකාරී ලෙස මත්පැන් විකුනන්න පුළුවන්නේ .බැලුවොත් පෙනෙන්නේ මත පැන් හලේ කව්ළුව ළඟ එක පොඩියට පොරකන මිනිස්සු .කරුණාකර සුරා බදු දෙපාර්තුමේන්තුව ,මේ ගැන සොයා බලන්න

:       0       4

Tilvin Thursday, 23 September 2021 04:02 PM

බොන්න තියා කන්නවත් මිනිස්සු ළඟ මුදල් නැහැ .දැනටමත් මන්ද පෝෂණය , තව මාස කිහිපයකින් මිනිස්සු මැරිලා වැටෙනවා මහා පාරේ

:       1       3

Sriland Thursday, 23 September 2021 04:20 PM

අපිට නිදහස ලැබිලා නෑ කියන්න හොඳම උදාහරණය බාර් ඕපන් කිරීම .සුද්දගේ වැඩ පිළිවෙල අදටත් ඉතාම සිද්ද වෙනවා .වෙනසකට තියෙන්නේ එදා සුද්දෝ අපේ සල්ලි අරන් ගියා .අද අපි සුද්දන්ට සල්ලි යවනවා

:       3       1

දිසා......ගම්පහ. Thursday, 23 September 2021 05:20 PM

රජයේ ආදායම් වැඩි කර ගැනීම පිනිස මිනිසුන් බේබද්දන් කිරීම තුලින් සිදුවන හානිය ඉතා විශාලය. සුරා බදු දෙපාර්තමේන්තුව දිනකට රුපියල් කෝටි 50 ආදායමක් ලබන විට , බේබද්දන් රෝගීව සුවපත් කිරීම පිනිස සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දරන වියදම කොතෙක්දැයි බලන්න. මත් ද්‍රව්‍යවලින් ආදායමක් සෙවිය යුත්තේ නම් ගංජා වගාව නීත්‍යානුකූල කොට අපනයනය කළ හැකිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 600 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 169 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 489 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1717 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 182 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site