IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බලාගාර සිද්ධිය ගැන අගමැති - හවුල්පක්ෂ හමුව එකඟතාවකින් තොරව අවසන් වෙයි

(අජන්ත කුමාර අගලකඩ)

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් ,අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පක්ෂ නායකයන් අතර ඊයේ (23) පස්වරුවේ පැවැති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් විය .

අගමැතිවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වල නායකයන් අතර මෙම සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී පැවැත්විණි .

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ ,දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර,විමල් වීරවංශ ,ඩග්ලස් දේවානන්ද , ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටිරාන් අලස්, සාගර කාරියවසම් , වීරසුමන වීරසිංහ ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එම සාකච්ඡාවට සහභාගි වූහ.

ඉදිරි අයවැය,පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කෙටුම්පත් සහ කොවිඩ් අර්බුදය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වී ඇත.

එම සාකච්ඡාව අතරවාරයේදී යුගදනවි බලාගාරයේ අර්බුදය සම්බන්ධයෙන් ද විමල් වීරවංශ ඇමතිවරයා මුලින් විමසා ඇත.

ඊට පිළිතුරු දී ඇති මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම ආයෝජකයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක පමණ ආයෝජන මෙරටට ලැබෙන බවත් ,එය රටට වාසිදායක ආයෝජනයක් බවත් පෙන්වා දී ඇත.

යුගදනවි බලාගාරයේ කොටස් පැවරීම ගැටලුකාරී බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඇමති වාසුදේව නානායක්කාර සහ වීරසුමන වීරසිංහ යන මහත්වරුන් ද පෙන්වා දී ඇත.

එම සාකච්ඡාව පැය දෙකක් තිස්සේ ගිය නමුත් ,එකඟතාවකින් තොරව අවසන් වී ඇත.

මේ අතර, සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඇමැති විමල් වීරවංශ මහතා යුගදනවි බලාගාරය සම්බන්ධ ප්‍රශ්නය ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු ඔහු සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කීවේය.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් අත්සන් කොට ජනාධිපතිවරයාට ලිපියක් භාර දෙන බවද ඔහු සඳහන් කළේය

 



අදහස් (21)

බලාගාර සිද්ධිය ගැන අගමැති - හවුල්පක්ෂ හමුව එකඟතාවකින් තොරව අවසන් වෙයි

Kumara Thursday, 23 September 2021 08:55 PM

විමල් ඉන්නවද

:       1       57

SISIRAThursday, 23 September 2021 10:21 PM

මේ අය එකතුවෙලා රටට වාසිදායක කිසිවක් කරන්න දෙන්නේ නැත.

:       50       18

ලක්විදුFriday, 24 September 2021 03:54 PM

සිසිර මහත්තයෝ ඔයා ක්ෂණික නූඩ්ල්ස් කාලා තියෙනවද? අන්න ඒවගේ තමයි මෙම ආයෝජනයෙන් රටට ලැබෙන වාසිදායක තත්වය...

:       1       12

අතුලFriday, 24 September 2021 05:31 PM

රටට වාසි නොවෙයි මහත්තයෝ, අදාල අයගේ "සාක්කුවට වාසියි". ඔබතුමාටත් කීයක් හරි ලැබෙනවාද? නැත්නම් ඔච්චර කැක්කුමක් මොකද?

:       0       0

Kalpa Thursday, 23 September 2021 09:34 PM

තව ටික දවසකින් කට්ටිය මියො වගෙ ඉඳි ඔන්න....

:       1       96

sampath Thursday, 23 September 2021 11:35 PM

මේ ඩීසල් බලාගාර පුද්ගලික අංශයේ ඒවා මේවා ගෙන් නිපදවන්න විදුලිය ආයෝජකයන්ට ගන්න දෙන්න අපි මේකට මැදිහත් වෙලා මේ තරම් විදුලි අර්බුදයක් හැදුවේ.

:       0       11

සෑම් Friday, 24 September 2021 05:46 AM

මොළයක් නැද්ද ඔච්චර සුළු දෙයක් තේරුම් ගන්න.

:       0       13

Demuni Uduwara Friday, 24 September 2021 06:00 AM

ඔබේ දැනුමෙන් තොරව ගිවිසුම අත්සන් කළ බැවින් කෙලින් තීරණයක් ගෙන රජයෙන් ඉවත් වන්න!

:       0       31

gunarathna Friday, 24 September 2021 06:58 AM

ජනාධිපතිතුමා ආවට පස්සේ මානුෂිකව හිතලා මේකට ඉඩ දෙන්න තීරණය කළා කියලා විමල් කියාවි.

:       1       35

Malika Friday, 24 September 2021 07:19 AM

ආපහු පාරක් මීටිමක් දාලා මේ ඔක්කොටම මල්ලක් පිරෙන්න ජාති දෙනවා කියලා, කැමති උනේ නැත්නම් අර ෆයිල් පෙන්නලා නඩු දාලා හිරේ දානවා කියපු ගමන් ඔය අත් ඔක්කොම ඉස්සෙනවා. 20 උනෙත් ඕකමනේ.

:       0       42

kamal Friday, 24 September 2021 09:03 AM

ඔය ෆයිල් ටික මෙහාට ගේන්න...

:       0       27

දාස Friday, 24 September 2021 09:17 AM

ඔයගොල්ලෝ ආදරෙ ඔගොල්ලන්ට , කරල තියෙන වැඩවලින්, ගහල තියෙන කොමිස් වලින්, රටත් අපිත් ණයකාරයෙක් කරලා තියෙන විදිය දැක්කම ,අපි දන්නවා. ඔයගොල්ලන්ට ගානක් එන් නැත්නම් ඒ වට තිත බව.

:       0       19

අප්පුවා Friday, 24 September 2021 09:43 AM

අපි කැමති උනත් නැතත් මහින්දයි අනිත් කට්ටියයි කරන්නේ ඒ අයට කැමති දේ මිසක් අපිට කැමති දේ නොවෙයි කියලා මතක තියා ගන්න.

:       1       28

ase Friday, 24 September 2021 11:01 AM

"එදා රනිල් රට විකුණනවා කියලා මහා ගෝරනාඩුවක් කරපු විමල්, රනිල්ට දොන් ජුවන් වික්‍රමසිංහ කියලා නම් පටබැදපු විමල්. අද රාජපක්ෂලා රට විකුණනන කොට ඒවට අත උස්සලා ඇවිත් රටට බොරු රංගන දානවා. විමල් සහ රනිල් අතර තියන වෙනස ඒකයි. හරි හෝ වැරදි රනිල් එදා තමන් ගෙනාව Regaining Sri Lanka වැඩපිලිවෙල වෙනුවෙන් පෙනී හිටියා. ඒ කොන්ද රනිල්ට තිබුණා." ඒ නිසා ඕවා එතරම්ම බරපතලට ගන්න එපා.

:       4       38

Nuwan Friday, 24 September 2021 11:28 AM

කාටවත් මතකද පොර්ට් සිටි ගනුදෙනුව. බටහිර හා නැගෙනහිර පර්යන්ත. මේ දුෂිත පාලකයෝ නැටුවේ මේ වගේ නාඩගමක්.

:       1       34

Don perera Friday, 24 September 2021 12:54 PM

මිනිසු තාමත් හරි මෝඩයි

:       1       29

Sanji Friday, 24 September 2021 01:11 PM

ආවාම බලන්න දෙයක් ඉතිරි වෙලා තියෙන්න ඒපැයි

:       0       20

beau Friday, 24 September 2021 03:03 PM

ඉස්සරහට මොනවා වෙයිද

:       0       8

SANJEEWA MILANO Friday, 24 September 2021 03:48 PM

බොරු නාට්ටි රඟන්නේ නැතිව ඉඳපල්ලා බන්... නුඹලා එකතුවෙලා තමයි ඕවා විකුණන්නේ. මහජනතාවගේ ඉදිරියේදී මුකුත් නොදන්න තොත්ත බබ්බු වෙන්න එපා. නුඹලගේ රඟපැම මිනිස්සු දන්නවා.

:       1       22

විපරමා Friday, 24 September 2021 06:38 PM

හවුල් කාර පක්ෂ ලෝකෙට පේන්ඩ බොරු රන්ගපෑමක් කරන්නේ. ලෙමන් පෆ් කකා උපවාසේ කරපු අය ගැනත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .

:       0       1

Rocky Friday, 24 September 2021 06:53 PM

කාටහරි රාජකීය කොමිස් පාරක් වැදිලා ඇති බව නම් ඒකාන්තයි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1719 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


පුපුරන ද්‍රව්‍ය සමග දෙකක් දඹුල්ලෙන් අල්ලයි
2024 සැප්තැම්බර් මස 07 1714 2

යම් අපරාධයක් කිරීමට පුපුරන ද්‍රව්‍ය තොගයක් රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.


සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 06 6949 2

අනුරාධපුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතතා ගමන් කළ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අනුරාධපුර හ


වතු බංගලාවේ බලෙන් සිටි රාජ්‍ය ඇමති අරවින්ද කුමාර් දොට්ට
2024 සැප්තැම්බර් මස 05 6077 4

අධ්‍යාපන රාඡ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි බව කියන හැටන් වැවිලි සමාගමට අයත් ලිඳුල ‘හෙන්ෆොල්ඩ්’ වතුය


රාජ්‍ය අමාත්‍යවරු හතරක් ඉවතට
2024 සැප්තැම්බර් මස 05 5465 4

රාජ්‍ය අමාත්‍යවරුන් හතර දෙනකු ජනාධිපතිවරයා විසින් ධුර වලින් ඉවත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.


ගෑස්-තෙල් බොරු පෝලිම් හදන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 05 4169 4

මහනුවර කටුගස්තොට පාරේ ඉන්ධන පිරවුම් හලක ව්‍යාජ ලෙස තෙල් සහ ගෑස් පෝලිමක් ඇතිකොට එය වීඩියෝ ගත කිරීමට තැත් කිරීමේදී මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් සහ පොලිස


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site